මාසෙට රු.50,000 ක් හොයමු ද.

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ape gedaratath awa O/L karapu ekek.. uwa gonata andala manager kenek karanawa kiyala maasa 6n... uta ape amma banna gihin A/L karapan kiyala.. u kiyanawa A/L karana kaale wennakota man manager kenek loku padiyak ganna kiyala.. -_-
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අතින් කාල හරක් බලනව වගේ වැඩක් මේක.නොදන්න කමටයි අහන්නෙ අනුර කුමාරගෙ දූෂණ වංචා අල්ලන කමිටුවට මේව අදාල නැද්ද
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mamath a/l iwara wela results enna lan wela ceylico eke it ekata apply kara..un hena talk ekak ehema deela kiwwa puta inna balanna podi kossak thiyenawa..api ganna nam al pass wela thiyenna ona..e nisa ganna widihak na kiyala..baama kiwwa..

    ita passe kiwwa..mm..oya talented wage pena nisa nikan ma yawannath ba..mehemai..oya IT walata wada godak hodai sales karana eka..meke innawa dan bmw walin yana aya..e interview karapu kenath dan laksha 3k gannawa salary.awe sales karala thamai..lesi wade kiyala..

    mama kiwwa ba kiyala :lol: mama awa..mage yaluwo hitiya oya katta kana e dawas wala..owa hoyana eka lesi na..un dannawa maasa 3,4i oka karanne kiyala ona ekek..e kaale wada ganna balanne..
     

    piyal1234

    Member
    Jul 11, 2014
    14
    2
    3
    ;););););););););););)
    අංගුලිමාල;16246120 said:
    මාසෙට රුපියල් 50,000 ක් හෝ ඊට වැඩි ගණනක් හෝ හොයන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මම මේ කියන්න යන්නෙ.
    ආර්ථික අතින් ඉතා සංවර්ධිත රටක් නොවන නිසා අපේ රටේ තරුණ පරපුරට රු.50,000ක් කියන්නෙ ලොකු ගානක්. ඒ කියන්නෙ සිංහලෙන් කියනවා නම් "ගොඩ යන්න පුළුවන්" ගානක්.
    අන්න ඒ නිසා 50,000 ක් දෙනවයි කිව්වහම ඕනම කෙනෙක් පොඩ්ඩක් හැරිලා බලනවා.

    බොහෝ දෙනෙක් පත්තර වල දැකල ඇති මාසෙට 50,000 කට වඩා උපයන්න කියල දැන්වීම් තියනවා. නොමිලේ පුහුණුව, පුහුණුවෙන් පසු ජංගම දුරකතනයක්, වාහනයක්, ඇතුළු විධායක ශ්‍රේණියේ නිලයක් ලැබෙනවා. අලුතෙන් එන අයව පත් කරන්නේ වෙළෙඳ විධායක වරු හැටියට.

    ඔන්න ඕක ගැන තමයි මම කියන්න යන්නේ.

    වැරදිලාවත් යන්න හිතන් ඉන්නවනං හරි දන්න කෙනෙක් යන්න හදනවනං හරි අනිවාර්යයෙන්ම මේක කියවන්න.

    ඕනම කෙනෙක් ගිය ගමන් ලොකු ඉන්ටවීව් එකක් කරලා අදි මදි කරලා තමයි "උදව්වක් හැටියට" බඳවා ගන්නේ. (හැබැයි ඉන්ටවීව් නොගිහින් හිටියත්, ගංජා ගහල ඉන්ටවීව් එකට ගියත් බඳවා ගන්නවා.)

    ඊට පස්සේ "පුහුණුව" ලබා දෙනවා. ඉන්ටවීව් එකට ගිහින් ඉන්නකොට හරි පුහුණුවට ගිහින් ඉන්න කොට හරි පෙනෙයි දැනට වැඩ කරන කට්ටිය එනවා පඩි ගන්න. එක්කෙනෙක් 60,000ක් 70,000ක් විතර අරන් යනවා. ප්‍රසිද්ධියේම.

    ඔන්න පුහුණුවේදී කියා දෙනවා අතට අත දෙන හැටි, ආචාර කරන හැටි, බඩු විකුණන හැටි. ඔක්කොම.

    මුල් කාලය තුල ලැබෙන්නේ පොඩි දීමනවකුයි කොමිෂන් එකකුයි තමයි. හැබැයි ඒත් දවසට ඉතාම පහසුවෙන් ලොකු ගානක් හොයන්න පුළුවන් විදිහ පෙන්නලා දෙනවා. යන කෙනාටත් හොඳටම පේනවා මේක අමාරු වැඩක් නොවෙන විත්තිය. මාසෙට 50,000 නං හොයන එක නතිං බව පේනවා.

    ඔන්න මුල්ම දවසේ වැඩට යන්නෙ කිරිබත් කාල. ටයි දාල හොඳම ඇඳුම ඇඳල. ගියහම කැඩිච්ච බෑග් එකක දාල පිටකොටුවෙ පේව්මන්ට් එකෙන් ගත්ත 20 කෑලි ටිකක් දෙනවා ගිනි ගානට විකුනන්න. ඔන්න ගමන පටන් ගත්තහම තමයි තේරෙන්නේ තමන් අහු වෙලා තියෙන්නේ මොන වගේ ගේමකටද කියල. කවුරුවත් ඒවා ගන්නේ නෑ. කකුල් කඩෙනකම් ඇවිදලා හවස ගෙදර යනවා. මොනවා හරි විකුනුනොත් ඒක බිස්නස් කාරයට. අරූට මොකවත් නෑ මොකද කොමිෂන් දෙන්න ටාගට් එක පහු කරලා නැති නිසා.

    ආපු ලජ්ජාවට කියලත්, පස්සේ හරියයිද බලන්නත්, ගමේ මිනිස්සුන්ට මූණ දෙන්න බැරි හින්දත් ඔහේ ඉන්නවා. බඩගිනි උනහම තේ එකක් බොන්නවත් සල්ලි නෑ. ගෙදරින් ඉල්ලං එන කීයකින් හරි දවසටම තේ එකක් බොනවා.

    අන්තිමේදී මාසේ ඉවර වෙලා නවතිනවා. පඩි නෑ මොකද සේවය අත හැර ගිය නිසා. මුළු මාසයක් අතින් කාල කකුල් කැඩෙනකන් ඇවිදලා මුදලාලියට කීයක් හරි හොයල දීල විතරයි. එතකොට කොල්ලට මොකද වෙන්නෙ? මොනවද ලැබිල තියෙන්නෙ?

    හදිස්සියකට ඉන්ටවීව් එකකටවත් දාන්න තිබුන සපත්තු දෙක ගෙවිල කැඩිල ඉවරයි. ආයේ ගන්න සල්ලි නෑ.
    ගමේ මිනිස්සු අහන ඒවාට දෙන්න උත්තර නෑ.
    තිබුන ඇඳුම් දෙක තුන ඉවරයි.
    ටවුමෙ හිඟන්නෙක් වගේ චාටර් වෙලා. ආයේ කඩේකට වත් මූණ දෙන්න බෑ.
    තමන්ගේ වටින තරුණ ජීවිතෙන් කාලයක් ඉවරයි.

    අන්න ඒක නිසා කවදාවත් ඒ දැන්වීම් වලට යන්න තියා ඒවා දිහා බලන්නවත් එපා. පුළුවන් නම් මේ ලිපිය ඊ මේල් වලින් අනිත් යටත් යවන්න.
    සල්ලි ගොඩක් ඉක්මනට දෙනවා කියනවා නං එතන මොකක් හරි කොස්සක් තියෙනවා. සල්ලි ගොඩක් ඉක්මනට ගන්න ලේසි ක්‍රම නෑ. මම මේක ලිව්වේ මේ වගේ දෙන්නෙක් අදත් දැකපු නිසා. මේක පටන් අරන් ගොඩක් කල් වෙනවා. ඩිරෙක්ට් මාකටිං ද මොකද්ද කියල කියන්නේ. මම හිතුව දැන් ඉවර ඇති කට්ටියට තේරිලා කියල. බලද්දී නෑ.

    හොඳට මතක තියා ගන්න ඔය ජාතියේ ඕනම තැනකට ගියහම ඉස්සෙල්ලම කියන්නේ ඔය මම උඩින් කියල තියෙන ටිකම තමයි. ඊට පස්සේ කියනවා "අපි නං එහෙම නෑ. අපේ කොම්පැනිය රජයේ ලියාපදිංචි..........." ආදී වශයෙන්. ඔය මොන බයිලා ගැහුවත් අහු වෙන්න නං එපා. අර ඉස්සෙල්ලම 60,000 70,000 පඩි ගන්න එන උන් උන්ගේම උන්. ඒකත් ට්‍රික් එකේ කෑල්ලක්.

    ඒ හින්ද දන්න හැම කෙනෙකුටම කියන්න. විශේෂයෙන් විභාගේ කරලා ගෙදර ඉන්න අයට, රස්සාවල හොයන අයට, මේවට අහුවෙයි කියල හිතෙන අනිත් ඕනම කෙනෙකුට.

    ඩිරෙක්ට් මාකටිං කරවන කට්ටිය මට කුණුහරුපෙන් බනින්න.:rofl::rofl: