මාළු ටැංකියක් හදාගන්න ඕන මට. මාළු මොනවද හොඳ ගන්න? ටැංකි මොනවද හොඳ ගන්න? කොහෙන්ද ගන්න පුලුවන්? දන්න අයගෙන් හෙල්ප් එකක් ඕන.. මං මේ සම්බන්දව දන්නෙම නැ
15+ ගානේ දෙනවා
1. වීදුරු ටැංකියක් ගනින්. ඒකට ඔ්නි ජාතිත් ගනින් (ගල් වර්ග, ෆිල්ටර්, පැළෑටි වර්ග, ඔක්සිජන් යුනිට් 1ක්, ලයිට් 1ක්, තව දේවල් උඹේ අවශ්‍යතාවය අනුව)
2. මාලු වර්ග - කාෆ්, ගෝල්ඩ් ෆිෂ්, කැට් ෆිෂ් වගේ මාළු වර්ග හදන්න ලේසී
ප.ලි. - උඹ ටැංකිය තියන තැන අනුව, ගෙදර පොඩි උං ඒහෙම ඉන්නවා නම් ගැලෙපන විදියට හිතලා බලලා ටැංකියක් තෝරාගනින්. වීදුරු අරගෙන උඹටම අලවා ගන්න පුළුවන්නම් ටිකක් අඩුවට හදාගන්න පුළුවන්. හයිය තියන ස්ටෑන්ඩ් 1කකුත් හදාගනින්. ටැංකිය ගත්තට පස්සේ ටික දවසක් වතුර දාලා පල් කරපන්. ඒ්කට ඔ්න කෙමිකල් වර්ග මාලු ගන්න තැනින් අහලා හිටහන්. ටැංකියකට ලොකු මාළු 2-3ක් දානවට වඩා ලස්සනයි බං පොඩි මාලු ගොඩක් දාපුවම. ලස්සන පොඩි මාළු වර්ග ගොඩක් ඉන්නවා. උන් දාපුවම Live Aquarium ඒකක් විදියට උනත් තියාගන්න පුළුවන් බං. මොන ටැංකියක් හැදුවත් බෝතලේක අැති කරත් පරිස්සමින් කැපවෙලා බලාගන්න ඔ්නි බං. නැත්තම් අර අහිංසක සත්තු ටික මැරිලා යයි. කම්මැලි වෙලා මාළු හදන්න බෑ පුති. සති 2-3කින් ටැංකිය හෝදන්න ඒහෙම වෙලාව තියෙන්න ඔ්නි.