මැරුණාම සතෙක් වෙලා ඉපදුනොත්..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට හිතෙන විදියට නම් මචන් අපිට ගොඩක් හිතන්න පුළුවන් උන නිසා තමයි ඔය දුකවල් .ගොඩක් හිතන්නේ නැති මනුස්සයෝ ඉන්නවා එදාවේල කළා පට්ට අතල් එකේ ඉන්න මිනිස්සු එත පට්ට සල්ලි කරයේ ඉන්නවා උන්ට නැති අඩු පාඩුවක් නැ එත් එන්නේ බයේ නැත්නම් මොකක් හෝ සිත් ලතවිමකින්.උබටත් පුලුවන්නම් සල්ලි ටිකක් හොයාගෙන ඔය ඇත පිටිසර ගමකට ගිහින් හිටපන් එතකොට අර ගමේ යින්න මිනිස්සුත් එක්ක අපි ටිකක් ඉහලට වැටිලා එතකොට අපිට එක අතල් .ඔය දේවල් අපිට අපේ මනසට ගෝචර වෙන්නේ නැ බන් එකනේ ඕව හොයාගන්න බුදුහාමුදුරුවොන්ටත් සරා සන්කෙයිය කල්ප ලක්ෂයක් ගිය ඕක තේරුම් ගන්න ඉතින් අපි ගැන මොන කතාද බන් .උබ ඔය හොදයි කියන තිරිසන් ලෝකය උබට හදිසියේ වත් මොකක් හෝ නුවනක් පහල වෙලා උබට උබ දුක් විදපු තිරිසන් ආත්ම ටික දැක්කෙත් උබ අයිමත් ඔහොම කටහවක් කියනන තියා තිනන එකක් වත් නැ .අනික මචන් මනුස්සයෙක් උන උබ අයිමත් තිරිසන් සංස්කාර වඩන්නේ නැතිව දේව සංස්කාර වැඩපන්

    ඒ කිව්වේ..? බල්ලෙක් වෙලා ඉපදුනත් එක පාරට මනුස්සයෙක් වගේ හිතෙන්න පුලුවන්ද ?
    බුදු හාමුදුරුවෝ එහෙම කියල තියනවද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    down syndrome තියන අයට depression තියනවා කියල diagnose කරන්නේ කොහොමද? :oo: patient ගෙන් ලැබෙන verbal input එකෙන් නේ diagnose කරන්නේ ... IQ එක 30 වගේ තියන අයගෙන් කොහොමද realiable input එකක් ගන්නේ

    හැසිරීමෙන් කරන දේවල් වලිං වෙන්න ඇති
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැසිරීමෙන් කරන දේවල් වලිං වෙන්න ඇති

    එතන අවුලක් තියනවනේ...
    එහෙම බැලුවොත් බල්ලන්ටත් depression තියනවා කියනවනේ...
    එත් ඒ depression එක සාමාන්‍ය බුද්දියක් තියන මනුස්සයෙක්ට දැනෙන එක වගේද කියල ප්‍රශ්නයක් එනවා..
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    ඒකනේ උගේ පූසට තියෙන සැප. කන්න බොන්න ද බෙහෙත් හේත් ද ඔක්කොම අනුරාද ගෙදත් දෙනවනේ.

    ඌටත් එහෙමනේ යකෝ ඌ මෙතන මැරෙන්න හැදුවට
     
    bullet kill

    Member
    Mar 2, 2019
    21
    2
    3
    සතෙක් වෙලා ඉපදුනොත් කොහොමද කියහන්කො ආපහු Elakiri එකට එන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌටත් එහෙමනේ යකෝ ඌ මෙතන මැරෙන්න හැදුවට

    :no:

    උට මනුස්සයෙක්ගේ ආසාවල් උවමනාවක් තියනවනේ...
    මනුස්සයෙක්ට කන්න බොන්න විතරක් තිබිල මදිනේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සතෙක් වෙලා ඉපදුනොත් කොහොමද කියහන්කො ආපහු Elakiri එකට එන්නෙ.

    සතෙක් උනාට පස්සේ මොකටද බං එළකිරි එන්නේ...:rofl:
     
    bullet kill

    Member
    Mar 2, 2019
    21
    2
    3
    සතෙක් වෙලා බලහන්කො මොකක්ද හොද ජීවිතේ කියල.සතු හිතනව අති මිහෙක් උනානම් හොදයි කියල , මිනිස්සු හිතනව සතෙක් උනානන් හොදයි කියල, හොදම දේ තමයි ආපහු කිසිදු බවයක් ඉපදෙන්නෙ නැතිව රහත් වෙන එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සතෙක් වෙලා බලහන්කො මොකක්ද හොද ජීවිතේ කියල.සතු හිතනව අති මිහෙක් උනානම් හොදයි කියල , මිනිස්සු හිතනව සතෙක් උනානන් හොදයි කියල, හොදම දේ තමයි ආපහු කිසිදු බවයක් ඉපදෙන්නෙ නැතිව රහත් වෙන එක

    :no:

    උන්ට එච්චර දෙයක් හිතන්න බෑ...
    self awareness එකක් නෑ ගොඩක් සත්තුන්ට chimpලට නම් තියනවද කොහෙද...
     
    ජීව විද්‍යාවෙ විදියට මිනිසුන් නිර්මානය වෙලා තියෙන්නෙ වඩුරු විශේශයකින් එක නිසා වඩුරාගෙ පරිනාම්ය අනුව සියලුම අච්ග ලක්ශන මෙන්ම වර්දනයන් වෙනස් ව්ලා කියල විදයාවෙ කියනව. මමනන් හිතන්නෙ සමහර සතුන්ට හිතල වැඩක් කරන්ඩ පුලුවන් කියල
     
    bullet kill

    Member
    Mar 2, 2019
    21
    2
    3
    හොදම දේ තමයි මේ ඉපදුන මනුස්ස ජීවිතයෙන් හොදටම පිං කරල රහත් වෙන එක එතකොට ආපහු ඉපදෙන්නෙත් නෑ ප්‍රශ්නත් නෑ
     
    • Like
    Reactions: maraputha

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සතෙක් වෙලා බලහන්කො මොකක්ද හොද ජීවිතේ කියල.සතු හිතනව අති මිහෙක් උනානම් හොදයි කියල , මිනිස්සු හිතනව සතෙක් උනානන් හොදයි කියල, හොදම දේ තමයි ආපහු කිසිදු බවයක් ඉපදෙන්නෙ නැතිව රහත් වෙන එක

    sex feelings nadda ubata?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතන අවුලක් තියනවනේ...
    එහෙම බැලුවොත් බල්ලන්ටත් depression තියනවා කියනවනේ...
    එත් ඒ depression එක සාමාන්‍ය බුද්දියක් තියන මනුස්සයෙක්ට දැනෙන එක වගේද කියල ප්‍රශ්නයක් එනවා..

    විද්‍යාත්මක ක්‍රමේට එහෙම දැනගන්න ක්‍රමයක් නෑනෙ. නිකංම උපකල්පනය කරන්න විතරයි පුලුවන් උට දැනෙන depress ගතිය වෙනස් කියල. බල්ලන්ට නං depression හැදෙනව අහල නෑ පූසො නං ආදරෙං බලාගෙන වෙනස් කම් කලාම පැත්තකට වෙලා නොකා නොබී ඉඳල මැරිල යනවනං අහල/දැකල තියෙනව. :(

    දැනගන්න පුලුවන් ඉතිං හිත දියුණු කරල සතාගෙ හිත කියෝල විතරයි. උඹ නං පිළිගන්නෑ. ඒත් සත්ව ජීවිතේ මනුස්ස ජීවිතේට වඩා දුකක් කියල කියල තියෙන්නෙ එහෙම වෙනත් අයගෙ හිත් දකින්න පුලුවන් කියල කියපු අයනෙ. සමහර විට ඇත්තටම ලොකු දුකක් ඇති.

    සත්තු ගැන බටහිර තියෙන චිත්‍රෙ ඒබ්‍රහමික ආගම් වලිං ලැබුනු ආභාශයත් එක්ක එන දෙයක්නෙ. සමහර විද්‍යාඥයො සත්තු කියන්නෙ කිසිම හැඟීමක් දැනීමක් නැති නිකංම යන්ත්‍ර කියල කියන අවස්ථාවනුත් තියෙනව. සමහර විද්‍යාඥයන්ට හැඟීම් දැනීම් ටිකක් හරි තියෙන්නෙ බල්ලො පූසො දෙගොල්ලන්ට විතරයි. මේ ලඟදි කියෙව්ව roger penrose ගෙ පොතක roger penrose කෙලිංම කියනව මාලු ටැංකියක ඉන්න gold fish කෙනෙක් දිහා බැලුවට තවත් කෙනෙක් මගෙ දිහා බලනව වගේ දැනෙන්නෙ නෑ නිකං යම් දෙයක් තියෙනව වගේලු දැනෙන්නෙ. ඒත් අපිට එහෙම දැනෙන්නෑනෙ. අපේ සංස්කෘතියෙ සත්තු ද්‍රව්‍ය පැහැදිලිව වෙන් කිරීමක් තියෙනව (ඉංග්‍රීසි භාශාවෙ එහෙම නෑ) මිනිස්සුයි සත්තුයි අපේ සංස්කෘතියෙන්ම මේස පුටු වලිං වෙන් කරල එක කුලකෙට දානව. බටහිර චින්තනේ මේකෙ අනික් පැත්ත. ඉතිං සත්තු self awareness එකක් නැති දේවල් ටිකක් විදිහට දකින හේතුවට බටහිර චින්තනය සෑහෙන්න බලපෑමක් කරනව ඇති. මට මං හැර වෙන මනුස්සයෙක්වත් self aware කියල දැනගන්න ක්‍රමයක් නෑනෙ. මට සමාන නිසා මං වගේම ඒ මනුස්සයටත් දැනෙනව ඇති කියල ගන්න විතරනෙ පුලුවන්. ලංකාවෙ තියෙන සංස්කෘතියෙ සත්තුන්ගෙ කෝනෙන් දකින්නත් උගන්නද්දි බටහිර සංස්කෘතියෙ සත්තු කියන්නෙ මිනිසා වෙනුවෙන් තියෙන දුව්‍ය ගොඩක් විදිහට පොඩි කාලෙ ඉඳන් ඉගැන්නුවාම (explicitly නෙමේ භාශාවෙන්, සංස්කෘතිකාංග වලිං) නිකංම සත්තු self awareness එකක් නැති හෝ අසාමාන්‍ය ලෙස අඩු දේවල් ටිකක් විදිහට දකින්න පෙලඹෙනව. ඒ නිසා මනින්න බැරි, අත්දකින්න බැරි self awareness එක වගේ guess කරන්න තියෙන දෙයක් ගැන කෙනෙක් කියද්දි ඒ මනුස්සයගෙ සංස්කෘතිය ඒ මතේට ලොකු බලපෑමක් කරනව වෙන්න තියෙන ඉඩ වැඩියි.

    සත්තු ඔය කියන තරං primitive නැතුව වෙන්නත් පුලුවන්. අපේ මොලේ හැදිල තියෙන්නෙ උපකරණ පාවිච්චි කරන්න, සැලසුම් කරන්න වගේ දේවල් වලටනෙ. සත්තුන්ගෙ මොලේ ඒ දේවල් කරන්න අවශ්‍ය කරන දියුණුව නැති වුනාට සමහර දේවල් මිනිස්සුන්ට වඩා දැනෙනව වෙන්නත් පුලුවන්. අපිට අනාගතේ හිතල අනතුරු වලිං බේරුනෑකි. සත්තු (ගොඩක් වෙලාවට) එහෙම සැලසුම් කරන බවක් පේන්නෑ. සමහර විට සැලසුම් කිරීමේ හැකියාව අඩුවීමත් එක්ක උන්ට ජීවිතේ බේරගන්න මිනිස්සුන්ට වඩා self awareness එකක් තියෙනව වෙන්නත් පුලුවන්. එහෙම නැත්තං අවට ගැන අවධානෙන් ඉන්න ඕනෙ නෑනෙ. සත්තු තමංගෙ මරණය contemplate කරනව වෙන්නත් පුලුවන්.

    තල්මස්සුන්ට වගේ නං පලාත අනුව වෙන වෙනම භාශාත් තියෙනව. උන් මොනව කතා කරනව ඇත්ද. අපි හිතනවට වඩා සත්තු වෙනස් ඇති. අපි කරන්නෙ මතුපිටිං පේන්න තියෙන දෙයිං guess කරන එකනෙ.
     
    සත්තු දුක් විඳින එක ගැන කියල තියෙන්නේ මිනිස්සුන්ට සාපේක්ෂව නේද? උඹ ඔය කියන හිත දියුණු කරා කියල කියන අයත් කියල තියෙන්නේ... explicitly කියල නෑනේ සත්තුන්ට අපි වගේම සංකීර්ණ දුකක් දැනෙනවා කියල.... :oo:

    බටහිර චින්තනයේ මුල්සබැගත්ත මතයක් තමයි සත්තු කියන්නේ awareness එකක් නැති ජාතියක් කියල... එත් mirror self-recognition test වගේ test වලින් chimp ල dolphin ල pass වෙලා තියනවා ,,, එත් ගොඩක් සත්තු තමන්ගේ reflection එකට ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ... අපිට හිතන්න පුළුවන් self awareness එක ගැන පරික්ෂා කරන්න ඔය ක්‍රමේ සාර්ථක නෑ කියල, එත් තරමක් දුරට සාර්ථක indication එකක් දෙනවනේ එකෙන්..

    self awareness එකක් නැතුවත් complex feelings තියන්නේ පුළුවන් හරියටම හොයන්න බෑ තමයි එත් එහෙම වෙන්න පුළුවන් හැකියාව අඩුයි...

    spectrum එකේ පල්ලෙහාටම ගියාම ඉන්න ක්ෂුද්‍රජිවින් වගේ සත්තුන්ට complex nerves system එකක් නෑනේ කොහොමත් , ඉතින් උන්ට වේදනාවක් දැනෙන්නේ විදියක් නෑනේ කොහොමත්.. ලොකු සත්තු වගේ බිලියන ගුණයක් ඇති ක්ෂුද්‍ර ජීවියෝ ඉතින් වැඩිම සම්බාවිතාවක් තියෙන්නේ එහෙම ජිවිතයක් ලබන්නනේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජීව විද්‍යාවෙ විදියට මිනිසුන් නිර්මානය වෙලා තියෙන්නෙ වඩුරු විශේශයකින් එක නිසා වඩුරාගෙ පරිනාම්ය අනුව සියලුම අච්ග ලක්ශන මෙන්ම වර්දනයන් වෙනස් ව්ලා කියල විදයාවෙ කියනව. මමනන් හිතන්නෙ සමහර සතුන්ට හිතල වැඩක් කරන්ඩ පුලුවන් කියල

    හිතල වැඩ කරන්න පුළුවන් යම් මට්ටමකට...
    එත් "මනුස්සයෙක් උනා නම් හොඳයි" කියල හිතන්න නම් බැරුව ඇති ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සත්තු දුක් විඳින එක ගැන කියල තියෙන්නේ මිනිස්සුන්ට සාපේක්ෂව නේද? උඹ ඔය කියන හිත දියුණු කරා කියල කියන අයත් කියල තියෙන්නේ... explicitly කියල නෑනේ සත්තුන්ට අපි වගේම සංකීර්ණ දුකක් දැනෙනවා කියල.... :oo:

    බටහිර චින්තනයේ මුල්සබැගත්ත මතයක් තමයි සත්තු කියන්නේ awareness එකක් නැති ජාතියක් කියල... එත් mirror self-recognition test වගේ test වලින් chimp ල dolphin ල pass වෙලා තියනවා ,,, එත් ගොඩක් සත්තු තමන්ගේ reflection එකට ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ... අපිට හිතන්න පුළුවන් self awareness එක ගැන පරික්ෂා කරන්න ඔය ක්‍රමේ සාර්ථක නෑ කියල, එත් තරමක් දුරට සාර්ථක indication එකක් දෙනවනේ එකෙන්..

    self awareness එකක් නැතුවත් complex feelings තියන්නේ පුළුවන් හරියටම හොයන්න බෑ තමයි එත් එහෙම වෙන්න පුළුවන් හැකියාව අඩුයි...

    spectrum එකේ පල්ලෙහාටම ගියාම ඉන්න ක්ෂුද්‍රජිවින් වගේ සත්තුන්ට complex nerves system එකක් නෑනේ කොහොමත් , ඉතින් උන්ට වේදනාවක් දැනෙන්නේ විදියක් නෑනේ කොහොමත්.. ලොකු සත්තු වගේ බිලියන ගුණයක් ඇති ක්ෂුද්‍ර ජීවියෝ ඉතින් වැඩිම සම්බාවිතාවක් තියෙන්නේ එහෙම ජිවිතයක් ලබන්නනේ...

    දුකේ ස්වභාවය ගැන මට නං හම්බවෙලා නෑ කිසිම තැනක explicitly ලොකු විස්තරයක් කරනව. දුකයි කියල තමා කියල තියෙන්නෙ නං.

    scientific experiment වලිං සමාජෙට යම් බලපෑමක් කලාට ඊට වඩා සංස්කෘතියක භාශාවත් එක්ක බද්ධ වෙලා තියෙනව දේවල් categorize කරන එක. ඉංග්‍රීසි භාශාවෙ අලුත් වචනයක් ඇහුනාම මේක පණ ඇති සතෙක්ට refer කරන්නෙ කියල දැනෙන විදිහට අලුත් වචනයක් හදන්න බෑ :no: සිංහල භාශාවෙ පුලුවන්. සමහර විට සංස්කෘත පාලි වගේ භාශාවලත් පුලුවන් ඇති. ජර්මන් ප්‍රංශ වගේ භාශාවල ඉංග්‍රීසි වල වගේම බැරුව ඇති. භාශාවෙන්, සංස්කෘතිකාංග වලිං එහෙම implicitly සත්තු මිනිස්සුත් එක්ක එකම කැටගරියට නොදා ඉන්න උගන්නද්දි විද්‍යාවෙන් කොච්චර පරිණාමවාදය, කණ්නාඩි තියල කරන ටෙස්ට් ඉගැන්නුවට වැඩක් නෑ පොඩි කාලෙ ඉඳන් ඔලුවට වැටුනෙ සත්තු = ද්‍රව්‍ය කියල නිසා ඒ අදහස හිත යට තියෙනව. අනුමාන කරන අවස්ථා වල ඒ subconscious එකේ තියෙන අදහස් නිකංම බලපෑම් කරනව. මං නං හිතන්නෑ පෙරදිග රටක ගොඩනැගෙන දැනුමකිං කවදාවත් මේ විදිහට සත්තුන්ගෙ self awareness එක ප්‍රශ්න කරයි කියල :no:

    ක්ශුද්‍ර ජීවියො නං නිකං අපේ ඇඟේ සෛල වගේනෙ. මොනා හරි දේවල් ටිකක් කරනව මිසක් ලොකු decisions ගැනීමක් කරන්නෙ නෑනෙ. ඒත් අපි සත්තු කියන උන් එහෙම නෑනෙ. අනේ මන්ද. මට නං සත්තු self aware කියන දේ self evident+obvious :confused:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඒ කිව්වේ..? බල්ලෙක් වෙලා ඉපදුනත් එක පාරට මනුස්සයෙක් වගේ හිතෙන්න පුලුවන්ද ?
    බුදු හාමුදුරුවෝ එහෙම කියල තියනවද ?

    නැහැ බන් ආගමේ හැටියට අපිට මේ මනුස්ස ජෙවිතේ ලැබුනේ හරියට උපමා කලොත් අපි කුමන හෝ සතෙක් වෙලා ඉපදුන ආත්ම ගණන මහාසාගරය තරම් නම් මිනිස් ආත්මයක් හම්බවෙන්නේ එක දිය බින්දුවක් තරම් මේ සසර කොයිතරම දිගද කියනවනම් උබේ දැන් ඉන්න අම්මගෙන් උබ කිරි බිලා තියනවලු මහා සාගරය තරමට එතකොට බලපන්කො උබ කොයිතරම් ඉපදිලා තියනවද කියල උබට දැන් ඉන්න අම්ම ලබන ආත්මේ හම්බවෙන්නේ නැනේ ඒ අම්ම හම්බවෙන්නේ තව කල්ප ගානකට වෙන්න පුළුවන් උබ ඉපදෙන හැම අත්මේම කිරි බොන්නෙත් නැනේ බලපන් මේ සසරේ දිග.උබ අහපු දේට අවොත් මම කිව්වේ උබට මේ ලැබිච්ච මනුස්ස ආත්මෙදි උබට මොකක් හෝ බලයක් ලැබුනොත් පහුගිය ආත්ම බලන්න උබට තේරේවි උබ කොයිතරම් තිරිසන් ලෝකවල දුක් වින්දද කියලා .උබට එහෙම බලන්න පුළුවන් කමක් ලැබුනොත් උබ කරන්න ඔය හැමදේම අතරලා සංසාරෙන් මිදෙන්න ක්‍රමයක් හොයන එක එක හරියට උපමා කරලා තියෙන්නේ හිස ගිනිගත් මිනිසෙක් එගිනි නිවන්නසේ ඒ කියන්නේ උබේ හිස ගිනිගෙන උබ නිවාගන්න දුවන වෙලාවක කව්රුහරි උබෙන් අහනවා උබට ඕනෑම දෙයක් දෙන්නම් සල්ලි යානවාහන වතුපිටි ගැනු ඒ වෙලාවට උබට ඔය කිසිම දෙකින් වැඩක් නෑ උබට ඕන ඔලුවේ තියන ගින්න නිවාගන්න .උබට ඔය මහා පොලවේ වැලිකැට ගනින් එක වලිකටයක් තරමට ලැබුණු මනුස්ස ජිවිතේ එපා කියල තිරිසන් ආත්මයක් පතනවානම් උබ කල්පනා කරපන් උබ දැනුමින් ඉන්න තැන කොතනද කියලා
     
    • Like
    Reactions: maraputha

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ඒකනේ උගේ පූසට තියෙන සැප. කන්න බොන්න ද බෙහෙත් හේත් ද ඔක්කොම අනුරාද ගෙදත් දෙනවනේ.

    ඒ උනාට පූසට අනුරාදරාගෙන් ලිංගික අතවර විඳින්න සිද්ධවෙනවනේ. ඌ ගෙදර ඇති කරන සත්තුන්ගෙ ඇට දෙකට ඇඟිල්ලෙන් තට්ටු බට්ටු දාන බව ප්‍රකාශ කරල තියෙනවා :eek: