මිනිස් ඇසට වැළි ගසමින් ???
මිනිස් ඇසට වැළි ගසමින් මෙතෙක් කලක් සැඟව සිටිය හස්තිරාජ ඇල්ල
සොබාදහම යනු විශ්වයේ විශ්මයජනක නිමවුම්කරුවාය. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නොවේ. එම නිමවුම්කරුවා විසින් නිර්මාණය කරන ලද සෞන්දර්යයද මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. එම සෞන්දර්යයෙන් අප ලබන වින්දනය මෙන්ම ගතට සහ සිතට දැනෙන සතුට, සැනසුම සහ ප්රබෝධය ද අතිමහත්ය. එසේම සොබාදහම විසින් නිර්මාණය කොට මිනිස් ඇසෙන් වසන් කරගෙන ඇති සොඳුරු දසුන් තවත් බොහොමයක් තිබිය හැකිය. ඉහතින් ඇති සුන්දර දිය ඇල්ලද එවැන්නකි. බොහෝ කාලයක් තිස්සේ සඟවාගෙන සිටි එය මිනිස් ඇසට හසු වූයේ මෑතකදීය.
මෙම සුන්දර දිය ඇල්ල පිහිටා ඇත්තේ කොහේද? ශ්‍රී ලංකාව තුළ සංචාරය කර බොහෝ අත්දැකීම් ඇති අයෙක් පවසන්නේ එය බොහෝ විට දෙනියායේ "හත්මලේ ඇල්ල" විය හැකි බවය. එවැනිම තවත් අයෙක් දකින්නේ එය සිංහරාජ වනාන්තරයේ ඇති තට්ටු දියඇල්ලේ කොටසක් ලෙසය. කෙසේ වෙතත් බොහෝ දෙනෙක්ගේ පොදු අදහස මෙම දිය ඇල්ල ප්‍රධාන කඳුකරයේ ගංගාවකින් හෝ ප්‍රධාන ඇළකින් හෝ කඩාහැලෙන්නක් බවයි. එහෙත් ඒ කිසිවක් සත්‍ය නොවේ? මෙම සුන්දර දියඇල්ල පිහිටා ඇත්තේ රටේ වියළි කලාපය ලෙස ගැනෙන උතුරුමැද පළාතේ ඝන කැලෑවක් තුළය.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සඳහා වන ප්‍රධානම ක්ෂේම භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද පළාතේය. මාතලේ දිස්ත්‍රික්කයේ වස්ගමුව වනෝද්‍යානයට සම්බන්ධ වන මින්නේරිය, කවුඩුල්ල සහ හුරුළුවැව රක්ෂිතය ප්‍රධාන වශයෙන් ඇතුළත් වන එම ක්ෂේම භූමිය රටේ අලි ඇතුන් විශාල සංඛ්‍යාවකට සෙවණ සපයන්නකි. එම නිසා එම කැලෑව ශ්‍රී ලංකාවේ "හස්තිරාජ වනාන්තරය" ලෙස හැඳින්වීම යුක්ති සහගතය. මෙම සුන්දර දියඇල්ල එම හස්තිරාජ වනාන්තරය හරහා ගලන ඇළකින් කඩාහැලෙන්නකි.
දිවයිනේ වැදගත් වනජීවී කලාපයක් වන මෙම හස්තිරාජ වනාන්තරයට මායිම් වන මින්නේරි වැවේ වපසරිය අක්කර 4670 කි. එම වැව කරවන ලද්දේ මෙයට වර්ෂ එක්දාස් හත්සීයකට පෙරය. ඉහකුළවැව, තල්වතුර ඔය සහ කිරිඔය හරස්කොට මහසෙන් රජතුමා විසින් එම වැව කරවූ බව ඓතිහාසික පුරාවෘත්තවල සඳහන් වෙයි.
මින්නේරිය වැව පෝෂණය කරන කිරිඔය යනු වැදගත් එල්ලංගා පද්ධතියකි. මාතලේ දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික නුවරගල කඳුවැටියෙන් උපත ලබන කිරිඔය පහළට ගලා යන්නේ වැව් ගණනාවක් පෝෂණය කරවමිනි. නුවරගලකන්න වැව, නාගොල්ල වැව, වැව්වල (වෑවල) ගල්වත්ත හේන වැව, අලංකොළවැව, වන්නිගමයා වැව, දික්කන්ද වැව, ඉහකුළුවැව, ඉළුක්වැව, ගල්ළිඳවැව, පොතාන වැව, අඹගස්වැව යනු එම වැව්ය. මෙම වැව් අතරින් බොහොමයක් මේ වන විට කැඩීගොස්ය.
මාතලේ සිට මින්නේරිය දක්වා ඇති පැරැණි මාර්ගය යෙදී තිබුණේද මෙම ඓතිහාසික කිරිඔය ඔස්සේය. නයාකුඹුර, අතුබැඳියාව, තේන්කුලම, ගල්ළිඳකන්ද, කටුකැලියාව, එම ගමන් මාර්ගයයි. ඒ ගමන් මාර්ගය පිළිබඳව "කෝල්මුර" කවියක කියවෙන්නේ මෙසේය.
මින්නේරිය, දොළොස්දූව, ගල්ලිඳ කන්දෙන් වඩින්න?
තලාවතුර, කිරිඔය සහ නුරවගලින් දෙවි වඩින්න."
මෙසේ මාතලේ දිස්ත්‍රික්කයෙන් උපත ලබන කිරිඔය, උතුරුමැද පළාතට ඇතුළුවන්නේ ගල්ළිඳකන්දෙනි. එහිදී පිහිඹිය ඇළද කිරිඔයට එක්වෙයි. එම එක්වීමෙන් සවිමත් වන කිරිඔය මනස්කාන්ත දියඇල්ලක් ලෙස කඩා වැටෙන්නේ ගල්ළිඳ කැලෑවේදීය. කිසිම ඉඩෝරයක දී නොසිඳෙන දිය උල්පතක් ඇති ගල්ළිඳ පිහිටා ඇත්තේ හබරණ නගරයට කිලෝමීටර් නවයක් ඔබ්බෙනි.
මෙතෙක් ඝන කැලෑව තුළ සැඟව තිබූ මෙම රමණීය දියඇල්ල මිනිස් ඇසට හසු වූයේ මෑතකදීය. දියඇල්ල පිළිබඳව හෙළි වූ තැන් පටන්ම එය නැරඹීමට පැමිණෙන පිරිස විශාලය. එසේ පිරිස් පැමිණීමත් සමගම දියඇල්ල අවට පරිසරයට සිදුව ඇත්තේද හානියකි. තැනින් තැන හිස් මත්පැන් බෝතල් ගොඩ ගසා ඇති ආකාරය සහ සමහරක් තැනක එම බෝතල් කුඩු කර දමා ඇති අන්දමටද ශෝචනීය දර්ශනයකි. ප්ලාස්ටික් බෝතල්, ෂොපින් බෑග්, කෑම දවටන ආදියෙන්ද ඇල්ල අවට පරිසරය අපවිත්‍ර වෙමින් පවතී.
හස්තිරාජ වනාන්තරයකදී ඇදහැලෙන මෙම දියඇල්ල පිහිටි ප්‍රදේශය අයත් වන්නේ මින්නේරිය ජාතික වනෝද්යානයටය. 1997 අගෝස්තු 12 දින සථාපිත වූ එය දිවයිනේ වැදගත් වනජීවී කලාපයකි. වන සතුන් සඳහා වූ සීමාවන් දිනෙන් දින පටුවෙමින් පවතින තත්ත්වයක් තුළ මේ වන විට ඉතිරිව ඇති මෙම භූමි භාගය හෝ පැවතිය යුතු වන්නේ එයට සුදුසු පරිද්දෙනි. ඒ මානුෂීය හේතූන් නිසා පමණක් නොවේ· සංචාරක ව්‍යාපාරයට අදාළව අලි ඇතුන් ඇතුළු වන සතුන් සඳහා වන ආකර්ෂණය උචිත අයුරින් පවත්වා ගැනීම වෙනුවෙන් එය අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් සිදුවෙමින් පවතින්නේ එය නොවේ? වනජීවීන් සඳහා වන අභය භූමියක තිබිය යුතු පරිසරය විකෘති වෙමින් පැවතීම කනගාටුවට කාරණයකි. දියඇල්ලට මඳක් ඔබ්බෙන් ඇත්තේ දැව සංස්ථාවට අයත් වැඩබිමකි. එපමණක් නොවේ. කැලෑවට ආදේශ කර ඇති විදේශීය ශාඛ වර්ග ඉවත් කර ගැනීම සඳහා තැනින්තැන පාරවල් සකසා ඇති අන්දමද, ඒ සඳහා වටිනා දේශීය ගස් වර්ග කපා දමා ඇති අන්දම ද හද සසල කරවන සුළුය. මින්නේරිය, කවුඩුල්ල සහ හුරුළුවැව රක්ෂිතය අවට ජීවත් වන බොහෝ දෙනෙක් අද සංචාරක ව්‍යාපාරයෙන් යෑපෙති. එම කර්මාන්තය ආශ්රයෙන් සෘජුව සහ වක්‍රව ප්‍රදේශයට ලැබෙන ආදායමද සුළු පටු නොවේ? එම නිසා ගල්ළිඳ දිය උල්පත, හස්තිරාජ දියඇල්ල සහ අවට ස්වභාවික කැලෑ රැක ගැනීම සැමගේම වගකීමක් විය යුතුය.

ලයනල් අතුකෝරල - http://www.divaina.com/2013/01/27/nimna01.html
*******************************

Last edited: