මිනිස්සුන්ට යන කල

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මිනිස්සුන්ට යන කල

    රජෙක් වුණත් අසරණ වුණාම කාගේ හෝ පිළිසරණක් අවශ්‍ය වෙනවා. කොළඹ හතේ ඉපිද හැදී වැඩී අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වූ ඇය අද කාත් කවුරුත් නැතිව ඉතාම අසරණව සිටිනවා. මේ කතාව නිවුන මනසකින් නිවාඩු පාඩුවේ කියවන්න. ඇතැම්විට ඔබ එය විශ්වාස නොකරාවි.

    386.jpg

    ලඳු කැලෑවකින් වටවුණු මහවැලි අධිකාරියට අයත් ගරා වැටුන පාළු ගොඩනැගිල්ලක ඇය බල්ලන් බළලුන් සමග ජීවත් වනවා. දෙහිඅත්තකණ්ඩියේ සිට අරලගංවිල පාරේ කි.මී. 12ක් පමණ ගිය විට කජුවත්ත වැව පසු කර මීටර් 500 පමණ ඉදිරියට ගිය විට හමුවන කජුවත්තේ මහවැලි අධිකාරියේ කොට්ඨාස කාර්යාලය පවත්වා ගෙන ගිය ගොඩනැගිල්‍ලේ ඇය අන්ත අසරණව කාලය ගත කරනවා.

    ඇය ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන මහත්මියයි. මෙම වෛද්‍යවරිය මුල්ම පත්වීම ලබා ඇත්තේ කොළඹ ජාතික රෝහලටය. දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් වෙඩි වැදී රෝහල් ගත කළ අවස්ථාවේ මුලින්ම ප්‍රතිකාර කර ඇත්තේ ඇයයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මෙම වෛද්‍යවරියගේ සමකාලීනයන්ය. කොළඹ ජාතික රෝහ‍ලේ සේවය කළ ඇය කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරියක ලෙස සේවය කර ළමා රෝග විශේෂඥවරියක් වී 1985 වර්ෂයේ මහවැලි අධිකාරියට සම්බන්ධ වී ඇත.

    මහවැලි C සහ D කලාපවල ගමින් ගමට ගෙන් ගෙට ගොස් ඇය රෝගීන් සොය සොයා ප්‍රතිකාර කළාය. වෛද්‍යවරියක් ලෙස වසර 35කට වඩා වැඩි කාලයක් සේවය කර ඇතත් කිසිම දිනක මුදලට ප්‍රතිකාර කර නැති බව ඇය පවසනවා. ඇය දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් සමග විවාහ වී ඇත. විවාහයෙන් ඇයට දරුවන් නැත. ඇය දරුවන් අරන් හදා ගත්තාය. ඔහු දැනට විදේශ රටක පදිංචිව සිටිනවා. ඇයගේ සහෝදරිය සහ අනිකුත් ඥාතීන් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බව මෙම වෛද්‍යවරිය පවසනවා. විවාහයෙන් පසු විනීතා රංජනී ප්‍රනාන්දු නමින් ඇය පෙනී සිටියාය.

    මනුෂ්‍යයකුට ජීවත් වීමට අවශ්‍ය කිසිම පහසුකමක් ද කාන්තාවකට අවශ්‍ය ආරක්ෂාව ද නොමැතිව ඇය ගෙවන මේ කටුක ජීවිතය ගැන ඇයට ඇත්තේ දුකක් වේදනාවක් නොව පසුතැවිල්ලකි. ඇය පණසේ ආදරය කරන බල්ලන් 8 දෙනෙකි. බළලුන් 10 දෙනෙකි. ඇයට මෙම සත්තුන්ගෙන් තොර ලෝකයක් නැත. මෙම සතුන් භාර ගැනීමට කවුරුවත් ඉදිරිපත් වෙනවා නම් එම සතුන් භාර දීමට ද ඇය සූදානමින් සිටියි.

    දැනට ඇයගේ එක ඇසක් පෙනෙන්නේ නැත. සතුන් ටික කාට හෝ භාරදී ඇසට ප්‍රතිකාර ගැනීමට ඇය කැමැතිය. මෙම වෛද්‍යවරිය ඇයට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ඇයගේ සුරතලුන් ‍පෝෂණය කරයි. නමුත් ඇය කෑම බිම නැතිව වැහැරී ගොස්ය. ඇයට අඳින්නට ඇඳුමක් හෝ හරියට කන්නට දෙයක් නැත. එක ඇසක පෙනුමේ දුබලතාව හැරුනාම වෙනත් කිසිම රෝගාබධයක් නැත. ඇයගේ ඇහැට අවශ්‍ය ප්‍රතිකාර ගෙන ප්‍රදේශයේ කුඩා දරුවන්ට නොමි‍ලේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඇත්නම් යන්න ඇයගේ එකම සිහිනයයි.

    සුරංගනා කතාවක් බදු එම වියපත්වූ විශේෂඥ වෛද්‍යවරියගේ කතාවෙන් අපට කියාදෙන පාඩම් අපමණය. එමෙන්ම සමාජයක් ලෙස මෙන්ම මනුෂ්‍යයන් ලෙස අද අපි සිටින්නේ කොතැනකද යන්න පිළිබදව මිනිසුන් ලෙස මෙන්ම, උසස් ජාතියකැයි පාරම්බාන ලාංකිකයින් ලෙස කළකිරීමට පත්කරන මෙවැනි පුවත් ගැන බළධාරීන් සිය ලැජ්ජාව කුමකින් හෝ වසාගත යුතුය. විවේකාගාරවලටත්, බෙහෙත් පෙත්තටත් වර්ජනය කරනා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම්, හෙද සංගම් ගැන අප යමක් කියනවාට වඩා පාඨක ඔබම අදහස් දැක්වීම ඔවුන්ගේ මව්දෙමව්පියන්ට යහපත් වනු ඇත.

    (අපි හැමෝම කන්නේ බොන්නේ නැතුව, විවේකයක් නැතුව, දුක් විඳගෙන හැල්මේ දුවන්නේ මේ තැනට යන්න නේද කියල පොඩ්ඩක් හිතල බලපන්.)

    අනිත් අයටත් බලන්න කම්මැලි නොවී BUMP එකක් දාගෙන යන්න. :)
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    :rolleyes::sorry:

    මේ වගේ කෙනෙක් මේ වගේ තත්වයකට වැටෙන්න කොහෙද බන් වැරදිලා තියෙන්නේ. සමහරවිට මෙයාගේ වැරද්දක් වෙන්නත් පුළුවන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කරුම ගෙවන්න තියනව නම් ඉතිං රජ මැදුරෙ ඉපදුනත් ගෙවන්න වෙනව නෙ බං

    9Y7qmQ3.png
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    දෛවය කියයි නම් සිඟමන් යදින්නට
    හිමිකම් කියන්නේ කොහොමද ඔටුන්නට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔය වග් සීන් එකක් ලගදි මටත් සෙට් වුනා නුගේගොඩදි. මම හවස 7 ට විතර ඔෆ් වෙලා යනකොට වයස 70ක විතර වෙන වයසක ගැනු මනුස්සයෙක් මට කඩ්ඩෙන් කතා කරලා කිවුවා කැනසර් එකක් තියනවා බෙහෙත් වගයක් ගන්න තියනවා සලකන්න කවුරුත් නැහැ ඒක නිසා උදවුවක් කරන්න පුලුවන්ද කියලා මම විස්තර පොඩ්ඩක් කතා කරා කියන්නෙ ඇත්ත කියලා හිතුන නිසා මම පොඩ්ඩක් බැලුවා ඒ බෙහෙත් වලට කීයක් යනවද කියලා,බලනකොට රුපියල් හාරදාස් ගානක් යනවා ඒ පාර අතේ තිබුන පොඩි ගානක් දීලා මම ගියා පස්සෙ මම යාලුවෙක්ට මේ සීන් එක කිවුවම ඌ කිවුවා ඔය සීන් එක ඇත්ත කියලා ඌ ඒ මනුස්සයාව හොදට දන්නවාලු සිංහල කතාකරන්නත් අමාරුයි ලු ඒක නිසා කාගෙන් හරි ඉල්ලගන්නත් අමාරුවෙන්ලු ඉන්න.
     
    අඩෝ එහෙමද බන්? :eek:
    අනේ මන්ද බන්. දැන් හැමෝම අරමුණු (goals) පස්සේ දුවන්නේ තමන්ගේ අම්මල තාත්තලත් අමතක කරලා දාල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අඩෝ එහෙමද බන්? :eek:
    අනේ මන්ද බන්. දැන් හැමෝම අරමුණු (goals) පස්සේ දුවන්නේ තමන්ගේ අම්මල තාත්තලත් අමතක කරලා දාල.
    ඔවු බන් මම හැමදාම ඒ හරියෙ(නුගේගොඩ පාලම ලග තියන SLT එක ලගදි තමයි මට සෙට් වුනේ) යනකොට බලනවා ආපහු ඉන්නවද කියලා ඒත් ඊට පස්සෙ දැක්කෙ නැහැ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හිත හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. ඒ වගෙ මිනිස්සුන්ට කොහේ කොතන හිටියත් අන්තිමට අත් වෙන්නෙ ඔය වගේ ඉරණමක්. ඒක තමයි ලන්කාවෙ හැටි. :rolleyes::rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හිත හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. ඒ වගෙ මිනිස්සුන්ට කොහේ කොතන හිටියත් අන්තිමට අත් වෙන්නෙ ඔය වගේ ඉරණමක්. ඒක තමයි ලන්කාවෙ හැටි. :rolleyes::rolleyes:

    මොනා වුනත් උඹ මී හරකෙක් වගේ ඇත්ත කියනවා බන්. :P

    (jk)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rolleyes::sorry:

    මේ වගේ කෙනෙක් මේ වගේ තත්වයකට වැටෙන්න කොහෙද බන් වැරදිලා තියෙන්නේ. සමහරවිට මෙයාගේ වැරද්දක් වෙන්නත් පුළුවන්
    ශුවර් එකට ලමයින්ට දේපල ලියන්න ඇති. ඒ අය මෙයාව අමතකරන්න ඇති.:dull::sorry:

    ඔය වගෙ ****** වැඩකරන කාලකන්නි තමයි ලන්කාවෙ හුඟක් ඉහල තැන්වල ඉන්නෙ.:sorry:
     
    :sorry::sorry: