මැදපෙරදිග එන්න හිතන් ඉන්න අයට...

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මැදපෙරදිග එන්න හිතන් ඉන්න අයට...

    මම මේක දානේ ඕගොල්ලෝ දැනුවත් කරන්න මිසක් මෙහෙ එන්න එපා කියන්න නෙමේ කියලා මුලින්ම කියන්න ඕනේ

    මද පෙරදිග ජොබක් කරන්න එන්න හිතන් ඉන්නවාද ?
    අපි පිටරට රැකියාවලට යන්නේ ලංකාවට වඩා වැඩි ආදායමක් ලබ්බගෙන අපේ ජීවිත අපේ පවුල් නගාහිටුවන්න මිසක් ආතල් එකට නෙමේනේ :yes::yes::yes:

    ඔව් පිටරට රැකියා කරනකොට හැමෝගෙන්ම ඈත්වී නුහුරු නුපුරුදු සමාජයක තිනිවෙන්න වෙන එක හරියට හිරේ යන්න වුන කෙනෙක්ට හැගෙන හැගීම් හා සමානයි .
    හැබැයි රට රැකියාවකට යන්න කලින් ඒ යන තැන පිලිබදව වරක් දෙවරක් නෙමේ සියවතාවක් සොයා බැලිය යුතුවෙනවා .තමන් යන වුර්තිය සහ තමන්ගේ වැටුප විතරක් නොව තමන් එරටේ නවෙතී ඉන්න තැන කෑම බීම ,ගමන් පහසුකම් තමන්ගේ සේවා ගිවිසුම සහ නිවාඩු කාලය වගේ ගොඩක් දේවල් බැලිය යුතුමයි


    අපේ ගොඩක් රැකියා ඒජන්තයින් මේ යන අහිංසකයින්ට සුරංගනා ලෝකයක් පෙන්වා ඔවුන්ව පිටරට පටවා මුදල් හම්බකරනවා .මොවුන් බොහොමයක් වංචනිකයින් .පොඩ්ඩක් හිතන්න ඔබ වෙන රටක නොදන්නා තැනක් අතරමන් වුනොත් කව්ද පිහිටවෙන්නේ ?අපේ තානාපතිකාර්යාල ගැන නම් කතා කරලා වැඩක් නැති තරම් .


    ඔබ පිටරට යන්න අදහස් කරනවානම් පහත දෙවල්ගන හොදට හොයාබලිය යුතුවෙනවා .මොකද එය ඔබේ ජීවිතය සහ ඔබේ අනාගතය තීරණය කරන දෙයක් නිසා

    1.ඔබගේ විදේශ සෙවා ආයතනය පිලිබදව හොයා බැලිය යුතුයි .එය රජයේ ලියාපදිංචි වෙලාද කියා බැලිය යුතුයි .
    2.ඔබ රැකියාවට යන ආයතනය සමග ඇති ගිවිසුම් පත්‍රය හොදින් කියවා නිවැරදි ලෙස අවබෝඩකර ගැනීම ,
    3 යන රට සහ එහි පවතින මුඋලික නීති රීති පිළිබද දැනුවත්වීම
    4ඕබ සේවයට යන ආයතනය පිලිබදව වෙනම සොයාබැලීම (ඔබේ විදේශ සේවා ආයතනයේ තොරතුරු පමණක් විශ්වාශ නොකරන්න )

    5.ඔබේ ගිවිසුම් පත්‍රය අත්සන් කලපසු ඔවුන් ඔබට නිකුත් කරන වීසා එක පිලිබදව සොයාබලන්න
    (විසිට් වීසා / බිස්නස් වීසා වගේ දේවල් තාවකාලිකයි මාස 3 සිට 6 දක්වා වේ ඉන්පසුව ඒවා අලුත් නොකළහොත් හෝ ස්ථිර වීසා බවට වෙනස් නොකලොත් ඔබට හිස් අතින් ලංකාවට එන්න සිදුවේවි සමහර රටවල මෙවැනි තාවකාලික වීසා වලින් රකියාකිරීම දඩුවම් ලැබියහැකි වරදකි )

     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    6.ඔබගේ වේතනය පිලිබදව ගොඩක් සැලකිලිමත් වෙන්න .උදාහරණයක් ලෙස කටාර්වල කම්කරුවෙකුගේ වැටුප රියාල් (උපරිම )900 .මෙය ලංකාවේ මුදලින් 900 x 35.82 = 32238 පමණ වෙනවා .

