මැරුණට පස්සේ යන්නෙ කොහාටද? එක එක ආගම්, ශිෂ්&#3

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    මැරුණට පස්සේ යන්නෙ කොහාටද? එක එක ආගම්, ශිෂ්&#3

    1. මරණය යනු තාවකාලික බාධාවක්: පෞරාණික ඊජිප්තියානු විශ්වාසයන්

    afterlife-aniwa-01.jpg


    ඔය ඊජිප්තු මිත්‍යා කතන්දර සම්බන්ධ වෙන ඕනම ‍ෆිල්ම් එකක පොතක දකින්න ලැබෙන දෙයක් තමයි මැරුණත් ඉන් නැගිට එන මිනිස්සු. මේකට හේතුවක් තියෙනවා. ඊජිප්තියානුවෝ අමරණීයත්වය කියන සංකල්පයට සෑහෙන ආසාවක් දක්වපු, ඒක තමන්ගේ දර්ශනයන් ඇතුළේ දිගින් දිගටම ගෙන ආපු පිරිසක්. ඒ නිසාම ඒ අය මරණය නිර්වචනය කරන්නේ මේ යන ගමනේ තාවකාලික බාධාවක් විදියට විතරයි. මේ මරණින් මතුත් ජීවිතය පවතිනවා කියන විශ්වාසය හින්දම තමයි මේ අය පිරමීඩ හදන්නේ, ඒවා ඇතුලේ ජීවත් වෙලා ඉන්නකොට අවශ්‍ය කරපු ලට්ට ලොට්ට ඔක්කොම ගොඩගහන්නේ. ඒ වගේම මළවුන්ව මමිකරණය කරන්නේ. මොකද ශරීරය ආරක්ෂා වෙලා තිබුණොත් ආයෙමත් ආත්මයට එන්න තැනක් තියෙනවනේ කියලා මේ කට්ටිය හිතුවා. ඉතින් ඔය ඊජිප්තු සීන් තියෙන ‍ෆිල්ම් වල මමී නැගිටින එක පුදුමයක් නෙවෙයි නේ?


    මළවුන්ගේ දේශය කරා: ග්‍රීක මිත්‍යා විශ්වාසයන්

    afterlife-aniwa-02.jpg


    ග්‍රීක පුරාණ දේවකතා වල විදියට සීයුස්, පොසයිඩන් සහ හේඩීස් කියන්නේ සහෝදරයෝ. මේ අයගෙන් සීයුස් ඔලිම්පස් – ඒ කියන්නේ දෙවියෝ වැඩ ඉන්න ස්වර්ගයත්, පොසයිඩන් මහා සමුද්‍රයත්, හේඩීස් මළවුන්ගේ ලෝකය හෙවත් පාතාලයත් භාර ගන්නවා. මිනිස් ලෝකය ගැන තුන්දෙනාටම සමාන බලතල තිබිය යුතුයි කියලා කතා වෙනවා. දැන් මනුස්ස ලෝකේ මැරෙන කෙනෙක් දෙවියෙක් හෝ අර්ධ දෙවියෙක් නෙවෙයි නං යන්නේ ඔලිම්පස් වලට නෙවෙයි. මේ අය යන්නේ මළවුන්ගේ දේශයට. ස්ටයික්ස් ගංගාව හරහා තමයි මේ මළවුන්ගේ දේශයට යන පාර වැටිලා තියෙන්නේ. මළවුන් ගෙන යන බෝට්‍ටුකාරයා කයිරොන් තමයි මේ අයට පාර පෙන්නගෙන එක්කයන්නේ. දැන් මේ මළවුන්ගේ දේශයේ තියෙනවා තැන් තුනක්. එකක් එලීසියම්, එකක් ඇස්ෆොඩෙල්, අනික ටාටරස්. එලීසියම් කියන්නේ සදාකල් හිරු එළියෙන් නැහැවිලා තියෙන සතුට තියෙන තැනක්. හරියට ස්වර්ගයේ ආකෘතිය කිව්වහැකි. ඒකට යන්නේ ඔය වීරයෝ වගේ ජීවත් වෙලා ඉන්න කාලේ විශිෂ්ට දේවල් කරපු අය. ඇස්ෆොඩෙල් කියන්නේ ලොකු අවුලක් නැති, ලොකු සීනුත් ඇති තැනක්. මේකට යන්නේ නරකක් කරලා නැති, හැබැයි සුවිශේෂ හොඳකුත් කරලා නැති ප‍තෝල ටයිප් එකට ජීවත් වුණු අවශේෂ ජනතාව. හැබැයි ටාටරස් කියන්නේ නියම අපාය. නරක දුෂ්ටකම් කරලා තිබ්බනම් කෙලින්ම ටිකට් එක ලැබෙන්නේ ටාටරස් වල වධකාගාර වලට. මේක තමයි ග්‍රීකයින්ගේ මරණින් මතු ජීවිතය ගැන ඇදහීම වුනේ.

    3. සැබෑ ලෝකයේ අඳුරු පිළිබිඹුවක්: මෙසපොතේමියානු විශ්වාසයන්

    afterlife-aniwa-03.jpg


    වර්තමාන ඉරාකය අවට ප්‍රදේශයෙන් අතීතයේ පැන නැඟුණු විභූතිමත් මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ඇතුලේත් මරණින් මතු ජීවිතය ගැන අදහසක් තිබුණා. හැබැයි ඊජිප්තු ශිෂ්ටාචාරයට සමගාමීව පැවතුණු මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ මරණය සම්බන්ධයෙන් තිබුණේ හොඳ අදහසක් නෙවෙයි. ඒ අය මරණය දැක්කේ දැඩිව බිය විය යුතු දෙයක් විදියට තමයි. මෙසපොතේමියානුවන් ආත්මයේ අමරණීයත්වය විශ්වාස කරනවා. ඒ කියන්නේ කෙනෙක් මියගියාට පස්සේ ඒ අයගේ ආත්මය පාතාල ලෝකයට යනවා. මේ පාතාලය වතුරවත් නැති, මැටි සහ දූවිලි විතරක් කාලා ඉන්න වෙන තැනක්. හැබැයි වධහිංසාවන් තියෙන තැනකුත් නෙවෙයි. හරියටම කියන්න පුලුවන් හැබෑ ලෝකයේ වඩාත් අන්ධකාර ප්‍රතිබිම්බයක් කියලා. ඉතින් හොඳ කරලා තිබුණත්, නරක කරලා තිබුණත් මේ පාතාල ලෝකයට යන ආත්මයන්ට තියෙන එකම ඉසිඹුව තමයි තමන්ගේ ජීවත් වෙලා ඉන්න පවුලේ උදවිය එහේ ඉඳන් කරන පුජාසත්කාරයන් ලබාගන්න පුලුවන් වීම.

    ඒ වගේම තමයි සුමේරියානු, ආකේඩියානු, බැබිලෝනියානු, ඇසිරියානු සංස්කෘතික ලක්ෂණ වලින් පෝෂණය වුණු මෙසපොතේමියානුවන්, මළවුන්ට දැක්වූ අසීමිත බිය. මේ අය හිතුවේ දුෂ්ට නපුරු ආත්මයන්ට සමහර වෙලාවට පාතාල ලෝකයෙන් මිදිලා ඇවිත් ජීවත් වෙලා ඉන්න අයගේ කණෙන් ඇඟට ඇතුළු වෙලා පිස්සු කෙලින්න පුලුවන් කියලා. විශේෂයෙන්ම හරිහැටි භූමදාන නොකරන මියගියවුන් මෙහෙම ආයෙමත් එනවා කියලා මේ අය විශ්වාස කලා. ඒ නිසාම හතුරෙක්ව වුනත් නියම විදියට භූමදාන කරන සිරිත මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ දකින්න තිබුණු දෙයක්.

    4. අවසන් විනිශ්චය පැමිණෙන තුරු: මුස්ලිම් විශ්වාසයන්

    afterlife-aniwa-04.jpg


    මරණින් මතු ජීවිතය ගැන තියෙන මුස්ලිම් විශ්වාසයන් ඇතුළේත් ආත්ම සංකල්පය තියෙනවා දකින්නට පුලුවන්. ඒ කියන්නේ කෙනෙක් මියගියාට පස්සේත් ආත්මය අවසන් විනිශ්චය දවස එනකල් සොහොන් ගැබ් තුළම තියෙනවා. හැබැයි අවසන් විනිශ්චය නැතිනම් ලෝක විනාශය දවසේ අල්ලාහ් විසින් මැරුණු හැමදෙනාවම මරණයෙන් නැගිට්ටවනවා. ඒ විනිශ්චය කරන්න. මේ විනිශ්චය අනුව මේ ආත්මයන් යවනවා සදාකාලයටම එක්කෝ ස්වර්ගයට, නැතිනම් අපායට. ලෝකය අල්ලාහ් විසින් විනාශ කර දැමෙනවා.

    මේ මුස්ලිම් ඉගැන්වීම් වල එන ස්වර්ගය ඇත්තටම කියැවෙන්නේ පාරාදීසය නැතිනම් උද්‍යානය කියන නමින්. එතකොට අපාය නැතිනම් ජහන්නාම් කියන්නේ ශාරීරික වගේම මානසික වධ හිංසාවන් පමුණුවන තැනක්. මෙතනදී මුස්ලිම් නොවන අයට මේ නිරයේ සදාකල් ඉන්න වෙනවා කියලා තමයි කියවෙන්නේ. කොහොම වුනත් මේ ආකෘතිය ඇතුලේත් මුස්ලිම් විශ්වාසයන්ට අනුව මරණයෙන් මතු ජීවිතය ගැන සුලු සුලු වෙනස්කම් දකින්නටත් පුලුවන්.

    5. ආත්මය නොනැසේ: හින්දු විශ්වාසයන්


    afterlife-aniwa-05.jpg


    හින්දු විශ්වාසයන් ඇතුලේ බෞද්ධ උගැන්වීම් තුළ වගේම නැවත ඉපදීම තියෙනවා. හැබැයි හින්දු විශ්වාසය පදනම් වෙන්නේ ආත්ම සංකල්පය මත. කෙනෙක් මැරුණහම ඒ කෙනාගේ ආත්මය යන්නේ කොහේද කියලා තීරණය වෙන්නේ කර්මය මත. ඒ කියන්නේ ඒ ආත්මයේ සිල්වත්, දුසිල්වත් ක්‍රියාවන් මත. හැබැයි ඒක විතරක්ම නෙවෙයි, තව තව දේවලුත් බලපානවා. උදාහරණයක් විදියට එතකොට මැරෙන්නේ දවසේ කොයි වෙලාවේද කියන එකත් බලපානවා. මැරෙන වෙලාවේ ඒ කෙනාගේ හිතේ තියෙන සිතුවිලි කොයි වගේද කියන එකත් වැදගත් වෙනවා. ඒ කියන්නේ අර භගවද් ගීතාවේ ක්‍රිෂ්ණා විසින් අර්ජුනට කියනවා මැරෙන මොහොතේ දෙවියන් ගැන හිතමින්, දේව භක්තියෙන් මිය යන අය කෙලින්ම දෙවියන් වෙතට යනවා කියලා. එහෙම නැත්තම් මේ ආත්ම යනවා යම රජු වෙතට. එතනදී යම විසින් මේ ආත්ම විනිශ්චය කෙරෙනවා. එතනදී අවාසි තත්වයක් තිබුණත්, මියගිය කෙනාගේ ජීවත්ව ඉන්න ඥාති හිතමිත්‍රාදීන්ට පුළුවන් යාඥාවන් සහ පූජාවන්ගෙන්මේ කෙනාගේ පැත්තට වාසියක් කරගන්න. විශේෂයෙන්ම මිය ගොස් පළමු සති දෙක තුල කෙරෙන මේ පුද පූජාවන් වැදගත්.

