මැක්කාගේ රචනා අංක 2
මැක්කාගේ රචනා අංක 2 :: මැක්කා සහ අණපති
මැක්කා පොඩි සතෙකි, අණපති මැක්ඩොනල්ඩ්ස් "සුපර්-සයිස්-මී" පොරකි. ඒ නිසා මැක්කා හා අණපති අතර ලොකු වෙනස්කම් තිබේ.
මැක්කා බල්ලන්ගේ, ගොන්නුන්ගේ, පූසන්ගේ, මීයන්ගේ ලේ බොයි. මැක්කාගේ පරම්පරාවම එහෙමය. අණපති ඇතුළු පරම්පරාව උරන්නේ මිනිසුන්ගේ ජූස් ටිකයි. ඒ නිසා අණපති උසස් කුළයට අයිතිය, මැක්කා වසල කුලයට අයිතිය.
මේ වාගේ වෙනස්කම් තිබුණත් දෙන්නාගේ ලොකු සමාණකම් ද තිබේ. මැක්කා ලේ බොනකොට කසන්නේ නැත. බීලා මාරුවුනහම ලේ බීපුතැන ගෙඩි ගැසී කසයි. ඒ කැසිල්ල අස්පයෙකුට වත් දරාගන්න අමාරුය.
අණපති ඇතුලු නඩය ලේ බොනවිටත් එහෙමය. චන්දය දුන් අමනයන්ටත්, නොදුන් ජහමනයාටත් අණපති සමාගමේ ලේ බීම තේරුණේම නැත.
අණපතිගේ මුස්පේත්තු මූණ හන්දියක් හන්දියක් ගානේ එල්ලගෙන යකා නැටුවේ ඒ නිසාය. කොල්ලෝ දහස් ගණන් මැරි මැරී ඊළම අතුගානකොට අණපති නඩය වීරයන් වුනේ ඒ නිසාය.
අවුරුදු හතරකට පස්සේ දැන්නම් ටික ටික කසන්නට පටන්ගෙන ඇති නිසාදෝ පොදු ජහමනයා වැඩි දෙනෙකුට දැන් අණපති නඩය ලේ පයින්ට් ගාණක් උරාගෙන ඇති බව වැටහීගෙන යන බව පෙනේ.
දකුනේදී 90% ප්‍රෙඩික්ශන් එක 67% රියැලිටි කරලා දුන්නේ ඒ නිසා වෙන්න ඇති. මේ සීන් එකෙන් අණපතිත් ගෝලයෝ හැත්ත-බුරුත්තමත් බයවෙලා වගේය.
කලිසම්වල රීගෙන, රෙද්ද පල්ලේ යවාගෙන දඟලන්නේ ඒ නිසාය. 67% රියැලිටි එක කොච්චර වැදිලද කිව්වොත් මෙච්චරකල් ආසාවෙන් රඟපාපු මහරජා පාට් එක දැන් අණපතිට එපාම වෙලාය ගෝලයන්ටත් එහෙමය. අණපති මා රජෙකු නොව කෙයා-ටේකර් කෙනෙකු පමණයි කියනවිට ලේක්-හවුස් ගෝලයෝ අතින් වියදම් කරගෙන කෙයා-ටේකර් බෝඩ් දාන්නේ ඒ නිසාය, එෆ් එම් චැනල් වලට කෝල් කරකර "මහරජානෙනී" ට්‍රැක් එක වැඩිය දාන්න එපා කියන්නෙත් ඒ නිසාය.
මැක්කාත් අණපතිත් අතර තවත් වෙනස්කමක් තිබේ.
මැක්කා ජෙනරාල්ට හෝ ජෙනරාල්ගේ ඇල්ටේසන් බල්ලාට හෝ බය නැත. ඇඟට පතට නොදැනී ජෙනරාල්ගේ බල්ලාගෙන් ලේ බොන මැක්කා, ජෙනරාල් බල්ලා අත ගානකොට ජෙනරාගේ ඇඟට පැන ග්‍රීන් කාඩ් ලේ ටිකක් බොන්නේ දෙපාරක් හිතන්නේ නැතුවමය.
ඒත් සර්වබලධාරී අණපති ජෙනාරාල්ට බයය. ජෙනරාල් ඇව්දිනකොට අණපතිට කකුල් පණ නැතිවෙයි, ජෙනරාල්ට හච්චිමක් ගියොත් අණපතිට චිකන්-ගුන්යා වගේ වෙවුලලා උණගනියි.
අනෙක් උන්ට කලා වගේ ජෙනරාල්ට පාට් දාන්ටත් බැරිය, ඒ හමුදාවේ කොල්ලෝ දසදහස් ගණනක් දැන් ඉන්න හමුදාපතිට නොව ජෙනරාල් ෆොන්සේකාට දෙයියන්ටත් වඩා සලකන බවත් පණ දෙන්න වුනත් ලෑස්ති නොකිව්වාට දන්නා නිසාය.
බඩගින්නට ලේ බොන මැක්කන් වගේ නොව, කෑදර කමට, උද්දච්ච කමට ලේ බොන, බොරුවෙන්ම ජීවත් වෙන්නට හදන අණපතිලාට හැමදාමත් වුනේ ඔය ටිකමය.
56දී බොරුවෙන් රජවුනු සෙවල බංඩාට අවුරුදු හතරකින් කලකම් පලදුන්නේය. අවුරුදු එකොලහක් බොරුවෙන් රජකල චෞර රැජින අද හිගන්නියකටත් අන්තය.
අණපතිටනම් තවමත් පරක්කු නැත. වටේ ඉන්න හොර හැත්ත පන්නා දමා රටේ ප්‍රස්ණ විසදීමට කාළය එළබ ඇත. නැත්නම් පරදින්නට ජෙනරාල්ම එන්න ඕනෑ නැත.