මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝර

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝර

    22154582_2028888794015458_437152461045714326_n.jpg
    අනෙකා වෙනුවෙන් සිය මරණය තොරාගනු ලබන්නේ සමහර මිනිසුන් පොදු සටන් බිමි තුලය. අණතුරුව ඔහු හෝ ඇයව පොදු ඡනතාව විසින් උත්සවාකාරීව ස්මරණය කරති. එහෙත් සිය ඡිවන අරගලය තුලම යම් කිසි අවස්ථාවක අනෙකා වෙනුවෙන් නිහඩවම නිශ්ෂබ්දවම කිසිත් නොඉල්ලාම සිය මරණය තෝරා ගනු ලබන මිනිසුන් සිටිති. මේ මිනිසා එවැන්නෙකි. මම ඔහුගේ නමවත් නොදනමි. ඒ නම නොදන්නා මිනිසාට මේ සටහන මනුෂ්‍යත්වයේ නාමයෙන් මල් කලඹක් කරමි.
    ===============================================
    ඊයේ ඒ නිශ්චිත පැයේ හපුතලේ බෙරගල මාර්ගයේ ගමන් කල ලංගම බස් රථයේ සිටි මිනිසුන් ඔවුනගේ අඹුවන් දු පුතුන් දැකීමට නිවෙස් වෙත යන අතරතුර එකී බස් රථයේ රියදුරා තම බිරිද හා දු දරුවන්ට එකී අවස්ථාව අහිමි කරමින් පණ පිටින් ගෙදර ගියේ නැත.
    මාතලේ බස් ඩිපෝවෙන් ඔහුට එදා මාතලේ බෙරගල මාර්ගයේ ධාවනයට දී තිබුනේ යාන්ත්‍රික දෝෂ සහිත බස් රථයකි. ඔවුනට අනුව එය පණ ගන්වා මාර්ගයේ ධාවනය කල හැකි තත්වයේ විය. ඔවුනට අවශ්‍ය එපමණකි. එය පණ ගන්වා ගත් රියදුරා මිනිසුන්ද සමගින් බෙරගල අධික බෑවුමේ එන විට බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත විය. පරිනත රියදුරෙක් බැවින් ඔහු වහා අඩු ගියර් වලට මාරුවී රථයේ වේගය පාලනය කරන්නට උත්සාහ කරන්නට ඇත. එහෙත් මාර්ගයේ අධික බෑවුම නිසා ඔහු සිතු තරමි වෙිගය අඩාල නොවුනු බසය වේගයෙන් පල්ලම දිගේ ධාවනය වන අතර ඉදිරි පස වංගුවේදී බසය පාලනය කර ගත නොහැකිබව ඔහුට සක්සුදක් සේ විශ්වාසය. වංගුවේදී අධික වේගයෙන් හැරවිය නොහැකි බසය වම් පස හෙලට පෙරලෙනු ඒකාන්තය. ඔහු හැකි උපරිම ශබ්දයෙන් කෑ ගැවේය. ‘‘ ඔක්කොමල බස් එකේ පිටිපස්සට යන්න ! බස් එකේ බ්රේක් නෑ ! ‘‘
    එසේ කී ඔහු ඊ ළග මිනිත්තුවේ වේගයෙන් ඇදී යන බසය දකුණු පස උස් කදු බෑවුම දෙසට හැරවීය. දඩාස් යන හඩින් කන්දේ හැපුණු බසය ඉදිරිපස මුහුණ පොඩි පට්ටමි කරමින් නැවතිනි.
    ඉදිරිපස පොඩි පට්ටම් වු බස් රථයේ සුන්බුන් අතර තවමත් අත නොහැරිය සුක්කානම මත මේ මිනිසා ගේ ප්‍රාණය නිරුද්ධ දේහය තිබිණි. සියල්ලෝම ගෙදර ගියහ. ඔවුන්ට ගෙවල් දොරවල් වලට යන්නට මේ මිනිසා සුන්බුන් ගොඩක් මත තනිව නැවතිනි..:sorry:
    =================================================
    තමාගේ ආත්මාර්ථකාමී පරමාර්ථයන් ඉෂ්ඨ නොවු කල සමහරු දිවි නසා ගනිත්. එසේ දිවිනසා ගන්නා දහසක් එවුන් අතරන් ඡනප්‍රිය එකා වෙනුවෙන් මිනිසුන් සටහන් තබති. අඩති වැළපෙති. ඡන මාධ්‍ය සිය සිරස්තලය වෙන් කරති. මේ කිසිවක් නැතිව හුදෙකලා මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝරා ගත්විට ඔහු ගැන ඡනමාධ්‍ය දන්නේවත් නැත. සමාඡ ඡාල වල කිසිවෙක් කවි ගී නොලියති. සටහන් නොතබති. මේ සමාඡයම වැරදි සමාඡයකි. සිද්ධින් විනිවිද නොයන උඩින් අතගා බුම්මාගෙන ඉන්නා සමාඡයකි. එහෙව් තක්කඩි සමාඡයකට අපි කියමින් ලියමින් ඉන්නෙමු.
    Rohana Wijeweera
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Kithmini Weerakoon

    I'm putting this as a tribute to this person who definitely saved a lot of lives by directing his bus and letting himself on a suicide mission. I happen to pass by the site same day night and I pretty well know that if he took the bus even a few more meters down the slope all lives will be history.
    Salute him for his bravery and hope his family will be looked after..

