මියුසික් දඩි බිඩි වැඩියි මල්ලී.....
එහෙම වුනාම අවදානය යන්නේ මියුසික් එකෙ තානයට, හයිපර් වොලියුම් එකට....ගීතයෙන් කියන දේට නෙවෙයි. දැන් හොදම නිදසුන ශය සුසුම් පවන් වැදී...ඔය මියුසික් එක නැතුව බොහොම ලාලසාත්මක මියුසික් එකක් ආව නං ඕක බොක්කේ අන්තිම කෙළවර ඉක්මවලා ආත්මෙ කෙළවරට වදිනවා.....
ඔව් ඒක ඇත්ත. ඔතන මෙහෙම දෙයක් තියෙනවා. චාමර ආවේ රැල්ලත් එක්ක. මුලින්ම සින්දු කියන්න ආවේ වෙරලියද්දගේ වගේ කටහඬ තියෙන නිසා. ඒ දවස්වල වේරලියද්ද (දැනුත් එහෙම තමයි) පට්ටම ජනප්‍රියයි නේ. ඉතින් purple range එකේ එවුන් musical show වලදී වේරලියද්ද වෙනුවට පාවිච්චි කරන්න චාමරව ගත්තා band එකේ ගායකයෙක් විදියට.
පස්සේ උගේ voice හොඳ නිසා ඌට සින්දු ලැබුනා උගේම කියලා කියන්න. ඒත් ඒවා ගොඩක් target වුණේ බස් කාරයින්, wheel කාරයින් සහ සජීවී ප්‍රසංග සඳහා.
ඔය බැද්දට සඳ වගේ, අඩි සීයේ පාර ගාව වගේ ගොඩක් සින්දු කිව්වේ සජීවී ප්‍රසංග සඳහා. ඊට පස්සේ පළමු පෙම්වතා, ගුරු ගෙදරට වගේ සින්දු හැමෝම අතර ජනප්‍රිය වුණා සාමාන්‍ය මිනිස්සු අතර. ඊට පස්සේ තමයි හිමීට ඌ ප්රබුද්ද මට්ටමේ සින්දු කියන්න හැරුනේ.
මම හෙනම ආසයි උගේ natural voice එකට. ඌ ඔය හැම පැත්තකටම අදාළ සින්දු කියපු නිසා තමයි හැමෝම ඌට කැමති. අජිත් මුතුකුමාරනගෙත් චාමර වීරසිංහ ගෙත් වෙනස ඒකයි. දෙන්නම එකම කාලේ කරලියට ආවේ.
මම ඉස්සර මුගේ සින්දු අහලා තිබ්බට දැකලා තිබ්බේ නෑ මොන වගේද කියලවත්. ඉස්සෙල්ලම ඕකව TV එකේ දැක්කහම හිතා ගන්නත් බැරිවුනා මූටද මෙච්චර ලස්සන කට හඬක් තියෙන්නේ කියලා. මූ ඉස්සර TV programs වලට එහෙම එන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පස්සේ එක සැරයක් ස්වර්ණවාහිනියේ program එකකට ඇවිත් කිව්වා TV එකේ පෙනී සිටින්න කැමැත්තක් තිබ්බේ නෑ කියලා. ඌ හිතුවලු උගේ පෙනුම නිසා ජනප්‍රියත්වය අඩු වෙයි කියලා.
මොනව වුනත් මම නම් හිතන්නේ චාමර කියන්නේ අපේ කාලයේ ජෝතිපාල කෙනෙක් කියලා.