මැරුම් කෑ “කරාටේ වසන්ත“

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මැරුම් කෑ “කරාටේ වසන්ත“

    මැරුම් කෑ “කරාටේ වසන්ත“ එල්ලා මැරූ “කැලැත්තෑවේ සොයිසා“ගේ පුතෙක්!

    අනුරාධපුර කඩ පනහ අසළ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය ඇලෙක්සැන්ඩර් වික්‍රම වසන්ත සොයිසා බොහෝ දෙනනෙකු හැඳින්වූයේ “කරටේ වසන්ත“ ලෙසය. වසන්තගේ පියා අනුරාධපුර ප්‍රදේශයේ සිටි බලවත් ව්‍යාපාරිකයෙක් මෙන්ම අපරාධකරුවෙකුද වේ. මිනීමැරුම් කිහිපයකට වරදකරුවන කැලැත්තෑවේ සොයිසා නම් ඔහු 70 දශකයේ එල්ලා මරා තිබේ.



    ඇල්ෆ්‍ර‍ඩ් සොයිසා හෙවත් කැලැත්තෑවේ සොයිසාගේ මුල් ගම වූයේ දෙල්ගොඩය. ඔහු එකල ජනප්‍රිය වෛද්‍යවරයෙකු (ඇපොතිකර්) ව සිට ඇත. වෛද්‍ය වෘත්තිය අතැර ව්‍යාපාරික කටයුතු අරඹන සොයිසා ඒ සඳහා තෝරා ගන්නේ ඉදිකිරීම් ව්‍යාපාරයයි. ඒ සඳහා අනුරාධපුරයට යන සොයිසා කොන්ත්‍රාත් කරුවෙකු ලෙස සාර්ථක ව්‍යාපාරිකයෙකු වන්නේය. මහකනදරාව වැව්බැම්ම නැවත ඉදිකිරීම් ඔහු කොන්ත්‍රාත් ගෙන ඉදිකරන ලද්දක් බව රජරට වැසියන්ට අදටත් මතක බව නෙත් නිව්ස් වාර්තාකරු අතුල බණ්ඩාර පැවසුවේය.



    ඔහුට දෙල්ගොඩ විසූ බිරිඳට අමතරව අනුරාධපුරයේද තවත් බිරිඳක් විය. වසන්තගේ මව වන්නේ ඇයයි.



    ඉදිකිරීම් ව්‍යාපාරයෙන් නොනැවතුනු ඔහු රේන්ද බලපත්‍ර‍යක්ද ලබා ගත්තේය. මෙසේ මත්පැන් ව්‍යාපාරයට අත ගැසීමත් සමග ඔහුට තරහකරුවන්ගෙන්ද අඩුවක් නොවීය. යාපනය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මේ තරහකරුවන් අතර මුල් තැන විය. ඔහු මරා, ඔහුගේ කේම්බ්‍රිජ් වර්ගයේ මෝටර් රථයද සමග කැලැත්තෑවේ වත්තේ වලදැමීමේ සිදුවීම කැලැත්තෑවේ සොයිසාගේ තරම රටම දැනගත් අවස්ථාව විය.



    කැලැත්තෑවේ සොයිසා එතැනින් නැවතුනේ නැත. තමාට එරෙහිව සිටි බොහෝ දෙනෙකු තම කැලැත්තෑවේ වත්තට ගෙනගොස් කෘෘර අයුරින් මරා දමා ඇතැයි අතීතයේ තතු දන්නෝ පවසති. ඒ පමණක් නොවේ, කැලැත්තෑව වත්තේ සිදුවන නීතිවිරෝධී ජාවාරම් සහ අපරාධවල තොරතුරු පිටවෙතැයි සැකයෙන් කැලැත්තෑව වත්තේ සේවකයින්ටද අත්වූයේ එම ඉරණමමය. වත්තේ සේවකයින් ගම්රටවල් බලා යන්නට නිවාඩු ඉල්ලූවිට නිවාඩු ලැබුනද, ඔවුන් කිසිවෙකු ගම්රටවල් බලා ගියේවත් නැවත වැඩට ආවේවත් නැත.



    මේ සියළු කටයුතු වලට සොයිසාගේ සහයට සිටියේ කළු ඇල්බට් සහ විලී මාමාය.



    මොවුන්ගේ මේ අපරාධ අනාවරණය කරගන්නනේ කැලැත්තෑවේ වත්තේ සේවකයෙකු ලෙස වෙස්වලාගෙන කලක් සේවය කළ රහස් පොලිස් නිලධාරියෙකි. ජීවිතයේ සැඳෑසමය පැවිදිව ගතකරන ඔහු කැලැත්තෑවේ මිනීමරුවා අල්ලාගත් හැටි මාධ්‍යට පවසා තිබුණේ මෙසේය.



    “ මට පැවරුනා කැලැත්තෑවේ මිනීමැරුම් නඩුවට තොරතුරු හොයන්න. සොයිසා, කළු ඇල්බට්, විලී මාමා කියන පිරිස දරුණු අපරාධකාරයෝ. මිනිස්සු මරලා කාර් පිටින් වළදාලා තියෙනව. ඒ අය ගංජා හේන් පවත්වනවා. එහාට කවුරුහරි සැක හිතෙන කෙනෙක් ගියොත් මරල වළ දානවා. ඒ තරම් දරුණු මිනිස්සු ටිකක් ඒ.



    මං රාජකාරිය පටන් ගත්ත. අනුරාධපුරය පැත්තට ගිහින් විරිදුකාරයෙක් විදියට හිටියා. පොළේ විරිදු කියමින් සිටියදී එක් කෙනෙක් ඇවිත් අඬගැහුවා එයත් එක්ක යමු කියලා. මම එයත් එක්ක ගියා. බලන කොට මේ අරන් ගිහින් තියෙන්නේ කළු ඇල්බට් ළඟට. මම ඒ ගොල්ලන්ට හිතවත් විදියට වැඩකළා. සමහර දාට කෑම උයන්නත් සිදුවුණා. කෑම රස නිසා මට දිගටම උයන්න සිදුවුණා. එතැනින් පිට වෙන්න දුන්නේ නැහැ.



    අපරාධවල තොරතුරු ටිකෙන් ටික දැනගෙන දවසක් වට්ටක්කා කොළ වෑංජනක් හොඳට ගංජා දාලා හදල දුන්නා. ඒක කාල කට්ටියම මත්වෙලා හොඳටම නිදි. මං ඒ අතර එතැනින් පැනගෙන අපේ කට්ටියට තොරතුරු දුන්නා. අපේ කට්ටිය වෙලාවට පැනලා මිනීමරු කල්ලිය කොටුකර ගත්තා. සොයිසා, කළු ඇල්බට් ඇතුළු මිනීමරුවෝ අත්අඩංගුවට ගත්තා.“



    කැලැත්තෑවේ සොයිසා සහ ගොලයින් කළ අපරාධ සියල්ල එකින් එක අනාවරණය වන්නේ ඉන් අනතුරුවය.


    - See more at: http://offair.nethfm.com/article/27979#sthash.mnXWubwx.dpuf
    මැරුම් කෑ “කරාටේ වසන්ත“ එල්ලා මැරූ “කැලැත්තෑවේ සොයිසා“ගේ පුතෙක්! - See more at: http://offair.nethfm.com/article/27979#sthash.mnXWubwx.dpufමැරුම් කෑ “කරාටේ වසන්ත“ එල්ලා මැරූ “කැලැත්තෑවේ සොයිසා“ගේ පුතෙක්! - See more at: http://offair.nethfm.com/article/27979#sthash.mnXWubwx.dpuf
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    boruda danne na ban
    ara kondaya gana pattarala tibbeth ohomane
    u podi lamainta ariyalu, malamini samaga sex karalu, ganunta inna dunne nalu
    eka eka pacha. mata nam media karayo gana sure na.