    Dropped Pin
    neacr Beragala-Hali Ela Highway

    https://goo.gl/maps/R7vBNCQ3KFS2
    :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාලේකට පස්සේ පරාර්තකාමි මනුස්සයෙක් ගෑන ඈහුවා. නිව්ස් වලවත් දෑක්කෙ නම් නෑ. ලන්කාවනේ. Thanks for sharing
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සැබෑ මිනිසෙක් . ඔබට නිවන් සුව!

    තමාගේ ආත්මාර්ථකාමී පරමාර්ථයන් ඉෂ්ඨ නොවු කල සමහරු දිවි නසා ගනිත්. එසේ දිවිනසා ගන්නා දහසක් එවුන් අතරන් ඡනප්‍රිය එකා වෙනුවෙන් මිනිසුන් සටහන් තබති. අඩති වැළපෙති. ඡන මාධ්‍ය සිය සිරස්තලය වෙන් කරති. මේ කිසිවක් නැතිව හුදෙකලා මිනිසෙක් තවත් මිනිසුන් වෙනුවෙන් මරණය තෝරා ගත්විට ඔහු ගැන ඡනමාධ්‍ය දන්නේවත් නැත. සමාඡ ඡාල වල කිසිවෙක් කවි ගී නොලියති. සටහන් නොතබති. මේ සමාඡයම වැරදි සමාඡයකි. සිද්ධින් විනිවිද නොයන උඩින් අතගා බුම්මාගෙන ඉන්නා සමාඡයකි. එහෙව් තක්කඩි සමාඡයකට අපි කියමින් ලියමින් ඉන්නෙමු.
    Rohana Wijeweera
    [/COLOR]

    :(:(:(
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    වැඩක් නැ බං...හෙට අනිද්දා වෙද්දී ඔය බස් එකේ ගියපු බහුතරයකටත් මේ මනුස්සයා අමතක වෙලා යයි....පාඩුව මේ මිනිහගේ පවුලට විතරයි....මේවා ගැන කතා කරලා වැඩක් නැ බං...අපි ඉපදිලා ඉන්නේ වැරදි රටක වැරදි වෙලාවක...

    ඔබට නිවන් සුව...!!!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    වැඩක් නැ බං...හෙට අනිද්දා වෙද්දී ඔය බස් එකේ ගියපු බහුතරයකටත් මේ මනුස්සයා අමතක වෙලා යයි....පාඩුව මේ මිනිහගේ පවුලට විතරයි....මේවා ගැන කතා කරලා වැඩක් නැ බං...අපි ඉපදිලා ඉන්නේ වැරදි රටක වැරදි වෙලාවක...

    ඔබට නිවන් සුව...!!!
    :yes::(:(

    me lankawane ban
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    වැඩක් නැ බං...හෙට අනිද්දා වෙද්දී ඔය බස් එකේ ගියපු බහුතරයකටත් මේ මනුස්සයා අමතක වෙලා යයි....පාඩුව මේ මිනිහගේ පවුලට විතරයි....මේවා ගැන කතා කරලා වැඩක් නැ බං...අපි ඉපදිලා ඉන්නේ වැරදි රටක වැරදි වෙලාවක...

    ඔබට නිවන් සුව...!!!

    :yes::yes: :(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    යුධ සෙබළෙකුට වඩා නිර්භීතයි, පරාර්ථකාමියි. අපි ඔබට සදා ණය ගැතියි. යළි හොඳ තැනක ඉපදෙන්න ඩ්‍රයිවර් මහත්තයෝ. :dull:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Kande happanna yana eke me manussaya tath driving seat eke inne nethiwa ainata penaganna wela madida? Anika bus wala hand brake nethda?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කීර්ති බණ්ඩාර මහත්තයා කවදත් යහපත් පුද්ගලයෙක් කියලා තමයි ප්‍රසිද්ධ

    බස් එකේ බ්‍රෙක් නෑ..
    හයියෙන් අල්ලගෙන බය නොවී ඉන්න
    මම කොහොම හරි බස් එක නවත්වනවා
    කියු ඔබ
    බොහෝ ජිවිත වලට ඉදිරියට යන්න ඉඩදී
    සදහටම නැවතුණේය.

    ගිහින් එන්න මහත්මාණෙනි.

    එතුමන්ට නිවන්සුව ලැබේවා!

    22089804_1402247843205712_7705422509850571340_n.jpg
     
    Last edited: