මාස 7ට වෙඩිතැබීම් 68ක් – මරණ 37ක් 💥💥💥 🔫

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,227
    8,365
    113
    Tattoo-parlor-owner-Dulan-arrested-Millions-in-bank-for-helping-to-kill-Club-Wasantha-696x391.jpg


    මේ වසරේ ගත වූ මාස 7ක කාලය තුළ දිවයින පුරා වෙඩිතැබීමේ සිදුවීම් 68ක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා.

    අද (14) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා විසින් පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව අනාවරණය කෙරුණා.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2025.01.01 වන දින සිට 2025.07.13 වන දින දක්වා වූ කාලය තුළ මෙම වෙඩිතැබීම් වාර්තා වී ඇති අතර, ඉන් 50ක් සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වෙඩිතැබීම් බවත් සෙසු 18 වෙනත් පුද්ගලයින් හා පෞද්ගලික හේතු අරමුණු කරගනිමින් සිදුකරන ලද වෙඩිතැබීම් බවයි.

    අදාළ වෙඩිතැබීම් 68න් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඒ අතුරින් 34 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් වන බවත් සමස්ත වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 39ක් තුවාල ලබා ඇති අතර, ඉන් 30 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

    මේ අතර, මෙම වෙඩි තැබීම් හා සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරනු ලැබූ විශේෂ මෙහෙයුම්වලදී ටී -56 ගිනිඅවි 23ක්, පිස්තෝල 46ක් සමඟ දේශීය හා විදේශීය ගිනිඅවි 1,165ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, වෙඩිතැබීම් 68 සම්බන්ධයෙන් වෙඩික්කරුවන් 24 දෙනෙකු සහ පැදිකරුවන් ලෙස කටයුතු කළ 15 දෙනෙකු සහ ආධාර අනුබල දුන් 150ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවසුවා.
     
    • Love
    Reactions: Naughtykolla48