මැරුනම ආයෙත් ඉපදෙනවාද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    පුතා ඔයා පටලගේනනේ ඉන්නෙ. consciousness (විඥානය) වෙනයි පංචස්කන්ධයේ තියෙන විඥානය වෙනයි. බුදු හාමුදුරුවො කියලා නෑ මැරුණට පස්සේ consciousness (විඥානය) ඊලග ආත්මෙට යනවා කියලා. බුදු හාමුදුරුවෝ කිවේ මේ ආත්මේ ඉඳන් අපි ඊලග ආත්මෙට ගියොත් ඊලග ආත්මේ ඉන්නෙ මේ ආත්මේ හිටපු අපි නෙමෙයි. හැබැයි අපි නෙමෙයි කියලා කියන්නත් බෑ. බුදු හාමුදුරුවො ඕක මුහුදේ රළ වලට උපමා කරා. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන මුහුදු රැල්ල නෙමෙයි ඊලග මොහොතේ තියෙන්නෙ. හැබැයි ඒ වුනාට රැල්ල එකමයි. අන්න ඒ වගේ. එතකොට පංචස්කන්ධයේ තියෙන විඥානය කියලා කියන්නෙ සිතට. චක්ඛු විඥානය, සෝත විඥානය, ඝාණ විඥානය, ජිව්හා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. පංචස්කන්ධය අනිත්‍යයි කියලා කියන්නෙ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන (උඩ කියපු 6) යන මේ ස්කන්ධ පහේ අනිත්‍ය. ඔතන ලොකු process එකක් තියෙනවා. ඕක තමයි හරියට තේරුම්ගන්න ඕනේ.
    නියමයි
    Uba dream ekak athule reality ekak hoyanawa.hambenne ne.logical frame work ekakata okata answer eka watenne ne.
    Matrix ?
     

    sanathj2005

    Member
    May 27, 2021
    3
    1
    3
    අප උපත ලබා ඇත්තේ කාම ලෝකයෙහි ය. එහෙයින් කාම ලෝකයෙහි පුනර්භවය සිදු වන ආකාරය අභිධර්මයට අනුව විමසා බලමු. මවුකුස මුලින් ම හටගන්නා සිත ප්‍රතිසන්ධි සිත යි. ඉන් පසු භවංග සිත් ඇති වේ. අනතුරු ව චිත්ත වීථි ඇති වෙයි. සෑම චිත්ත වීථි දෙකක් අතර ම භවංග සිත ඇති වේ. ප්‍රතිසන්ධි සිත හා භවංග සිත චිත්ත වීථිවලට අයත් නො වේ. එහෙයින් වීථිමුක්ත සිත් යනුවෙන් ඒවා හඳුන්වා ඇත.

    උපතේ පටන් මරණය තෙක් ම වීථිමුක්ත භවංග සිත හා චිත්ත වීථි දිගින් දිගට ම ඉපදී – පැවතී – නැති වී යයි.
    යම් දිනෙක පුද්ගලයා මරණයට ආසන්න වෙයි. මරණාසන්න වූ පුද්ගලයාට මේ ජීවිතයේදී අවසන් වරට ඇති වන චිත්තවීථිය හැඳින්වෙන්නේ මරණාසන්න චිත්තවීථිය යනුවෙනි.
    මෙහිදී ජවන් සිත් හතක් මරණාසන්න චිත්ත වීථියෙහි ඇති නො වේ. එහි ඇති වන්නේ ජවන් සිත් පහකි. ඉන් පසුව තදාරම්මණ සිත් හා භවංග සිත ඇති වේ. එම භවංග සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ මේ ජීවිතයේ අවසාන සිත උපදී. එය චුති සිත යැ යි නම් කර ඇත. එය ද වීථිමුක්ත සිතකි. චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමග මරණය සිදු වෙයි.

    අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිතට අරමුණු වන්නේ කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තකි. මෙම කර්ම, කර්ම නිමිති, ගති නිමිති මරණයට දින කීපයකට කලින් සිට වුව ද ඇති විය හැකි ය. කෙසේ හෝ මරණාසන්න චිත්තවීථිය නැති වී ගිය පසු භවංග සිත ඉපදී, පැවතී, නැති වී යයි. ඉන් පසු කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ අරමුණු කරමින් චුති සිත උපදී. ඒ චුති සිත කුසල සිතක් හෝ අකුසල සිතක් හෝ විය හැකි ය. අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් යුත් චුති සිත ඉපදී, පැවතී, නැති වී යෑමත් සමඟ එහි ඇති කර්ම ශක්තියට අනුව කාම ලෝකයට අයත් මිනිස් ලොව මවු කුසක හෝ තිරිසන් සතකුගේ කුසක හෝ අන් සුදුසු තැනක තව සිතක් පහළ වෙයි. එයට ප්‍රතිසන්ධි සිත යැ යි කියනු ලැබේ. චුති සිතෙන් පසු ප්‍රතිසන්ධි සිතක පහළ වීම පුනර්භවය යි.


    උපුටාගනිම
    ඉතා හොද පැහිදිලි කිරිමක්
     
    • Like
    Reactions: meeka

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මචන්ලා, මැරුනම ආයෙත් ඉපදෙනවාද?
    මේක මාර ප්‍රශ්නයක් අපි ඔක්කොම මැරිල අයෙත් ඉපදෙනව කියන නිස ජීවත් වෙන්නෙත් මාරම බයකින් නේද?
    මැරිල මොකෙක් වේද කියලා....

    ඒත්,
    බුදු හාමුදුරුවො කියලා තියෙන සමහර කාරනා හිතුවොත් මේ ආයෙත් ඉපදෙන සීන් එක හරිද කියලත් හිතෙනවා...

    උදාහරනයක් විදියට
    බුදුන් වහන්සේ "සබ්බේ සංකාරා අනිච්චාති" කියලා තියෙන්නෙ සියලු සන්ස්කාර අනිත්යයි කියලා...
    සංකාරා වලට පන්චස්කන්දයත් අයිතී (රූප වෙදනා, සංනා, සන්කාරා, විංනාන ) එතකොට මේ කියන විංනානත් අනිත්යයි...

    අයෙත් ඉපදෙන්න නම් මේ බවයෙන් ඊලග බවයට යන්නෙ විංඥානය කියනවනේ....ඉතින් ඒකත් අනිත්යයි නම් යන්නෙ මොකක්ද

    එතකොට මේ ඉන්න අපි මැරුනම වෙනත් බවයකට යන්නෙ වින්නානය නෙවේ ද?
    නැත්නම් අපි මේ හිතාගෙන ඉන්න නැවත ඉපදීම බොරුවක් ද?

    දන්නවනම් පහදලා දෙන්න...
    Meken arakata yana kathawak tiyenna Hinduism wala.

    Buddhism wala kiyanne..mee vijjanaya niroda wenakoya wenat vijjanayak (kalin eka nisa hetu una) aluthin athi wenawa kiyala.

    Hariyata iti pannam set ekak wage: first iti pandemen dewani eka pattu karanna puluwan.. habai dewani eke tiyenne palamu eke tiyena gindara newei...habai palamu eka hetu wela athi una ekak..

    aniccai kiyanne hetu nisa athi una hetu nathi wena kiya nathi wenawa kiyana eka.. eye ekata awashya hetu tika set unama eye eke vijjanaya athi wenawa...ee hetu tika nathi wenakota vijjanaya nathi wenawa...ee kiyanne vijjanaya kiyana dee digata tiyena deyak newei.. anicca deyak..


    නැවත උපදිනවා කියන සංකල්පය හැම ප්‍රධාන ආගමකම තියෙනවා, කතෝලික/යුදෙව්/ඉස්ලාම් එවුන් සදාකාලික නිරයක් හෝ ස්වර්ගයක්, බෞද්ධයෝ /හින්දු උදවිය පුනරුත්පත්ති/පුනර්භව සංකල්ප හදාගෙන තියෙනවා, එහෙම නිර්මාණය කරලා තියෙන්නේ ආගම් වල පැවැත්මට. ඒ සංකල්ප නැත්නම් හැම ආගමකම ප්‍රධාන මූලධර්ම බිඳ වැටෙනවා.

    මම විශ්වාස කරන්නේ මේ පොළවේ තිබෙන ජීවය කියන්නේ සෙල්ෆ් ප්‍රෝග්‍රෑම් වුනු බයෝලොජිකල් රොබෝලා කියල, හැම ජීවයක් ම එහෙම තමයි, මිනිසාද ඇතුළුව.

    Ee kiyana robolage manasa (energy) eka kohomada mee nature kiyana (energy) field eke wada karanne kohomada kiyala tamai budu hamuduruo kiwwe.. hariyata electron ekak paramanuwaka energy levels wala eheta meheta paninawa wage...
    ------ Post added on Jul 7, 2021 at 3:32 AM

    මෙහෙමනෙ බන් සියලු දේම අනිත්‍ය නන් අනිවා අපි අවට තියෙනව හැම දේකම ඒක තියෙන්න ඕනිනෙ. එතකොට ඒක රියලිටි එකම තමා

    Budu hamuduruwo siyalla (nattam lokaya) kiwee..mee gedara dorai, yana wahana walata nemei..eliye tiyena kisima deyak newei...budun siyalla kiwee bambayak tula tiyena asa(indriya newei, process eka) kana, nasa..... (nattam pancha skandhayata).. anna ewa tamai anicca.. oka tiripitakaye pahadiliwa kiyanawa...minissu tamai anicca loke tiyana hama deyama daane.. budu hamuduruwan kiyala loke pancha skandhaya.. pitakaye budu hamudurwan jetawanramaya aniccai kiyala kohewat kiyala naa..
    ------ Post added on Jul 7, 2021 at 3:46 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    එක මැෂින් එකක් කැඩෙනවා .. ඒකෙ os එකේ තිබ්බ serial num එක තව අලුත් මැෂින් එකක් වැඩ කරන්න පාවිච්චි වෙනවා වගේ දෙයක් වෙනවා ඇති.
    කලින් එකේ දත්ත, ගැටලු අලුත් එක දන්නෙත් නෑ අදාලත් නෑ වගේ දෙයක් .. කලින් මැෂින් එකම නෙවෙයි. හැබැයි ඒ පාවිච්චි උන දේමයි...
    ජීවයට අදාල ශක්තියක් විතරක් මාරු වෙනවා ඇති. මට නම් හිතෙන්නේ ඔහොම දෙයක්..
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,323
    7,220
    113
    t
    විඤ්ඤාණය කියන්නේ සිතට.
    ඉතින් සිත කියන්නේ එකක් නෙවෙයි.
    බෞද්ධ දර්ශණයේ හැටියට හැමවිටම සිත් උපදිනවා නැතිවෙනවා. අතරක් නැතිව නැවත උපදිනවා.

    හටගනිමින් නැතිවෙමින් යන සිත් පරම්පරාවක් තියෙන්නේ.
    සිතක කාලය චිත්තක්‍ෂණයයි. ඒකියන්නේ මිලිතප්පර ගාණකටත් අඩුයි.
    ඉතින් විඤ්ඤාණය අනිත්‍ය බව පැහැදිලිව පේනවා.

    භවයෙන් භවයට යන විඤ්ඤාණයක් ගැන බෞද්ධ දර්ශණයෙ පිළිගැනීමක් නැත. පුනරුප්පත්ති‍යක් නැත. පුනර්භවයක් ඇත.

    අවිද්‍යාව හේතු කොටගෙන සංඛාරයෝ උපදිති. (අවිජ්ජා පච්චයා සංඛාරා)
    සංඛාරයෝ හේතු කොටගෙන විඤ්ඤාණය උපදියි. (සංඛාර පච්චයා විඤ්ඤාණං)
    this 🙏🏿
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පොස්ට් එක දාපු එකා වහරක, අභය, බඩ්ඩ, මීවණපලානේගේ ගෝලෙයෙක් වගේ මට නම් පේන්නේ. පුරස්නේ දාල උත්තරේ වෙන එකෙක් ( :ROFLMAO: :ROFLMAO: )දෙනකොට ලයික් එකකුත් දාල වගේ නේහ්??
    උඹ තමයි හරියටම කිව්වෙ.
    බමුණු මෝඩ නිරුක්තිවල ගඳ කොහේ තිබ්බත් හොඳට දැනෙනවා.:lol:
     

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    උඹ තමයි හරියටම කිව්වෙ.
    බමුණු මෝඩ නිරුක්තිවල ගඳ කොහේ තිබ්බත් හොඳට දැනෙනවා.:lol:
    Hut*** Katha karanawa..
    yako meke tina apahadili tenak gana wena ayagen ahuwama..
    hamogema adahas dana ganna one une mata..
    uba nam baiyek ma tamai bai model....