    හින්දු විශ්වාසයන් ඇතුලේ ස්වර්ගයන් සහ අපායන් කීපයක්ම තියෙනවා කියලා කියවෙනවා. හැබැයි මේ හැම ලෝකයක්ම අපි ජීවත් වෙන ලෝකය වගේම අනිත්‍යයි කියන විශ්වාසයත් ඔවුන් තුළ තියෙනවා. ඒ වගේම මේ ලෝක සියල්ලම පවතින්නේත් සම්සාර නැතිනම් සංසාරය ඇතුලේ කියලාත් මේ අය කියනවා.

    6. ජීවත් වන්නවුන් හා ගනුදෙනු කළ හැකි මළවුන්: නෝර්ඩික් මිත්‍යා විශ්වාසයන්

    afterlife-aniwa-06.jpg


    මේ මරණින් මතු ජීවිතය ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි පෙරදිගට යන්න යන්න ආගම් සහ විශ්වාසයන් වල ස්වර්ගය, පාතාලය වගේ දේවල් වෙනත් තලයන් විදියට නිර්වචනය වෙනකොට බටහිර විශ්වාසයන් වල මේ දේවල් සෑහෙන්න වචනාර්ථයෙන්ම නිර්වචනය වීම. උදාහරණයක් විදියට නෝර්ඩික් විශ්වාසයන් ඇතුලේ පාතාල ලෝකය කියන්නේ ඇත්තටම පොළව යට තියෙනවා කියලා විශ්වාස කරපු තවත් ලෝකයක්. මේ විශ්වාසයන් ඇතුලේ පුද්ගලයෙක්ගේ ආත්මය සහ භෞතික ශරීරය කියන්නේ පහසුවෙන් බෙදලා වෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒ හින්දම තමයි මේ මරණයෙන් පස්සේ යන මළවුන්ගේ ලෝකයත් සෑහෙන්න භෞතික ලෝකයකට ආසන්න වෙන්නේ.

    මේ කට්ටිය ආත්මයේත් කොටස් දෙකක් ගැන විශ්වාස කරනවා. එකක් නිදහස් ආත්මය හෝ සිහිනමය ආත්මය. ඒකට නින්දෙදි වුනත්, ධ්‍යානයකදී වුනත් පිට වෙන්න පුලුවන්. අනික් එක සචේතනික ආත්මය. මේක පිට වෙන්න නම් කෙනෙක් මැරුණටත් මදි, ශරීරය සම්පූර්ණයෙන්ම වියෝජනය වෙන්න ඕන. ඉතින් ශරීරයක් තවදුරටත් නැති වුනහම මේ සචේතනික ආත්මයත් පිට වෙලා මළවුන්ගේ ලෝකයට යනවා. ගොඩක් වෙලාවට ඒ ගමනට මග පෙන්වන්නේ අර කිව්ව සිහිනමය ආත්ම කොටස තමයි.

    නෝර්ඩික් විශ්වාසයන් තුළත් වීරයින්ට එහෙම විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ඒ වගේම මරණෙන් පස්සේ යන මළවුන්ගේ ලෝකයත් තැන් කීපයක් ගැන සාකච්ඡා වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් මිය යන වීරයෝ යන්නේ ඇස්ගාඩ් වල තියෙන වල්හල්ලා කියන තැනට. ඇස්ගාඩ් වල තමයි දෙය්යෝ ඉන්නේ! ජීවත් වෙලා ඉන්නකොට ලොකුවට දෙයක් නොකරපු අය යනවා හෙල්හයිම් (Helheim) කියන තැනට. එතකොට ඊට පහලින් තියෙනවා නියමම අපාය. ඒකට යන්නේ වැරදි කරපු අය. සිම්පල් ප්ලෑන් එකක්

    7. භීතියේ දේශය හරහා පාරාදීසයට: මායා මිත්‍යා විශ්වාසයන්

    afterlife-aniwa-07.jpg


    මායා මිත්‍යා විශ්වාසයන් අතුරින් මරණයෙන් මතු ජීවිතය ගැන මුල් විශ්වාසයන් ‍තෝරා මතුකරගැනීම අපහසු වන්නේ පසුකාලීනව මායා විශ්වාසයන් ක්‍රිස්තියානිය හා වෙනත් එවැනි තවත් ආගමික විශ්වාසයන් සමගින් මිශ්‍ර වෙලා තියෙන නිසා තමයි. කොහොම වුනත් ප්‍රධානතම මායා මිත්‍යාවන්ට අනුව නම් මේ කට්ටිය මැරුණට පස්සේ ආත්මය තමයි මේ දිග ගමන යනවා කියලා මායන් කට්ටිය හිතාගෙන ඉඳලා තියෙන්නේ. මායා විශ්වාසයන්ට අනුව ආත්මය කියන්නේ උපතේදී ඉඳන් අපිත් එක්ක බැඳිලා තියෙන දෙයක්. මේ බැඳීම ලිහිල් වෙන්නේ දැඩි අසනීපයකදී නැතිනම් මරණයේදී තමයි. මරණයේදී අනිවා ආත්මය නිදහස් වෙනවනේ.

    දැන් මේ අය කියන විදියට කෙනෙක් මැරුණට පස්සේ එයාගෙ ආත්මය යනවා පාරාදීසය කරා. හැබැයි ගමනාන්තයට යනකල් ගමන ෂුවර් නෑ. ඒ තරම් දුෂ්කරයි ගමන. මුලින්ම මරණයෙන් පස්සේ මේ ආත්මයන් ගමන් කරන්නේ ක්සිබාල්බා කියලා හැඳින්වුණු පාතාල ලෝකයට. මේ වචනයේ දළ තේරුම වෙන්නේත් “භීතිය උපදවන තැන” කියන එක තමයි. ඉතින් හිතාගන්න පුලුවන් නේ. කොහොම හරි මේ පාතාල ලෝකයේ ඉන්නවා භයංකාර දෙවිවරු. ඒ කියන්නේ අර ආත්ම ඉරලා කෑලි කෑලි කරන ටයිප් කියලා බය හිතාගන්න පුලුවන් දෙවිවරු. ඒ වගේම ක්සිබාල්බා කියන්නේ බොහෝම ශුෂ්ක භූමියක්.

    දැන් මේ බිහිසුණු භූමියට යන ආත්මයකට මේ හරහා කොහොමහරි හරි පාර හොයාගෙන යන්න වෙනවා විතරක් නෙවෙයි, මෙතන ඉන්න දෙවිවරු මේ ආත්මයන්ට පාර වරද්දලා සදාකල් මෙතනම ඉන්න සිද්ධ කරන්නත් පෙළඹෙනවා. කොහොමින් කොහොම හරි හරි පාර හොයාගෙන ක්සිබාල්බා හරහා තරණය කරන්න සමත් වෙන ආත්මයන්ට තවමත් ගමන ඉවර කරන්න ලැබෙන්නෙ නෑ. දැන් ඒ අයට තලයන් නවයක් පහුකරලා මධ්‍යම ලෝකය කියලා හැඳින්වුණු පෘතුවියට එන්න වෙනවා. එතන ඉඳන් ආයෙමත් තලයන් දහතුනක් පහු කරන්න ඕන ටමොඅන්චාන් කියලා හැඳින්වුණු පාරාදීසයට ඇතුළු වෙන්න. දැන් ආත්මයක් මේ දුරු මග ගෙවලා දෙවියන් ඉන්න ඉහළම තලයට ආවහම තමයි ඒ කට්ටියට එක්කෝ ආයෙමත් පෘතුවියට එන්න පුලුවන් වෙන්නේ. එහෙමත් නැතිනම් අර ඉහළම තලයට පහළින් තියෙන වෙනත් තලයකට මාරු වෙලා සදාකල් සැපේ ඉන්න පුලුවන් වෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මැරුණට පස්සේ ඉතිං වලට හෝ අදාහනාගරේට තමයි යන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕකේ ග්‍රීක, මායා, නෝර්ඩික් ඒවට මිත්‍යා විශ්වාස කියල දාල හින්දු මුස්ලිම් ඒවට නිකන්ම විශ්වාසයන් කියල දාපු එක අසාධාරණයි :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකේ ග්‍රීක, මායා, නෝර්ඩික් ඒවට මිත්‍යා විශ්වාස කියල දාල හින්දු මුස්ලිම් ඒවට නිකන්ම විශ්වාසයන් කියල දාපු එක අසාධාරණයි :oo:

    :rofl::rofl:
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඕකේ ග්‍රීක, මායා, නෝර්ඩික් ඒවට මිත්‍යා විශ්වාස කියල දාල හින්දු මුස්ලිම් ඒවට නිකන්ම විශ්වාසයන් කියල දාපු එක අසාධාරණයි :oo:

    හා...හා...සහජීවනය බ්‍රෝ...
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දැනට ලෝකයේ තියෙන ප‍්‍රධාන ආගම් කීපය අතර මරණින් පස්සේ කියන කරුණට උගන්වා ඇත්තේ එකිනෙකට පරස්පර ඉගැන්වීම්.... හරි තර්කය නම් මේවායෙන් නිවැරදි විය හැක්කේ එකකට පමණි... නැත්තම් සියල්ලම වැරදි... වඩාත් හොඳම දේ තමයි අපි කවද හරි මැරෙනවා නේද කියල හිතල සැහැල්ලු ජීවිතයක් ගත කරල අනෙකාට වාතයක් නැතිව මැරිල යන එකයි....
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    දැනට ලෝකයේ තියෙන ප‍්‍රධාන ආගම් කීපය අතර මරණින් පස්සේ කියන කරුණට උගන්වා ඇත්තේ එකිනෙකට පරස්පර ඉගැන්වීම්.... හරි තර්කය නම් මේවායෙන් නිවැරදි විය හැක්කේ එකකට පමණි... නැත්තම් සියල්ලම වැරදි... වඩාත් හොඳම දේ තමයි අපි කවද හරි මැරෙනවා නේද කියල හිතල සැහැල්ලු ජීවිතයක් ගත කරල අනෙකාට වාතයක් නැතිව මැරිල යන එකයි....

    :):)
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    there can be only one thing that happen to all after death despite their religion
    there can be only one correct answer for that no matter what their religion
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    මැර්නට පස්සෙ දියියලෝකෙ යන්නෙ....
    No one has born already, therefore there's no one to die...
    (Rebirth or heaven is totally a religious shit...:nerd:)
    Priests have implemented it to make people panic and get rewards to them...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    No one has born already, therefore there's no one to die...
    (Rebirth or heaven is totally a religious shit...:nerd:)
    Priests have implemented it to make proplr panic and get rewards to them...

    agree with you. but what u mean by "No one has born already"?:nerd:
     

    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    agree with you. but what u mean by "No one has born already"?:nerd:
    You know bn, after the combination of sperm and ovam a man creates(from environment), in religions they say some extra telestrial life come inside body and give life, but no one had seen it yet:confused:.

    So after that that chils grows, and dies some day,
    then the body is again to environment, just a machine creates and
    destroys, no one inside to controll over it...
    Therefore I said there no one born here, but just a product of universe/environment...