මැතිව්ස් බෑ කියයි
අාබාධිත කකුල ‘ස්කෑන්‘ කරන්න මැතිව්ස් බෑ කියයි - cricinfo නවතම හෙළිදරව්ව මෙන්න
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති සිව්වන එක්දින තරඟයේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වුණා.
පාදයේ ඇතිවූ එම ආබාධය නිසා මැතිව්ස් එම මොහොතේ පිටියෙන් ඉවත්ව ගිය අතර අනතුරුව අවසන් පන්දුවාර දෙකේදී පිටියට ඉතා අපහසුවෙන් මෙන් පැමිණ ක්‍රීඩා .කළා.
තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දිනේෂ් චන්දිමාල් කියා සිටියේ මැතිව්ස්ට මීළඟ තරඟ අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බවකි.
පසුව මැතිව්ස් මීලඟ එක්දින හා විස්සයි විස්ස තරඟ වලට සහභාගී නොවන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
‘‘කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්වූ තම පාදයට CT ස්කෑන් පරීක්ෂාවක් සිදු කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බව espncricinfo වෙබ් අඩවිය මේ වන විට වාර්තාවක් පළකර තිබෙනවා.එයට හේතුවක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ‘‘.
මැතිව්ස් MRI පරීක්ෂාවක් සඳහා පෙනීසිටි බවද පසුගියදා වාර්තා පළවුණා.
තමාගේ නායකත්වය යටතේ මැතිව්ස් පන්දු නොයැවූ බවත්, ඔහු නායකත්වය සිටි සමයේ අවුරුද්දක් පුරාවට මැතිව්ස්ට ආබාධයක් තිබූ බවත් පසුගියදා ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනිමින් ඩිල්ෂාන් කළ ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩුදුන් අතර ඉන්පසුව ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිවුණා.
ඩිල්ෂාන්ගේ තරඟයට පසු පැවති තරඟයේම මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්වුණා.
ඒ අනුව මැතිව්ස්ට ඩිල්ෂාන් තරඟ වදින අවසන් විස්සයි විස්ස තරඟ දෙක අහිමිවනු ඇතියි.
Nethfm