    පොස්ට් එක දාපු එකා වහරක, අභය, බඩ්ඩ, මීවණපලානේගේ ගෝලෙයෙක් වගේ මට නම් පේන්නේ. පුරස්නේ දාල උත්තරේ වෙන එකෙක් ( :ROFLMAO: :ROFLMAO: )දෙනකොට ලයික් එකකුත් දාල වගේ නේහ්??
    me kiyala tina ewa kiyawala igena ganin... danne nathnam...moda katha nokiya
    ------ Post added on Jul 7, 2021 at 8:03 PM
     
    • Like
    Reactions: INCORRECT

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දෙකම.
    අනිත්‍යයි කියලා හැමෝම දන්නවා. හැබැයි අනිච්ඡයි (කැමැත්ත ඉටු නොනරන බව) කියලා දන්නෙ දහම දැනගත් අය විතරයි.

    වහරක-අභය-මීවණපලානේ ධර්ම විකෘතිය! පුන්නක්කු එක්ක ගොන්නුන්ට කියපන් ඔය බහුබූත!
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඇයි බන් ලබන ආත්මයක් ගැන හිතලා වොරි වෙන්නේ..මේ ආත්මේ ආතල් එකේ ඉදපන් කෝ
    Ubata ledak tiyenawa nam tawa 2 yrs walin marenawanam..

    1. uba lede naa kiyala joliye innawada?
    2. ledak tiyenawa kiyala accept karala, ekata awashya prathi karayak karanawada?

    දෙකම.
    අනිත්‍යයි කියලා හැමෝම දන්නවා. හැබැයි අනිච්ඡයි (කැමැත්ත ඉටු නොනරන බව) කියලා දන්නෙ දහම දැනගත් අය විතරයි.
    asa (eye) kiyana eka kamatta itu karanne naa kiyanne mokakda? serious ahanne....example ekak denna
    ------ Post added on Jul 8, 2021 at 9:04 AM
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    asa (eye) kiyana eka kamatta itu karanne naa kiyanne mokakda? serious ahanne....example ekak denna
    ------ Post added on Jul 8, 2021 at 9:04 AM

    වහෙන් ඔරෝ ඔය කියන්න හදන්නේ "අනිච්ච" කියන වචනයේ තේරුම අපිට උගන්නලා තියෙන්නේ වැරදියට කියලනේ. අනිච්ච කියන එකේ තේරුම "අනිත්‍යය" ලෙස අර්ථකතනය කිරීම වැරදියි කියලනේ. අනිච්ච කියන පදයේ සැබැ තේරුම "තමන්ගේ කැමත්තේ නොපවතින බව" කියලනේ ඔය කියන්න හදන්නේ. ඒ කියන්නේ "මට ඕනි දේ වෙන්නේ නෑ" කියන එක තමයි "අනිච්ච" කියන්නේ.

    එතකොට ඔය පදය බෙදන්න යන්නේ මෙහෙමනේ,

    න + ඉච්ඡ
    අන් + ඉච්ඡ
    අනිච්ඡ

    පාලි භාෂාවෙන් "ඉච්ඡ" කියන්නේ "කැමැත්ත". "ඉච්ඡති" කියන්නේ "කැමතියි" කියන එක. එහෙමනේ,

    උදා:- සො ඉච්ඡති. (ඔහු කැමතියි)

    න කියන නිපාතය සමග සමාස වෙනකොට විරුද්ධාර්ථ දෙනවා. (න+ආගත=අනාගත, න+ආදර= අනාදර, න+ආත්ම= අනාත්ම, න+ආදිමත්=අනාදිමත්, න+ආරාධිත=අනාරාධිත වගේ න+ඉච්ඡ=අනිච්ඡ)

    එතකොට "සබ්බේ සංඛාරා අනිච්චාති" කිව්වම "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ. එහෙනම්, "සියලු සංස්කාරයෝ තම වසගයෙහි නොපවති" කියලා කියන්න ඕනි. ඒ කියන්නේ "හේතු ප්‍රත්‍යයෙන් හටගත් කිසිම දෙයක් තමන්ට කැමති විදිහට පවතින්නේ නෑ.'

    එතකොට ඇත්තටම ත්‍රිලක්ෂණයේ සදහන් "අනිච්ච" යන පදයේ තේරුම "තම කැමැත්තේ නොපවතිනවා" කියන එක ද? නෑ.

    ඇයි?

    මොකද ඔය විග්‍රහයේ එකතැනක් වැරදියි. "අනිච්ච" හා "අනිච්ඡ" කියන්නේ පද දෙකක්. එකක තියෙන්නේ අල්පප්‍රාණ "ච". අනෙක් වචනයේ තියෙන්නේ මහප්‍රාණ "ඡ". ඔය වචන දෙකේ අර්ථයන් එකිනෙකට වෙනස්.

    "අනිච්ච" කියන්නේ "නිච්ච" කියන පදයේ විරුද්ධ පදය.
    "අනිච්ඡ" කියන්නේ "ඉච්ඡ" කියන පදයේ විරුද්ධ පදය.

    නිච්ච යනු "සදාකල් පවතින, ස්ථීර, නිත්‍යය" යන අදහස. එතකොට එකේ විරුද්ධ පදය ඒ කියන්නේ "අනිච්ච" යන්නෙන් අදහස් වන්නේ "සදාකල් නොපවතින,අස්ථීර, අනිත්‍යය" යන අදහස.

    ඉච්ඡ යනු "කැමැත්ත" යන අදහසයි. එතකොට ඒකේ විරුද්ධ පදය වෙන "අනිච්ඡ" යන්නෙන් අදහස් වෙන්නේ "අකමැති" යන අදහසයි.

    න + නිච්ච
    අ + නිච්ච
    අනිච්ච (අනිත්‍යය)

    න + ඉච්ඡ
    අන් + ඉච්ඡ
    අනිච්ඡ (ඇකමැත්ත)

    එතකොට ත්‍රිලක්ෂණයේ යෙදිලා තියෙන්නේ මොන පදයද? "අනිච්ච" කියන පදය.

    අනිච්චා වත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ

    (සියලු සංකාරයෝ අනිත්‍ය වෙති. හටගැනීමත් විනාශ වීමත් ස්වභාවය කොට ඇත. හටගෙන විනාශ වෙති. ඔවුන්ගේ සංසිදීම සුව දේ.) (පරිනිබ්බාණ සූත්‍රය.)

    👇👇

    https://elakiri.com/threads/ගමේ-ආච්චි-මොනවද-කියන්න-හදන්නේ.1976919/#post-26151152
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    වහෙන් ඔරෝ ඔය කියන්න හදන්නේ "අනිච්ච" කියන වචනයේ තේරුම අපිට උගන්නලා තියෙන්නේ වැරදියට කියලනේ. අනිච්ච කියන එකේ තේරුම "අනිත්‍යය" ලෙස අර්ථකතනය කිරීම වැරදියි කියලනේ. අනිච්ච කියන පදයේ සැබැ තේරුම "තමන්ගේ කැමත්තේ නොපවතින බව" කියලනේ ඔය කියන්න හදන්නේ.
    Naa mama ehema kiyala naa kohewath...mama anicca kiyanee mokakda kiyala mee thread eke kalin post ekaka daala athi... mama ahuwe eyagen mokakda eya adahas karanne kiyala..
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    Naa mama ehema kiyala naa kohewath...mama anicca kiyanee mokakda kiyala mee thread eke kalin post ekaka daala athi... mama ahuwe eyagen mokakda eya adahas karanne kiyala..
    මම කිව්වෙත් එයා අදහස් කරන දේ තමයි. අනිච්ච කියන පදයට වැරදි අර්ථකථනයක් ඒ අය දෙන්නේ. අනිච්ච කියන්නේ "කැමැත්ත ඉටු නොනරන බව" කියලා කොහෙවත් නෑ.
     
    • Like
    Reactions: ek_rosh and Rontmir

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    aniwaaryen siddawenawa rahath unee nethnam
    කරුණාකරලා අග්ගි වච්චගොත්ත සුත්‍රය බලන්න.

    "ගෞතමයන් වහන්ස ඔබේ ශාසනයේ උත්තම පුරුෂයා (රහතන් වහන්සේ) මරණින් මතු උපදීද? මරණින් මතු නූපදීද? යනුවෙන් අග්ගිවච්චගොත්ත අසන විට මහා ගෞතමයන් වහන්සේ පිලිතුරු දුන්නේ කෙසේද?

     
    • Love
    • Like
    Reactions: amino and shadow134

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ආයෙ ඉපදුණාම මට මගේ අම්මවත් ඕන නංඟිවත් ඕන
    ආයෙ එයාල හම්බෙන්නැත්තං මට ඉඳල වැඩක් නෑ
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    භවයෙන් භවයට යන විඤ්ඤාණයක් ගැන බෞද්ධ දර්ශණයෙ පිළිගැනීමක් නැත. පුනරුප්පත්ති‍යක් නැත. පුනර්භවයක් ඇත.
    මේක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    පුනරුප්පත්ති‍ය vs පුනර්භවය
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මේක තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?
    පුනරුප්පත්ති‍ය vs පුනර්භවය

    පුනරුප්පත්ති‍ය

    පුනරුප්පත්තිය කියන්නේ ඉන්දියාවේ තිබුණු හින්දු, ජෛන වගේ ආගම්වල දක්නට ලැබෙන දෙයක්. ඒ ඉගැන්වීමවලට අනුව,

    අපේ ශරීරයේ තියෙනවා ආත්මය කියලා දෙයක්. "මම" කියලා හදුන්වන්නේ අන්න ඒ ආත්මය.
    ශරීරය කාලයත් සමග දිරලා යනවා. තව දුරටත් පාවිච්චි කරන්න බැරිතරමට දිරලා යනවා. නැත්තම් අනතුරක් වෙලා විනාශ වෙලා යනවා. අන්න එතකොට කියනවා "මැරුණා" කියලා. එතකොට ශරීරයේ තිබුණ ආත්මයට මොකද වෙන්නේ? ඒක අලුත් ශරීරයක් ලබා ගන්නවා. නැවත් උපතක් ලබා ගන්නවා. කලින් ශරීරයෙ හිටිය කෙනාම අලුත් ශරීරයක් ලබාගෙන නැවත උපත ලබන නිසා පුනරුප්පත්තිය ලැබුවා කියලා කියනවා.

    පුනර්භවය

    පුනර්භවය කියන්නේ බෞද්ධ දර්ශණයේ දක්නට ලැබෙන දෙයක්. ඒක පුනරුප්පත්තියට වඩා වෙනස් සිදුවීමක්. බෞද්ධ දර්ශණයේ ඉගැන්වීමට අනුව "ආත්මය" කියලා දෙයක් මේ ශරීරයේ නෑ. තියෙන්නේ ස්කන්ධ 5ක සමවායක්. ගෙදරක් සාදන්නේ සිමෙන්ති, වැලි, ගල්, ලී, උළු, ටියිල් ආදිය එකතු කරලා. "ගෙදරක් ගෙදරක්" කිව්වට එතන තියෙන්නේ සිමෙන්ති ,වැලි ගල් ,ලී වල එකතුවක් පමණයි. නමුත් ඒවා එකතුවෙන් කළ නිර්මාණය ගෙයක් යන අදහස ඇතිකරවයි. ඒ වගේම ස්කන්ධ 5 එකතු වුණාම "මම" කියන හැගීම ඇතිවෙනවා.

    ඔය ස්කන්ධ 5න් එකක් තමයි 'විඤ්ඤාණය' කියන්නේ. සරලව කිව්වොත් 'හිත" කියන්නේ ඔය විඤ්ඤාණයටමයි. අපිට හිතෙනවා අපිට තියෙන්නේ එක හිතක් කියලා. නෑ. තියෙන්නේ හිත් පරම්පරාවක්. මේ හිත් ඉක්මණට ඇතිවෙලා ඉක්මනට නැතිවෙලා යනවා. නැතිවුණ ගමන් අලුත් හිතක් ආයේ උපදිනවා. ඒ විදිහට දිගටම පවතිනවා. මේක ක්‍රියාවලිය ඉක්මනට සිදුවෙන නිසා තනි සිතක් විදිහට හැගෙනවා. තටු 3නේ ෆෑන් එකක් වේගයෙන් කැරකෙන කොට තනි ‍රවුමක් වගේ පෙනෙනවා වගේ. දවසක මේ ශරීරය විනාශ වෙනකොට, මේ භවයට අයත් අවසාන සිත පහළ වෙනවා. ඒ ක්ෂණයෙන් නැවත අලුත් භවයක අලුත් ශරීරයක මේ සිත පහළ වෙනවා. අන්න එතකොට කියනවා පුනර්භවය සිදු වුණා කියලා. මේ පහළ වූ සිතත් නැවත නැවත හටගනිමින් විනාශ වෙමින් සිත් පරම්පරාවක් විදිහට යනවා.

    ඕක සංකීරණ කාරනාවක්.
     
    • Like
    Reactions: S_M_S and ek_rosh