    මේ රුපියල් 32000 ලංකාවේ වුනාට ඔහුට කෑමට පමණක් අඩුම තරමේ රියාල් 300 වියදම් කරන්න වෙනවා .ඔහුට ඉතිරිවනුයේ රියල් 600 වගේ මුදලක්
    එනම් රුපියල් 21492 .මෙයින් දුරකථන ඇමතුම් ,ප්‍රවාහන ගාස්තු ,බෙහෙත් වැනි සෙසු වියදම් අඩුවිය යුතුයි .මාසයක් අවසානයේ ඔහුට ඉතිරිවනුයේ සුළු මුදැලක්
    නමුත් ඔබගේ විදේශ සේවා නියෝජිතයා ඔබට පවසන්නේ රු 32000 ගැන පමණයි .

    එනිසා ඔබට ලැබෙන මාසික වේතනය පමණක් නොව එම රටේ ජීවන වියදම ගැනත් සලකාබලන්න .සමහර විට ඔබට ලංකාවේ දැනට කරන රැකියාවෙන් ඊට වඩා මුදලක් අතට ලැබෙනවා වෙන්න පුළුවන් .(ඔබ යන රට ගැන දන්නා එහි රකියාකල හෝ කරන කෙනෙක් විශ්වාසවන්ත කෙනෙක් ගෙන් විස්තර දැනගන්න )
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    7.හැකි සෑම විටම ඔබ සේව්ව්වට යන ආයතනයෙන් ඔබගේ ඉදුම් හිටුම් ලබාගැනීමට උත්සහ කරන්න .බොහෝ ආයතන ඔබට නවාතැනක් ලබාදෙනු ඇත එහෙත් එහි තත්වය පිලිබදව විමසන්න .උදා ඔබගේ වුර්තිය අනුව මෙය වෙනස් වියහැක .
    මගේ උදාහරණයට අනුව කම්කරුවන්ටනම් කාමරයකට අවම 3 දෙනෙක් ඇතුළත්වෙයි .(මෙය සමහරු එක කාමරයේ 15-20 පවා රදවනුලබයි )

    ඔබගේ කාමරයේ අවශ්‍ය පහසුකම් ගැන විමසන්න (මැදපෙරදිග රටවල් 50 55 C තරම් උණුසුම් බැවින් A/C එක ,ජලය ,වැසිකිලි පහසුකම් අනිවාර්යයෙන් තිබිය යුතුමයි )

    බොහෝවිට ඔබගේ ආයතනයෙන් ආහාර ලබානොදෙන්නේ නම් ඔබ ආහාර සකස්කරගත යුතුනිසා කුස්සිය සහ එයට අවශ්යා උපකරණ ඔබගේ ආයතනයෙන් ලබාදියයුතුයි .
    (කටාර් වල ඔබ පිටතින් ආහාර ගන්නේ නම් ඔබට මම අර මුලින් සදහන් කල රියල් 300 ප්‍රමානවත් නොවේ )

    මා මෙහි සදහන් කලේ ඔබ විසින් සැලකියයුතු කරුණු ස්වල්පයක් පමණි .

    කරුණු නොසොයා ඒජන්සිවල බොරුවලට රැවටුන බොහෝදෙනෙක් මට ඔවුන්ගේ කටුක අත්දැකීම් පැවසුවා .මා මෙය ඔබව අදයිර්ය්යට පත් කිරීමකට පල කළා නොව මට හමු වූ අපේ රටේ අපේම සහෝදරයින්ට අත්වූ දුක්බර ඉරණම ඔබට අත්වෙනවා දකින්න අකමැති නිසා පමණයි .

    මතක තියාගන්න ඔබ මෙහි පැමිණිය පසු ඔබගේ සේවා කාලය අවසන් වුවත් ඔබගේ ආයතනය ඔබව ආපසු එවීමට කැමති බව මෙරට රජයට ලිපියකින් ප්‍රකාශ කල විට පමණයි ඔබට ආපසු ලංකාවට එන්න අවසර ලැබෙන්නේ .:yes::yes:

    පහත ක්ලිප් එකත් බලලම යන්න



    ඔබට හොද රැකියාවක් සහ හොද ආයතනයක් ලැබේවා කියල පතනවා .ඒවගේම අපේ රටේ නම කැතැවෙන විදිහට වැඩ නොකරන්න කියලත් ඉල්ලනවා .මෙහෙ ඉන්න සමහර ජාතීන් ගැන මෙරටේ මිනිස්සු බලන්නේ බොහොම පහත් විදිහට (බංගලි / නේපාල වගේ )මොකද ඔවුන්ගේ පහත් හැසිරීම් නිසා . ඉතින් එතත්වය ලංකික යින්ට ඇතිකරන්න එපා



