මා_කැම්පස්_ගොස්_නැත
මා කැම්පස් ගොස් නැත...උසස්පෙළ කාලයේවත් මට විශ්වවිද්‍යාලයකට යන්නට උවමනා නොවීය...මා ආශාකල එකම විශ්වවිද්‍යාලය පේරාදෙණිය පමණි එයද එහි තිබූ සුන්දරත්වය නිසා මිස ඉගනුමට නොවීය...වරෙක මා හා මිතුරන් පේරාදෙණි ගියේ EngX හෝ ඒ ආසන්න නමක් තිබූ ප්‍රදර්ශනක් බැලීමටය...ඒ හැරෙන්නට මා විශ්වවිද්‍යාලයකට පයවත් තබා නැත...නමුත් මා සෙරෙප්පු හිල්වනතුරු ...පෙට්‍රල් ටැංකිය හිස්වනතුරු...රස්තියාදුවේ ගොස් ඇත...එලිමහන් සිර කදවුරේ රංජි අයියාගේ සිට...කෝනේශ්වරන් කොටුවේ තොප්පිකඩේ රංජි අයියා දක්වා මිනිස්සුන් ඇසුරු කර ඇත්තෙමී...ඉන් බෝහෝ උන් සල්ලී කාරයන් නොවෙති...මාර්කට්ටුවේ මිටි උස්සන රගූ හා තෝසයක් කා ප්ලේන්ටියක් ගැසීමට මා කිසිවිට පසුබට නොවෙමි...
පසුගිය දිනක මුහුණු පොතේ තිබූ ඡායා රූප කිහිපයක් හා වීඩියෝ කිහිපයක් නිසා මා මෙය ලියමි...ඉන් එකක තිබුනේ සරසවි සිසුවෙකු කිහිලි ගන්වාගෙන යන පොලිස් නිළධාරියෙකි...තවත් එකක...කදුලු ගෑස් කෑ දෙඅත් අහිමි සරසවි සිසුවෙකුගේ කදුලු පිහින සගයන් කිහිප දෙනෙකි...සාර විට මාමාගේ කදුලු පිහින කොල්ලන් රැලකි.. පොල් පටවනවා මෙන් ජීප්පුවකට සිසුන් පටවනවාද දුටිමි...පාරේ උන්නවුන්...පොලිසියට සාප කරනවාද දුටිමි...සියල්ල සාරාශකොට ගත්කල...විහාර මහා දේවී සංග්‍රාමය දුටිමි...
සීසන් ටිකට් පතෙන් උදේ හයේ කහ පාට ලංගමේ ...මධ්‍ය විද්‍යාලයට ගිය මා නිදහස් අධ්‍යාපනයට බොහෝ සෙයින් ආදරය කරමි...අධ්‍යාපන මුදලට විකිණෙනවාට මා විරුද්ධය...මාගේ පියා පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් දැන් වසර දහයකටත් වැඩිය...බොහෝ විට සති අන්තයේ මදුවිතින් මත්වීම දැන් තාත්තාගේ විනෝදාංශය වී හමාරය...පඩි ගත් දාට...කුඩ්ඩාට කුඩුද..උපාසකට මල්ද අරන් දීම මාගේ සිරිතය...ඉතින් තාත්තාට මා ගෙනයන්නේ බෝතලයකි...ඔහුම සාදාගන්නා කටගැස්මත් සමග මත්වන තාත්තා බෝතලයත් සමග මාද රැගෙන විටෙක අතීතයට යයි...තොට ලග බෝම්බය...ආමර් වීදියේ බෝම්බය...අලිමංකඩ ප්‍රහාරය...විජය කුමාරණතුංග ඝාතනය වැනි සිදුවීම් අතරින් රිංගා යන තාත්තා...සරසවි සටන්...ගැනද නොකියනවාම නොවේ...අනූව දශකයේ මුල බාගයේ කොළඹ විශ්වවිද්‍යාලය දෙපස ළදරු පාසල් ඉදිරියෙන් යනුවෙන් පුවරු දෙකක් එකල පොලීසිය විසින් උපහාසය පිණිස සවි කලාලු...විනිවිද පෙනෙන ආවරණ නොතිබුන එකල...එකෙකු පහලට අදින වේවැල් ආවරණයට ඉහලින් හෙල්මට්ටුව තලන්නට සිසුන් ඉතා දක්ශයිලු...සිවුරේ දවටා සාමනේර හිමිවරු කදුලු ගෑස්...ආයෙම පොලීසියටම ගැසුවාලු...තාත්තාගේ වචන වල තරහක් වයිරයක් නැත...ඇත්තේ සුන්දර මතක පමණි...ඒ සුන්දර බව දැන් ශිෂ්‍ය සටන්වල නැත...සිසුන්ද පොලීසියද ....එකය...උන් මුන්ට ගසති මුන් උන්ට ගසති...නමුත්...අරමුණ අනුව මට පැත්තක් ගන්නට වේ නම් මා ගන්නේ සිසුන්ගේ පැත්තය...හේතුව ලංකාවේ සමහරුන්ට අනුව මාද කුහකයෙක් වීමය ...නිකම්ම කුහකයෙකු නොව දුප්පත් කුහකයෙක් වෙමි...සල්ලී තිබ්බනම් දක්ෂයෙකු නොවන උසස් පෙළ ජීව විද්‍යයා අංශයෙන් යන්තම් C සාමාර්ථ දෙකයි S සාමාර්ථයක් ලැබූ මටද වෛද්‍යවරයෙකු වන්නට තිබිනි...නමුත් මට ලක්ශ 120ක් නැත්...දක්ෂයාට නෙලන පොලීසීයේ සියල්ලන්ගේම දරුවන්ටද එසේය...අවසන කියන්නට ඇත්තේ එකකි...ලංකාවට කෙලවී හමාරය...තාත්තාට සල්ලි තිබ්බානම් මාත් අද ඩොකෙකි.

Last edited: