මැච් එක දින්නා...

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මැච් එක දින්නා...

    140748.jpg


    ලංකාවේ අපිට නම් ක්‍රිකට් කිව්වොත් අයෙත් කන්න බොන්න ඕනෙත් දවසෙම බලාවි.. අනිත් අයට කොහොමද දන්නේ නෑ එත් මට නම් එහෙමයි. හැමදාම අම්මගෙන් බැනුම් ඒ උනාට බාධක මැඩගෙන අනිවාර්යෙන්ම මැච් එක සම්පුර්ණයෙන් බලනවා.


    හැබැයි ලගදි ඉදන් කට්ටියට මැච් එපා වෙලා තිබුනේ ලංකාවේ ටීම් එක පැරදුන පැරදිල්ලට, හැම මැච් එකකින්ම පස්සේ කට්ටියගේ අදහස නම් උනේ තවත් මැච් නම් බලන්නේ නෑ කියලා ඒ කොහොම කිව්වත් ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ කාටවත් කොච්චර මැච් පැරදුනත් ඊලග මැච් එක නොබලා ඉන්න හිත දුන්නේ නෑ මොකද කට්ටියගේ හිතේ පොඩි හරි බලාපොරොත්තුවක් තිබුණා ඊලග මැච් එක අපේ සිංහයෝ කොහොම හරි ගහයි කියලා (ඇත්තනේ ඉතින් අන්තිමට ගැහුවනේ දකුණු අප්‍රිකාවට කට උත්තර නැති වෙන්න).


    කොහොමින් කොහොම හරි අපේ කට්ටිය දකුණු අප්‍රිකානු සංචාරයට එනකොටත් කිව්වේ මේකත් අපේ කට්ටිය පරදී කියලා. අර දකුණු අප්‍රිකාවේ හිටපු නායකයෙක කියන එකෙක් කියල තිබ්බේ ලංකාවේ ටීම් එකට ගහන්න දකුණු අප්‍රිකාවේ දෙවෙනි පෙළ ටීම් එකටත් පුළුවන් කියල, දැන් එතකො‍ට ඊයේ අපේ කොල්ලෝ ගැහුවේ දකුණු අප්‍රිකාවේ දෙවෙනි පෙළ ටීම් එකකට වෙන්න ඇති නේ?. ඒ කිව්වා එකා දැන් කොහෙද දන්නේ නෑ ඉන්නේ.. පොඩ්ඩක් මුණ බලන්න..


    අපේ ටීම් එකේ තිලාන්, සංගා පිත්තෙන් දෙන්න පුළුවන් හොදම සහයෝගය ටීම් එකට දුන්නා එතකොට චන්දිමාල් අපේ ටෙස්ට් ටීම් එකේ අලුත්ම සගයා ඉනිම් දෙකේදීම තිලන්ටයි සංගටයි සුපිරි සහයෝගයක් දුන්නේ. චන්දිමාල්ගේ ඒ සහයෝගය නොතිබුන නම් තිලන්ටයි සංගටයි ලකුණු 100 ගහන එක ලේසි වෙන්නේ නෑ මොකද චන්දිමාල් එනකොට සම්බන්දත්වයක් ගොඩනගන්න පුළුවන් සියලු දෙනාම ආපහු විවේකාගාරයට ඇවිත් අවසන්. ඒ නිසා සංගෙයි තිලන්ගෙයි පිතිකරණට වටිනාකමක් එක්කළේ චන්දිමාල් කිව්වොත් එක මට හිතෙන විදියට හරි වෙන්න ඕන. ඊළගට චානක වෙලගෙදර සහ රංගන හේරත් ගැන කතා කරන්න ඕන දෙන්න එකතුවෙලා මුල් ඉනිමේ දකුණු අප්‍රිකාව ලකුණු 168 සිමා කලේ නැත්නම් මැච් එක දිනන එක ලේසි වෙන්නේ නෑ. ඒ වගේම මුරලි නැති අඩුව පුරවන්න රංගන හේරත් උපරිම උත්සහයක් ගත්තා ඒ උත්සාහයේ ප්‍රතිපල ලෙස ඉනිම් දෙකකදී කඩුලු 9ක් එක්ක තරගයේ වීරයා සම්මානයටත් හිමිකම් කිව්වා.


    කොහොම උනත් එක මැච් එකක් දිනන කියලා ගොඩක් උඩ පනින්නත් බෑ මොකද තවම පටන් ගත්ත විතරයි කොහොම හරි මේ ටෙස්ට් තරගාවලියම දිනන්න උත්සාහ කරන්න ඕන. තව ටෙස්ට් මැච් එකක් තියෙනවා ඉතුරුවෙලා ඒ මැච් එක දෙපිලටම තීරණාත්මකයි ද.අප්‍රිකාව තමන්ගේ සියලුම උපක්‍රම යොදවනවා අනිවාර්යෙන්ම තරගය ජයගන්න, ඒ වගේම අපේ ටීම් එකක් ඊට නොදෙවැනි වෙන්න ඕන දැන් ජයග්‍රාහී මානසිකත්වයකින් ඉන්න නිසා වැඩේ ටිකක් ලේසි වෙයි එත් ගොඩක්ම නෙමෙයි, ටීම් එකේ කවුරුත් එක වගේම දක්ෂතා අතරට එන්න ඕන එක තමයි මූලික කරණය විශේෂයෙන්ම නායක ඩිල්ෂාන්. කොහොමින් කොහොම හරි ඊලග මැච් එක දිනන්න වාසනාව ශක්තිය ලැබෙන්න කියල තම ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ කරන අපේ කාගේත් පැතුම.

     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එල එල
    මැච් 145ක් ගහලා මේ වෙනතුරු පෙයාර් එකක් නොලබා හිටිය ජැක් කාලිස් ට 0/0 පෙයාර් එකක් දීලා නියම ජයක් ලබා ගත්තා.
    ලංකාවෙ ඉඳන් අපිටම කෝචොක් දාන ගොන් ෆකිස්තාන් දෙතුන් දෙනාටත් ඉතින් රිදිලා ඇති.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකා කණ්ඩායමට උන්ගෙ A ටිමි එක දාල ගහනව කියපු සුද්දට ගගේ පනින්ඩ හිතිල ඇති :lol:
     
    Dec 29, 2011
    151
    17
    0
    ලංකා කණ්ඩායමට උන්ගෙ A ටිමි එක දාල ගහනව කියපු සුද්දට ගගේ පනින්ඩ හිතිල ඇති :lol:

    අපි සිංහයෝ. අපි ත්‍රස්‌තවාදය ඉවර කළා. විදේශ බලපෑම් වලට යට වුනේ නෑ. අපි දක්ෂ, එඩිතර ජාතියක්.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    chandimal parakku wela hari team ekata gathapu eka lou deyak....
    අනිවා..:yes::yes: ඇත්තටම චන්දිමාල්ට පුළුවන් හොදට එක්දින තරග වලට වගේම ටෙස්ට් තරග වලටත් හොදින් හැඩ ගැහෙන්න.. නවක ක්‍රීඩකයෙක උනත් පරිණත ක්‍රීඩා විලාශයක් තමයි තිබුනේ.. චන්දිමාල් සෙල්ලම් කලේත් පීඩනය උපරිම තිබුන අවසථාවන් දෙකකදී..