මිනිසා ජීවත් විය යුත්තේ කුමක් සදහාද?

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93

    වැඩ අවසන් කර කාර්යාලයෙන් පිටතට පැමිණෙන මම ධාරාණිපාත වර්ෂාව මැදින් රාත්‍රීයේ නිවෙස බලා යමි. මෙසේ ගමන් කරන මගේ දෙපය කුණු ජලය පිරි වලවල් තුලට වැටෙයි. එමගින් ඉහලට පැනනගින ජලධාරාවෝ පාවහන් තුලට ගොස් දෙපා සීතල වී යයි. කුඩය දෙපසින් ඇදහැලෙන මහ වර්ෂාව නිසා ඇදුම් පැළදුම් තෙමී තෙතබරිත වෙමි. මම අපද්‍රව්‍ය උතුරා යන කානු මග හරිමින් ඒවාට උඩින් පනිමි. හාත්පස ජලයෙන් වැසී ඇති බැවින් ඉදිරියට තබන පියවරයන් පදික වේදිකාවේ ආවරණය නොවූ ස්ථානයක තබමි යි බියවෙමි. උදෑසන මනරම්ව තිබෙන නගරය වර්ෂාව පතිතවන විට මෙතරම් ජරාජීර්ණ වන්නේ කිමද? සූ සැට අබරණ වලින් සැරසුණු තරුණියක සැරසිලි වලින් තොරවූ විට තම නියම ස්වභාවය පෙන්වන්නාක් මෙන් නගරයද මායාව දුරුකොට තම සත්‍ය ස්වරූපය පෙන්වයි.

    මෙසේ ඇවිදයන මම කල්පනා කරමි. අද රාත්‍රී ආහාරයට ගන්නේ මොනවාද? නිවෙසට ගොස් නා කියා බඩකට පුරා ආහාර ගෙන උණුසුම් බීමක් පානය කොට සැපට නිදාගනිමි!

    මෙසේ සැපට නිදාගත් පසු යලි හෙට දිනය උදාවේ. මම එදිනත් පෙර පරිදි වර්ෂාවේ තෙමෙන ගමනින්ම නැවතත් කල්පනා කරමි. රාත්‍රී ආහාර පිළිබදව සිහින දැකීමට තරම් පහළ තත්වයකට මා වැටුනේ කෙසේද? එවැනි නොවැදගත් දෙයක් පිළිබදව මම සිහින දැක්කේ ඇයි? මිනිසාගේ සිහින විය යුත්තේ මෙවැනි දෑ ද?

    කුඩය දෙපසින් රූරා වැටෙන ජල බිංදු අත්ලට වැටෙන ලෙස මම අල්ල අල්ලමි. මිනිසා ජීවත් වියයුත්තේ කුමක් සදහාද? රැකියා කර විවාහ වී දරුවන් හදා ජීවතය ගත කොට මිය යෑමටද? මම මටම සිනාසෙමි.

    මම උපත ලැබුවේ ඇයි? මම කිසිම දිනෙක ඒ පිළිබදව සිතා තිබේද?

    මට සැබවින්ම කිරීමට අවශ්‍ය කුමක්ද?

    මම රැකියාවක් කරන්නේ කුමක් සදහාද? හොඳ වෘත්තීය මට්ටමේ සේවකයෙක් වීමටද? මා රැකියාවක් කරන්නේ මට සැබවින්ම එකී පුද්ගලයා වීමට අවශ්‍ය නිසාද?

    ඉන්පසු කුමක්ද? ...රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ගගක් අද්දර නිවසක් තනා විවේක සුවයෙන් පසු වීමටද?

    මට, මගේ ජීවිතයෙන් මා කළ යුතු දෙය තීරණය කිරීමට නොහැකි නම් එය ඉතා කණගාටුදායකය.

    මා සැබවින්ම සතුටට පත්වන්නේ කුමක් කිරීමෙන්ද?

    මට සිහිනයක් නොමැතිද?...

    මගේ සිහිනය කුමක්ද? වෘත්තිය පසුපස හඹා යාමද?

    නමුත් එය සිහිනයක් නොවේ. ලගා කර ගත හැකි ප්‍රායෝගික ඉලක්කයක් පමණි.

    ලගා කර ගත හැකි ප්‍රායෝගික ඉලක්කයකින් පමණක් මා හට සෑහීමට පත්විය නොහැක. එමගින් පමණක් සෑහීමට පත්විය හැකිනම්, මම සිහින හඹා යෑමට තරම් ශක්තිමත් නැත.

    සිහිනයක් යනු ලගා කරගැනීමේ හැකියාවක් නොමැති දෙයකි. සිහින පසුපස හඹා යාමට නම් යථාර්ථයෙන් බැහැර වීමට තරම් මිනිසුන් ශක්තිමත් විය යුතුය.

    සිහින මරා දමන්නට පෙර අපි ඒ තුල ජීවත් විය යුතුය.

    මිනිසා ජීවත් විය යුත්තේ සිහින හඹා යාමටය.
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මිනිස්සු හැමදේම රැල්ලට කරන්නේ.ඉගෙනගන්නවා, ජොබක් කරලා,මැරි කරලා ළමයි හදනවා.ඕක තමා වටේම කැරකෙන්නේ..ඒ කරන මෝඩකම් තේරෙන්නේ බැඳලා ළමයි දෙන්නෙක් වගේ ඉන්න කාලෙට..ඒකයි ඒ කාලෙදි ඒ මිනිස්සුම වෙන වෙන අාතල් ගන්න පෙලඹෙන්නේ.කොටු පනින්නේ..ඵතකොට ඉතිං පරක්කු වැඩියි..රටක අාණ්ඩුවක් වුනත් කැමති මිනිස්සු අර වගේ ඵකම රැල්ලකට යනවනම්..නැත්නම් උන්ට කඹුරන්න උන් රටේ නැති වෙනවනේ..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මිනිස්සු හැමදේම රැල්ලට කරන්නේ.ඉගෙනගන්නවා, ජොබක් කරලා,මැරි කරලා ළමයි හදනවා.ඕක තමා වටේම කැරකෙන්නේ..ඒ කරන මෝඩකම් තේරෙන්නේ බැඳලා ළමයි දෙන්නෙක් වගේ ඉන්න කාලෙට..ඒකයි ඒ කාලෙදි ඒ මිනිස්සුම වෙන වෙන අාතල් ගන්න පෙලඹෙන්නේ.කොටු පනින්නේ..ඵතකොට ඉතිං පරක්කු වැඩියි..රටක අාණ්ඩුවක් වුනත් කැමති මිනිස්සු අර වගේ ඵකම රැල්ලකට යනවනම්..නැත්නම් උන්ට කඹුරන්න උන් රටේ නැති වෙනවනේ..
    :yes::yes::yes::yes:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,555
    113
    Colombo, Sri Lanka
    "සිහිනයක් යනු ලගා කරගැනීමේ හැකියාවක් නොමැති දෙයකි. සිහින පසුපස හඹා යාමට නම් යථාර්ථයෙන් බැහැර වීමට තරම් මිනිසුන් ශක්තිමත් විය යුතුය.
    සිහින මරා දමන්නට පෙර අපි ඒ තුල ජීවත් විය යුතුය.
    මිනිසා ජීවත් විය යුත්තේ සිහින හඹා යාමටය."

    කොහොමද ගැම්ම.....:cool:
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    "සිහිනයක් යනු ලගා කරගැනීමේ හැකියාවක් නොමැති දෙයකි. සිහින පසුපස හඹා යාමට නම් යථාර්ථයෙන් බැහැර වීමට තරම් මිනිසුන් ශක්තිමත් විය යුතුය.
    සිහින මරා දමන්නට පෙර අපි ඒ තුල ජීවත් විය යුතුය.
    මිනිසා ජීවත් විය යුත්තේ සිහින හඹා යාමටය."

    කොහොමද ගැම්ම.....:cool:
    ස්තුතියි
     
    • Love
    Reactions: NRTG

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    එම්බා සබඳ, නුඹ කවරක් අරබයා මෙය කෙටුම්පත් කළෙහිද? 🐸

    https://emojipedia.org/emoji/🐸/#:~:text=Unicode details for Frog Face,U+1F438

    Because I was abandoning my dream and dreaming about supper.

    Comfort Drug.jpg
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ලියන එක ගතියට ලියලා තියෙනවා.
    නවකතාවක් කියෙව්වේ වගේ මරු ෆීලින්ග් එකක් ආවේ.
    ගොඩක් කාලෙකින් එලකිරියේ මේ වගේ ලස්සනට දෙයක් ලියවිලා තියෙනවා දැක්කේ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට

    සිහිනයක් යනු ලගා කරගැනීමේ හැකියාවක් නොමැති දෙයකි. සිහින පසුපස හඹා යාමට නම් යථාර්ථයෙන් බැහැර වීමට තරම් මිනිසුන් ශක්තිමත් විය යුතුය.

    සිහින මරා දමන්නට පෙර අපි ඒ තුල ජීවත් විය යුතුය.

    මිනිසා ජීවත් විය යුත්තේ සිහින හඹා යාමටය.
    This part remembered me of ronaldo's post after the elimination from fifa yesterday. :dull: sometimes you cannot achieve the dream, living inside it makes the life exciting and worth living. "the dream was nice while it lasted"
    rona.JPG

    ------ Post added on Dec 12, 2022 at 2:37 AM
     
    Last edited: