ඔය විදිහෙම තව ගේමක් තමයි රට යන්න මේසන් බාස්ල ගන්න එකත්.
ලොකු පඩියකට රට යන්න ඇඩ් එකක් දානවා. ගුවන් ටිකට් නවතන් ආහාර නොමිලේ. කඩිනමින් පිටත් වීම.
හැබැයි තෝරාගන්න පරීක්ෂණයක් තියනවා. වැඩ හොඳද බලන්න සයිට් එකක වැඩ කරන්න දෙනවා දවසක් හරි පැය දෙකක් හරි.(හාවා අනුව) ඊට පස්සෙ " වැඩ හොඳයි දන්වල එවන්නං" කියල යවනවා. එච්චරයි.
එතකං කෙරෙන්නෙ මේකයි. ඒජන්සි කාරය ගොඩනැගිලි සබ් කොන්ත්රාත් එකක් ගන්නවා බාස්ල සපයන්න. ඌට ඒකට බිල්ඩර් ගෙන් සල්ලි එනව. ඌ කරන්නේ ඉන්ටවීව් කිය කියා නොමිලේ වැඩ ගන්නවා. බාස්ලත් ඉතින් රට යන්න උවමනාවට දන්නා ඔක්කොම ශිල්ප දාල වැඩ කරලා දෙනවා.