     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    සෞදි යනවනම් ගිහිල්ල ඉන්න බෑ කියල සේවා කාලය ඉවර වෙන්න ඉස්සර වෙලා එනවනම් දැන් ගෙවන්න වෙනවා
    an88.jpg


    ලක්බිම ජනවාරි 24 පත්තරේ

    මචන් උබට රේp දීලලු
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෞදි යනවනම් ගිහිල්ල ඉන්න බෑ කියල සේවා කාලය ඉවර වෙන්න ඉස්සර වෙලා එනවනම් දැන් ගෙවන්න වෙනවා
    an88.jpg


    ලක්බිම ජනවාරි 24 පත්තරේ

    මචන් උබට රේp දීලලු
    :yes::yes::yes::yes: සෞදි යනවා කියන්නේ දැන් නම් ඉරාකෙට සිරියාවට යනවා වගේ කොයි වෙලාවේ හිරේ ලගින්න නැත්නම් බෙල්ල කපාගන්න වෙයිද කියල කියන්න බෑ .වැරදි කරන්නම ඕනේ නෑ :angry::angry:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    good thread machan rep thenna balu.

    අවුලක් නැහැ සහෝ ..මේක මට කටාර්වල හම්බුවුන කොල්ලෝ කිහිප දෙනෙක් ට මෙහෙ ඇවිත් වුන දේවල් ගැන මට කිව්වා .ඉතින් එදෙ වෙන කාටවත් නොවෙන්න අඩුම ගානේ අපේ එළකිරියේ ඉන්න උන්ටිකවත් දැනුවත් වෙන එක හොදයි කියල හිතුන නිසයි දැම්මේ :(:sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවම සම්පූර්න පඩිය ලක්ශයක් නැත්නම් මැදපෙරදිග යන්න එපා. දුක විතරයි

    රට යනවනම් ඉගෙනගෙන හොද රස්සාවකටම යන්න. එහෙම ගියොත් සුර ලෝකයක් තමා. ඔඩ් ජොබ් වලට හියොත් ඒකෙම අනිත් පැත්ත

    ලක්ශෙකට අඩුවෙන් යනවට වඩා හොදයි ලන්කාවේ පොඩි බිස්නස් එකක් කරනවා.උත්සාහයක් ඇතුව පොලට පොල් පැටෙව්වත් දැන් ලංකාවේ මාසෙකට 50000ක් හෙව්වහැකි. රුපියල් 25000-30000හේ පඩිවලට ආත්මෙම පාවාදීලා උන්නොත් රට ගියත් එකයි ලංකාවේ හිටියත් එකයි. සදා අනාතයි. අලුත් විදිහට හිතපල්ලා

    හැම එකාම රැකියාවට අමතරව දෙයක් කරපල්ලා. ලංකාවේ තරගයක් නෑ. ඉන්න තරමක් ඉන්නේ කම්මැලි දියුනු වෙන්න උවමනාවක් නැති අපතයා ගහපු මාසේ අන්තිමට පඩියක් එනකන් බලන් ඉන්න එවුන්. එහෙම උන් ඉන්නකන් දියුනු වෙන උන්ට තරගයක් නෑ,
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රත්තරං;16207577 said:
    අවම සම්පූර්න පඩිය ලක්ශයක් නැත්නම් මැදපෙරදිග යන්න එපා. දුක විතරයි

    රට යනවනම් ඉගෙනගෙන හොද රස්සාවකටම යන්න. එහෙම ගියොත් සුර ලෝකයක් තමා. ඔඩ් ජොබ් වලට හියොත් ඒකෙම අනිත් පැත්ත

    ලක්ශෙකට අඩුවෙන් යනවට වඩා හොදයි ලන්කාවේ පොඩි බිස්නස් එකක් කරනවා.උත්සාහයක් ඇතුව පොලට පොල් පැටෙව්වත් දැන් ලංකාවේ මාසෙකට 50000ක් හෙව්වහැකි. රුපියල් 25000-30000හේ පඩිවලට ආත්මෙම පාවාදීලා උන්නොත් රට ගියත් එකයි ලංකාවේ හිටියත් එකයි. සදා අනාතයි. අලුත් විදිහට හිතපල්ලා

    හැම එකාම රැකියාවට අමතරව දෙයක් කරපල්ලා. ලංකාවේ තරගයක් නෑ. ඉන්න තරමක් ඉන්නේ කම්මැලි දියුනු වෙන්න උවමනාවක් නැති අපතයා ගහපු මාසේ අන්තිමට පඩියක් එනකන් බලන් ඉන්න එවුන්. එහෙම උන් ඉන්නකන් දියුනු වෙන උන්ට තරගයක් නෑ,

    සහතික ඇත්ත කතාව :P:P:yes::yes::yes: