මා_කැම්පස්_ගොස්_නැත

VPNLokka

Banned
Jun 22, 2017
184
15
0
මා_කැම්පස්_ගොස්_නැත

18528064_453766281638129_6831682221907337731_n.jpg


18622652_453766324971458_725118322685271014_n.jpg


18485910_453766351638122_4450612131606678235_n.jpg


18519892_453766381638119_4573107084602503468_n.jpg



18556119_453766434971447_4847523094781462321_n.jpg


මා කැම්පස් ගොස් නැත...උසස්පෙළ කාලයේවත් මට විශ්වවිද්‍යාලයකට යන්නට උවමනා නොවීය...මා ආශාකල එකම විශ්වවිද්‍යාලය පේරාදෙණිය පමණි එයද එහි තිබූ සුන්දරත්වය නිසා මිස ඉගනුමට නොවීය...වරෙක මා හා මිතුරන් පේරාදෙණි ගියේ EngX හෝ ඒ ආසන්න නමක් තිබූ ප්‍රදර්ශනක් බැලීමටය...ඒ හැරෙන්නට මා විශ්වවිද්‍යාලයකට පයවත් තබා නැත...නමුත් මා සෙරෙප්පු හිල්වනතුරු ...පෙට්‍රල් ටැංකිය හිස්වනතුරු...රස්තියාදුවේ ගොස් ඇත...එලිමහන් සිර කදවුරේ රංජි අයියාගේ සිට...කෝනේශ්වරන් කොටුවේ තොප්පිකඩේ රංජි අයියා දක්වා මිනිස්සුන් ඇසුරු කර ඇත්තෙමී...ඉන් බෝහෝ උන් සල්ලී කාරයන් නොවෙති...මාර්කට්ටුවේ මිටි උස්සන රගූ හා තෝසයක් කා ප්ලේන්ටියක් ගැසීමට මා කිසිවිට පසුබට නොවෙමි...
පසුගිය දිනක මුහුණු පොතේ තිබූ ඡායා රූප කිහිපයක් හා වීඩියෝ කිහිපයක් නිසා මා මෙය ලියමි...ඉන් එකක තිබුනේ සරසවි සිසුවෙකු කිහිලි ගන්වාගෙන යන පොලිස් නිළධාරියෙකි...තවත් එකක...කදුලු ගෑස් කෑ දෙඅත් අහිමි සරසවි සිසුවෙකුගේ කදුලු පිහින සගයන් කිහිප දෙනෙකි...සාර විට මාමාගේ කදුලු පිහින කොල්ලන් රැලකි.. පොල් පටවනවා මෙන් ජීප්පුවකට සිසුන් පටවනවාද දුටිමි...පාරේ උන්නවුන්...පොලිසියට සාප කරනවාද දුටිමි...සියල්ල සාරාශකොට ගත්කල...විහාර මහා දේවී සංග්‍රාමය දුටිමි...
සීසන් ටිකට් පතෙන් උදේ හයේ කහ පාට ලංගමේ ...මධ්‍ය විද්‍යාලයට ගිය මා නිදහස් අධ්‍යාපනයට බොහෝ සෙයින් ආදරය කරමි...අධ්‍යාපන මුදලට විකිණෙනවාට මා විරුද්ධය...මාගේ පියා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් දැන් වසර දහයකටත් වැඩිය...බොහෝ විට සති අන්තයේ මදුවිතින් මත්වීම දැන් තාත්තාගේ විනෝදාංශය වී හමාරය...පඩි ගත් දාට...කුඩ්ඩාට කුඩුද..උපාසකට මල්ද අරන් දීම මාගේ සිරිතය...ඉතින් තාත්තාට මා ගෙනයන්නේ බෝතලයකි...ඔහුම සාදාගන්නා කටගැස්මත් සමග මත්වන තාත්තා බෝතලයත් සමග මාද රැගෙන විටෙක අතීතයට යයි...තොට ලග බෝම්බය...ආමර් වීදියේ බෝම්බය...අලිමංකඩ ප්‍රහාරය...විජය කුමාරණතුංග ඝාතනය වැනි සිදුවීම් අතරින් රිංගා යන තාත්තා...සරසවි සටන්...ගැනද නොකියනවාම නොවේ...අනූව දශකයේ මුල බාගයේ කොළඹ විශ්වවිද්‍යාලය දෙපස ළදරු පාසල් ඉදිරියෙන් යනුවෙන් පුවරු දෙකක් එකල පොලීසිය විසින් උපහාසය පිණිස සවි කලාලු...විනිවිද පෙනෙන ආවරණ නොතිබුන එකල...එකෙකු පහලට අදින වේවැල් ආවරණයට ඉහලින් හෙල්මට්ටුව තලන්නට සිසුන් ඉතා දක්ශයිලු...සිවුරේ දවටා සාමනේර හිමිවරු කදුලු ගෑස්...ආයෙම පොලීසියටම ගැසුවාලු...තාත්තාගේ වචන වල තරහක් වයිරයක් නැත...ඇත්තේ සුන්දර මතක පමණි...ඒ සුන්දර බව දැන් ශිෂ්‍ය සටන්වල නැත...සිසුන්ද පොලීසියද ....එකය...උන් මුන්ට ගසති මුන් උන්ට ගසති...නමුත්...අරමුණ අනුව මට පැත්තක් ගන්නට වේ නම් මා ගන්නේ සිසුන්ගේ පැත්තය...හේතුව ලංකාවේ සමහරුන්ට අනුව මාද කුහකයෙක් වීමය ...නිකම්ම කුහකයෙකු නොව දුප්පත් කුහකයෙක් වෙමි...සල්ලී තිබ්බනම් දක්ෂයෙකු නොවන උසස් පෙළ ජීව විද්‍යයා අංශයෙන් යන්තම් C සාමාර්ථ දෙකයි S සාමාර්ථයක් ලැබූ මටද වෛද්‍යවරයෙකු වන්නට තිබිනි...නමුත් මට ලක්ශ 120ක් නැත්...දක්ෂයාට නෙලන පොලීසීයේ සියල්ලන්ගේම දරුවන්ටද එසේය...අවසන කියන්නට ඇත්තේ එකකි...ලංකාවට කෙලවී හමාරය...තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි.
 
Last edited:

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    me gena kiyannata mata nam kumakwath netha lankawa yana athata apida yannemu. mamada wishwavidyalayata nogiyemi eheth peradeniye hugaak awidaa atha yaluwo samaga. mama edaa usaspela samath uwada wishwa widyalayata nogiye an kawarak nisaawath nowa mudal ipayeemata athi asaawa nisaaya. usas pela ganithaya angshayen usas prathipala mama lebuwemi eheth mama kale accountant kenek hetiyata pitarata company ekakata gos riyal upayapu ekaya mage yaluwo ada engineruwo dostharawaru wee atha mama ada lokaye thiyana itha usas company ekaka jyeshta paripaalana niladaariyek wemi. ape demawpiyo madyama panthikayoya. mage yaluwo engineruwo dostharala guruwaru uwada ada wenakota e ayeg padiyen 75% kma gewanne nayaya. mama ada kisima kenekuta atha nopaa eka rupiyalakada nayak nethiwa yaana wahana athi athi sukopabogi jeewithayak gewami. mage mathaya nam iganeemen hemadeema labanna beri bawai uthsaahaya saha, kepaweema saha thaman ipayeemata pipaasithanam oya wishwawidhyala araka meken wedak netha. awasya wanne mudal ipayeemata adahasak pamani.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැම්පස් ගියා කියල රහත් වෙන්නෙ නැ බන්...කවුරුත් කොල්ලො...කොල්ලන්ගෙ තියරිය ගැහුවොත් ගැහුව....අනික ගැoසිය පිටින් බැස්සම පිස්සුවක් නැටීම සාධාරනයි..:)
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    උබට ලක්ශ 120ක් දරන්න බැරි නම් ඒක දරන්න පුලුවන් එකා ඉගෙන ගත්තම මොකද්ද බන් වෙන්නෙ?
     
    • Like
    Reactions: Mr UNKNOWN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ලක්ශ 120ක් දරන්න බැරි නම් ඒක දරන්න පුලුවන් එකා ඉගෙන ගත්තම මොකද්ද බන් වෙන්නෙ?

    බූරුවො ඉගෙන සල්ලි වලින්ද??? ලක්ශ 120 දුන්න කියල මොලේ ඉබේ පහල වෙනවද???
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    බූරුවො ඉගෙන සල්ලි වලින්ද??? ලක්ශ 120 දුන්න කියල මොලේ ඉබේ පහල වෙනවද???

    අනේ අති උතුම් බුද්දිමතෝ
    ඉගෙන ගන්නෙ නම් සල්ලි වලින් තමයි.රජයේ කැම්පස් වලට යන අය රටේ බදු මුදල් වලින් හා අම්ම තාත්තගෙ සල්ලි වලින්,ප්‍රයිවට් යන උන් තනිකරම අම්ම තාත්තගෙන්.

    මුන් ද්ඟලන්න ඕනා සයිටම් වහන්න කියලා නෙවෙයි, ඒකට හරි ප්‍රමිතීන් දෙන්න කියල.මුන් මේ ලක්ශ 120 කතා කිය කිය තනිකරම නටන්නෙ දේශපාලු පදේකට.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    උබට ලක්ශ 120ක් දරන්න බැරි නම් ඒක දරන්න පුලුවන් එකා ඉගෙන ගත්තම මොකද්ද බන් වෙන්නෙ?

    120lkhs tyena euntai nathi untai degollontama thama free education tynne...ub kynne 120lkhs tyena gonnu docs la wenda one kiylada nttam 120lkhs tyena ho nathi ho intelligent dial tikak igena gena docs la wena ekada wenda one bn.

    Ps-anthare adalama natha
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    බූරුවො ඉගෙන සල්ලි වලින්ද??? ලක්ශ 120 දුන්න කියල මොලේ ඉබේ පහල වෙනවද???

    moda katha kiyanna epa gono... uba katha karana widiha poddak balapanko...

    matath loku salliyak na, eth thiyena un igenagaththata mata kamakuth na.

    eka labeema pilibada prashnayak.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    120lkhs tyena euntai nathi untai degollontama thama free education tynne...ub kynne 120lkhs tyena gonnu docs la wenda one kiylada nttam 120lkhs tyena ho nathi ho intelligent dial tikak igena gena docs la wena ekada wenda one bn.

    Ps-anthare adalama natha

    umba hithuwada laksha 120 dunnama..menna kiyala degree denawa kiyala.. dan etha kota oya slit.. eke dena degree salliwata nikan dena ewa kiyala hithuwada.. ane gobba katha kiyanna epa ban..

    Apey rate badhu wadi karala..kisimahari haman adayamak nathi ratak.. hamotama nayai.. ey asse umbala hamadema nikan denna illanawa.. dan ethakota international giya un kohomada igena ganne.. unta kochcara awasi da.. lankawe ipadila..lankawe campus ekata yanna bari hinda un kochcara andanna onada..

    dan ethakota podi results walin.. ara bangladesh, rusia. china wala gihin degree eka aran ena un saitam wala c3 degree eka karana unta wada moda da..

    man nam kiyanne..gmo ekath sambanda kara gena pvt education thiyenna ona.. eken ena profit eka.. gov uni walata deela.. ewala thiyana standrards wadi karana ona..

    adyapanayata 6% illana kariyo, kiyanne nah echchara mudalak free education walata wen kalama.. rate anek dewal walata salli ko kiyala..

    ekata kramayak hadanna ona.. exports diyunu karanna ona. .dan oya develpoed countries wala apey rate wage minusunta hama dema denawada nah ne..

    dena dey agayak nathi para haththa.. issara campus porawal kiwaham.. hithey mara thanak thibba.. dan awil gon huthtthla ne kiyala hithenne.. mun A3 gathtata amu buruwo kiyala hithenne. .illanawa witharai..solution ekak denne nah..

    shylock la wage porawal.. mas rathala ma ona..
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    සල්ලී තිබ්බනම් දක්ෂයෙකු නොවන උසස් පෙළ ජීව විද්‍යයා අංශයෙන් යන්තම් C සාමාර්ථ දෙකයි S සාමාර්ථයක් ලැබූ මටද වෛද්‍යවරයෙකු වන්නට තිබිනි...නමුත් මට ලක්ශ 120ක් නැත්...දක්ෂයාට නෙලන පොලීසීයේ සියල්ලන්ගේම දරුවන්ටද එසේය...අවසන කියන්නට ඇත්තේ එකකි...ලංකාවට කෙලවී හමාරය...තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    සල්ලී තිබ්බනම් දක්ෂයෙකු නොවන උසස් පෙළ ජීව විද්‍යයා අංශයෙන් යන්තම් C සාමාර්ථ දෙකයි S සාමාර්ථයක් ලැබූ මටද වෛද්‍යවරයෙකු වන්නට තිබිනි...නමුත් මට ලක්ශ 120ක් නැත්...දක්ෂයාට නෙලන පොලීසීයේ සියල්ලන්ගේම දරුවන්ටද එසේය...අවසන කියන්නට ඇත්තේ එකකි...ලංකාවට කෙලවී හමාරය...තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි.

    saitam pili ganne nathi unata, china, bangladesh, russia degree piligannawa.. oyita adu results walata un gannawa.. try ekak deela balanna bro..

    eth umbata oya nikan rasthi yadu gahanne nathuwa.. mona hari course ekak karanna thibba ne.. habai ewata salli dennath epai ne..salli dunnama nikan course walin pass karanawa ne..loan ekak dala course ekak karapan... moley wardanaya kara ganin
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    120lkhs tyena euntai nathi untai degollontama thama free education tynne...ub kynne 120lkhs tyena gonnu docs la wenda one kiylada nttam 120lkhs tyena ho nathi ho intelligent dial tikak igena gena docs la wena ekada wenda one bn.

    Ps-anthare adalama natha

    සයිටම් නියමිත ප්‍රමිත කරන වලට හදලා ලක්ශ 120 බැරි නම් 200 කිව්වත් තියන එකා ඉගෙන ගත්තොත් හොද නැද්ද?
    නියමිත ප්‍රමිති කරන කියන එකෙන් අදහස් කරන්නෙ උසස් පෙල result එක/සයිටම් graguate උනාට පස්සෙ ලන්කාවේ practice කරන්න දෙන්න exam (control entry) එකක් වගේ.
    කොයි වෙලේ බැලුවත් කහින්නෙ අඬා වැටෙන්නෙ ලක්ශ 120ක් බදා ගෙන:angry::angry::angry::(:(:(:frown::frown::oo::oo:
     
    • Like
    Reactions: I love JS

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    බූරුවො ඉගෙන සල්ලි වලින්ද??? ලක්ශ 120 දුන්න කියල මොලේ ඉබේ පහල වෙනවද???

    120lkhs tyena euntai nathi untai degollontama thama free education tynne...ub kynne 120lkhs tyena gonnu docs la wenda one kiylada nttam 120lkhs tyena ho nathi ho intelligent dial tikak igena gena docs la wena ekada wenda one bn.

    Ps-anthare adalama natha

    Russia,China,Pakistan gihin S3 tath MBBS gahagena enna hodada?

    General hospital eke director pitarata gihin degree gahala apu nisa modayekda?

    Kuhaka heththa :)
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    Russia,China,Pakistan gihin S3 tath MBBS gahagena enna hodada?

    General hospital eke director pitarata gihin degree gahala apu nisa modayekda?

    Kuhaka heththa :)

    ubata nm kiyana magulak therennema ne neda?
    Gono kiyala tyna eka kiyaeapn issarawela saitm anduwata gaththama okata 120lks tyna inteligent dial walatai nathi untai degollontama okata yanda puluwan...eke waradda kiyapn mata.....mathaka tyganin mcn lankawe 50% ktath wafa dawase adayama rs500 ta adui kyana eka
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Russia,China,Pakistan gihin S3 tath MBBS gahagena enna hodada?

    General hospital eke director pitarata gihin degree gahala apu nisa modayekda?

    Kuhaka heththa :)

    මොන කරුමයක්ද බන් ඇයි එකම අහන්නෙ...රුසියාවෙ හරි අගහරු ගිහින් හරි එන මොකා උනත් act 16 ලියල එන්නෙ...ඒත් උබේ ඔය ලක්ශ 120 දොස්තරලට ඒක ලියාගන්ඩ බැලු...act 16 ලියාගන්ඩ බැරි උන් දොස්තරල කරන්ඩ එපා කියල අපි කුහකයොනම් උබල මීහරක් බන්....
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ubata nm kiyana magulak therennema ne neda?
    Gono kiyala tyna eka kiyaeapn issarawela saitm anduwata gaththama okata 120lks tyna inteligent dial walatai nathi untai degollontama okata yanda puluwan...eke warafda kiyapn mata

    ithin bola huththiye.. russai, china, bangladesh oita adu results walata degree eka denne.. ewa danatamath aprove.. ewatath oya kiyana gaanama salli gannawa..

    a/l kiyanne selection walata use karana ekak misak maha loku moley maina eka neme. .godak honda waddo, first time gu kara gena .. second time a3 danawa.. :D :D api kiyanne sitam wala degree eka quality karala.. intake walta fixed results wage thiyanna kiyala.. c3 wage ...

    umba nam antharey inna ratak harak wage mai
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රට යන උන් ආයි ලංකාවට ඇවිත් Act16 ලියන්න ඕනෙ.
    රට ගිහින් ලක්ෂ 50කින් ඩිග්‍රිය කරගන්න පුළුවන්කම තියෙද්දි Act 16 ලියන්න වෙන හන්දා ඒක නොකර බේරෙන්න කෝටි 1.2ක් ගෙවාගෙන Shortcut ඩොකාල වෙන්න හොර ගුහාවලට රිංගලා ඉන්න අයත් ඉන්නවා. :lol:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    මොන කරුමයක්ද බන් ඇයි එකම අහන්නෙ...රුසියාවෙ හරි අගහරු ගිහින් හරි එන මොකා උනත් act 16 ලියල එන්නෙ...ඒත් උබේ ඔය ලක්ශ 120 දොස්තරලට ඒක ලියාගන්ඩ බැලු...act 16 ලියාගන්ඩ බැරි උන් දොස්තරල කරන්ඩ එපා කියල අපි කුහකයොනම් උබල මීහරක් බන්....

    ehnam wadey iwarai ne.. oka wahanna dangalanne nathuwa.. act 16 liyanna bala karala uthgoshaney karapalla ko.. ehenam ithin awulak nah ne. .ai boruwata ewa wahanne..