මිතුරන් සමඟ මත්පැන් බිව් තරුණිය කපා කොටා &#351

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මිතුරන් සමඟ මත්පැන් බිව් තරුණිය කපා කොටා &#351

    මිතුරන් සමඟ මත්පැන් බිව් තරුණිය කපා කොටා මරා දමලා

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ එස්‌. පී. ආරියරත්න රත්මලාන

    රත්මලාන, වලව්වත්ත ප්‍රදේශයේ මිතුරන් පිරිසක්‌ සමඟ මත්පැන් පානය කරමින් සිටි තරුණියක කපා කොටා ඝාතනය කර තිබේ.

    ඇගේ 39 වැනි උපන් දිනය යෙදී තිබූ පෙරේදා (08 වැනිදා) දින රාත්‍රී 11.30 ට පමණ ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවාය.

    මෙලෙස ඝාතනයට ලක්‌වී ඇත්තේ රත්මලාන, වලව්වත්ත, වෙඩිකන්ද පාර පදිංචිව සිටි ලොකු ගමගේ රත්මලී (39) නමැති අවිවාහාක තරුණියකි.

    ඝාතනයට ලක්‌ වූ කාන්තාවගේ හිස, පපුව හා පාද ප්‍රදේශවල කැපුම් තුවාල දක්‌නට තිබූ බවද පොලිසිය කියයි.

    මෙම තරුණිය අසල නිවසක මිතුරන් පිරිසක්‌ සමඟ මත්පැන් පානය කරමින් සිටින අවස්‌ථාවේ ඇතිවූ බහින්බස්‌වීමක්‌ දුරදිග ගොස්‌ තිබේ. එහිදී ඇය ඝාතනයට ලක්‌ව ඇතැයි පොලිසිය කියයි.

    පසුව පොලිසිය සිදුකළ මෙහෙයුමකින් පසු සැකකරු පිටකොටුව බස්‌ නැවතුම්පළේ අනුරාධපුර බලා යාමට සුදානමින් සිටියදී කොටු කරගෙන ඇත.

    සැකකරු ඝාතනයට යොදා ගත් තියුණු ආයුධයද පොලිසිය සොයාගෙන තිබේ.

    28 හැවිරිදි සැකකරු මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ අයකු බවද පොලිසිය කියයි.

    මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති කපිල ජයසේකර, ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ජනක ගුණතිලක, සහකාර පොලිස්‌ අධිකාරි රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ ගල්කිස්‌ස මුලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චානක ඉද්දමල්ගොඩ මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එරික්‌ රෝහිත මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.


    http://www.divaina.com/2015/08/10/provin05.html

    දැන් ලංකාවේ තියෙන්නේ චිකාගෝ ගේම් නේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් ලංකාවේ තියෙන්නේ චිකාගෝ ගේම් නේ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මත්පැන් පානයේ ආනිසංස ඇස් පනාපිටම..:baffled::baffled: