මැලේසියානු ඉන්ධන සමාගමකින් ඉන්ධන මිල දී ගැනීම සඳහා සිදුකළ සාකච්ඡා සාර්ථක බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
එහිදී මැලේසියානු රජය විසින් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000 ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 10,000 ක් ලබාදීමට අනුමැතිය ලබා දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම ජුලි මස 10,11 සහ අගෝස්තු මස 09 ත් 12 ත් අතර දිනවලදී මෙරටට බොරතෙල් මෙට්‍රික් ටොන් 135,000 බැගින් වූ නෞකා දෙකක් ලඟා වීමට නියමිත බවත් අමාත්‍යවරයා කියා සිටියා.
මෙම බොර තෙල් නෞකා දෙක ඉන්දියානු සමාගමක් හරහා ලබා ගන්නා බවයි කාංචන විජේසේකර මහතා කියා සිටියේ.