‘කාර්යාල ඇරියොත් මරණවා..’- මාලිමාවෙන් SJBට මරණ තර්ජන
ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකයකු විසින් ගාල්ල හාලිවල ප්‍රදේශයේ පදිංචි සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකයකුට මරණ තර්ජන එල්ල කර ඇති බවට ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සවස පැමිණිල්ලක් ලැබී තිබේ.
සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකයකු වන පැමිණිලිකරු විසින් ගාල්ල හොලිවල ප්‍රදේශයේ තම නිවෙස පිහිටි ඉඩමේ සමඟි ජන බලවේගය පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ආධාර පිණිස මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමට අපේක්ෂාවෙන් සිට ඇත.
එවිට ගාල්ල බට දූවේ පදිංචි ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු තම බිරිය සමඟ පැමිණ සමඟි ජන බලවේගය පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් විවෘත කළොත් මරණ බවට තර්ජනය කළ බව සඳහන් කරමින් මෙම පැමිණිල්ල කර ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ගාල්ල පොලිසියේ මැතිවරණ අංශයට මෙම පැමිණිල්ල යොමු කිරීමට ද පියවර ගෙන තිබේ.
අම්මෝ මුන් ආවොත් 88,89 බීශනය ආයි ඔඅටන් ගනී.
