**මැරිච්ච පූසා මිනී මරයි!**

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    **මැරිච්ච පූසා මිනී මරයි!**

    මැරිච්ච පූසා මිනී මරයි!

    හත් අටදෙනකුට සිහි නැති වෙලා

    මහරච්චිමුල්ල - සිසිර සරත් අබේකෝන්

    well.jpg
    අලව්ව මිරිහෙලිය ප්‍රදේශයේ (09 දා) රාත්‍රියෙහි ළිඳකට වැටුණු බළලා ගොඩගැනීමට ළිඳට බසින ලද හයදෙනකුට අධික පිරිසක්‌ සිහිමුර්ජා වූ අතර ඉන් එක්‌ අයකු ළිඳ තුළම මියගිය බව අලව්ව පොලිසිය පවසයි.

    බඹ තුනක්‌ පමණ ගැඹුර ළිඳ මිරිහෙලිය ඒ. කේ. රණතුංග නමැති මහතකුගේ ගෙවත්තේ වෙළෙඳසලක්‌ පිටුපස පිහිටා ඇත.

    මෙහිදී අපට හමුවූ ළිඳට බැස සිහි මුර්ජා වූ සම්පත් රණතුංග මහතා මෙසේ කීය. අපේ තාත්තා (රණතුංග මහතා) කිව්ව ළිඳට බළල් පැටියා වැටුණා... ළිඳට බැස ගොඩට ගනිමු ද කියා. මා ළිඳට බැස්‌සා. අඩි දොළහක්‌ විතර බසින විට හුස්‌ම ගැනීමට නොහැකි වී මොනව වුණා ද දන්නේ නැහැ. සිහිය එන විට රෝහල් ඇඳේ සිටියේ. තාමත් කතා කරගන්න අමාරුයි. හරියට ඇවිදගෙන යන්නත් අමාරුයි. ක්‌ලාන්ත ගතියක්‌ තිබෙනවා යෑයි කීය.

    සිද්ධිය ඇසින් දුටු එස්‌. එම්. උපාලි සිරිවර්ධන මහතා මෙසේ කීවේය.

    පළමුවෙන් ළිඳට බැස්‌ස සම්පත් බේරාගැනීමට අබේ බැස්‌සා. ඔහුට ද සිහිය නැතිව ගියා. ජිනදාස, ජපන් මල්ලි (විපුලෙ) දිසානායක ඇතුළු හත් අට දෙනෙක්‌ ළිඳට බැස්‌සා. හැමෝම ළිඳ ඇතුළෙදීම සිහිය නැතිව ගියා. කලබලේ නිසා ළිඳට කවුරු බැස්‌ස ද කියලා හොයා ගන්න අමාරු වුණා. ඒ අය ගොඩට ගෙන අලව්ව දිසා රෝහලට ගෙන ගියා. මේ අතරින් අලව්ව මිරිහෙලිය පදිංචි විපුල පියසේන මහතා ළිඳ තුළ මඩ යට හිරවී මියගොස්‌ සිටි බව දැන ගැනීමට ලැබුණා යෑයි කීය. මියගිය තැනැත්තා 49 වියෑති දෙදරු පියෙකි. පූසා ද මියගොස්‌ සිට ඇත.

    අලව්ව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මහින්ද පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක්‌ පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ළිඳ තුළ සිටි පිරිස ගොඩට ගැනීමට කටයුතු කර තිබේ.

    ළිඳ ඇතුළදී සිහි මුර්ජාවීමට හේතුව කුමක්‌ද යන්න මේ වන තෙක්‌ අනාවරණය වී නැත. අලව්ව පොලිසිය ඒ සම්බන්ධව සෞඛ්‍ය අංශ සමග පරීක්‍ෂණ පවත්වයි.
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ඕක පොඩි එකෙක්ට උනත් තේරෙන දෙයක් බන්...ලිo වලට බහින්න කලින් කඩදාසියක් පත්තු කරලා ඈතුලට දානවා.. මොකද සමහර පොලව මට්ටමට වඩා පහත් ලිo වගේ ඒවගෙ ඔක්සිජන් නෑති නිසා හුස්ම ගන්න බෑ ඈතුලට බහින කෙනාට.. සමහර ඒවගේ මිතේන් වගේ විස වායු වර්ග තියෙනවා... ඒ නිසා තමයි ඈතුලට බහින කෙනාට හුස්ම ගන්න බෑරි..මීතේන් වගේ තිබුනොත් ඉතින් Sorryම තමයි..

    මේ ආට්කල් එක ලිව්ව එකා සාමන්ය දෑනීමවත් නෑති මෝඩ ඩයල් එකක්ද කොහෙද...
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ඕක පොඩි එකෙක්ට උනත් තේරෙන දෙයක් බන්...ලිo වලට බහින්න කලින් කඩදාසියක් පත්තු කරලා ඈතුලට දානවා.. මොකද සමහර පොලව මට්ටමට වඩා පහත් ලිo වගේ ඒවගෙ ඔක්සිජන් නෑති නිසා හුස්ම ගන්න බෑ ඈතුලට බහින කෙනාට.. සමහර ඒවගේ මිතේන් වගේ විස වායු වර්ග තියෙනවා... ඒ නිසා තමයි ඈතුලට බහින කෙනාට හුස්ම ගන්න බෑරි..මීතේන් වගේ තිබුනොත් ඉතින් Sorryම තමයි..

    මේ ආට්කල් එක ලිව්ව එකා සාමන්ය දෑනීමවත් නෑති මෝඩ ඩයල් එකක්ද කොහෙද...

    :lol::lol::lol:සිරාවට ඇත්ත කතාව සාහෝ!:yes::yes:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම නම් මචන් අපේ ලිද සුද්ද කරන්න දවසකට දෙකකට කලින් මේකට විසදුමක් දෙනවා. ලොකු පොල් අතු දෙකක් හයිය කබේක ගැට ගහල එක පාරට ලිදට අත හරිනවා .අපහු උඩට අරන් අතහරිනවා , එතකොට ලිද පතුලේ තියෙන වාතය උඩට එනව .එහෙම දවසට හත් අට පාරක් කරලා තමයි ඉටි පන්දම ලෑල්ලක ගහල ලිදට දාල බලන්නේ ,කලින් පාරක් හොද මට්ටුවක් උනා. ලිදට බැහැපු කෙනාට උඩට එන්නත් අපහසු නිසා දඩබඩ ගාල multy ප්ලග් ඇදල ස්ටෑන්ඩ් fan එකක් ලිදට බස්සල යි ශේප් කර ගත්තේ.දැන්නම් ඉටි පන්දම විනාඩි 3-ක් වත් පත්තු වෙනවා නම් විතරයි වැඩේ පටන් ගන්නේ.
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඕක පොඩි එකෙක්ට උනත් තේරෙන දෙයක් බන්...ලිo වලට බහින්න කලින් කඩදාසියක් පත්තු කරලා ඈතුලට දානවා.. මොකද සමහර පොලව මට්ටමට වඩා පහත් ලිo වගේ ඒවගෙ ඔක්සිජන් නෑති නිසා හුස්ම ගන්න බෑ ඈතුලට බහින කෙනාට.. සමහර ඒවගේ මිතේන් වගේ විස වායු වර්ග තියෙනවා... ඒ නිසා තමයි ඈතුලට බහින කෙනාට හුස්ම ගන්න බෑරි..මීතේන් වගේ තිබුනොත් ඉතින් Sorryම තමයි..

    මේ ආට්කල් එක ලිව්ව එකා සාමන්ය දෑනීමවත් නෑති මෝඩ ඩයල් එකක්ද කොහෙද...

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ස්වර්ණවාහිනී ශෝකාලාප මෙහෙ ගෙනත් දාන්න එපා බන්.. උබත් උන්ටම බැණ බැණ උන්ගෙ කුණුම ගේනව නේ බන්.. :angry::angry:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇයි බන් මිනිසු මෙච්චර මෝඩ?:(
    මීට කලිනුත් මිනිසු මැරිලා තියනවා මේ වගේ සිදුවීම් නිසා. මුන් මෙවගේන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැනේ.
     
    blue_in_rio

    Well-known member
  • ඇයි බන් මිනිසු මෙච්චර මෝඩ?:(
    මීට කලිනුත් මිනිසු මැරිලා තියනවා මේ වගේ සිදුවීම් නිසා. මුන් මෙවගේන්වත් පාඩමක් ඉගෙන ගන්නේ නැනේ.

    පණ්ඩිතයන්ට ඒදන්ඩේ යන්න බැහැලුනේ බන්...අපේ එවුන් දන්නවා වැඩියි.ඉස්සර ළිදකට බහින්න කලින් පත්තුවෙන පහනක් බස්සලා බලන්නේ නිකන්ම චාරිත්‍රයක් විදියට කියලයි මුන් හිතන්නේ.ඒක කලේ ඔක්සිජන් මට්ටම පරික්ෂා කරන්න කියලා මුන් දන්නේ නෑ.හිතන් ඉන්නේ ඉස්සර මිනිස්සු මෝඩයි කියලා.මේවා ඉතිං අපේ ගොන් හැත්තට කියලා වැඩක් නෑ.හැබැයි තේරෙනකොට පෙරහර ගිහින් ඉවරයි. :oo::oo::confused::confused: :frown::frown::angry::angry: