මෙතන කතා කරන්නෙ ලක් එකක් කියල දෙයක් තියෙනවද නැද්ද කියල නෙමේනෙ. ජීවිතය සාර්තක වෙන්න ලක් එක ඕනෙමද කියන දේ ගැනයි කතා කරන්නෙ. ඒ නිසා ගහක් කඩන් වැටිල මිනිහෙක් මැරෙන එකයි, ට්‍රිප් එකක් යද්දි ගන්වතුර දාන එකයි සාර්තකත්වයට සම්බන්ද දෙයක් නෙමේනෙ.ඩිසිෂන් මේකින් එකයි ලක් එකයි දෙකක් මචන්. ලක් එක කියන්නේ උඹේ කොන්ට්‍රෝල් එකෙන් පිට දෙයක්.
හොඳම ඩිසිෂන් ගත්ත දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට කෙලවෙන්නයි, නරකම ඩිසිෂන් ගත්ත දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට හරියන්නයි තමයි ඉතින් ලක් එක බලපාන්නේ.
උඹ දුප්පත් මුඩුක්කුවක ඉපදිලා අනික් එකෙක් සල්ලිකාර පවුලක ඉපදෙන එක උඹේ කොන්ට්‍රෝල් එකෙන් පිට.
උඹ යන බස් එක උඩට ගහක් කඩාගෙන වැටෙන්නේ උඹේ නරක ලක් එකට.
උඹ ට්‍රිප් එකක් යන්න මාස ගානක් කලින් හිතාගෙන ඉඳලා ඒ දවස්වල හරියටම ගංවතුරක් එන්නේ උඹේ නරක ලක් එකට.
ව්‍යාපරික විදියට බලනව නම් ගංවතුරත් එක්ක වියාපාරයක් කෙලවෙනවද කියන එකත් data science එක්ක බලන්න පුලුවන්.. අපි ඉඩමක් ගද්දිත් බලනවනෙ ගංවතුර තර්ජන තියෙනවද කියල. ඒ වගේ තමා. previous data analyze කරල බැලුව නම් decision ගද්දි ඒවත් අහුවෙනව. අනික ගංවතුර එක්ක අදායම් මාර්ගයක් කෙලවුනාට ඒක ඇත්තටම bad luck එකට වෙච්ච දෙයක් ම කියන්න බෑ. ඒක සමහරවිට වාසනාවට වෙච්ච දෙයක් වෙන්නත් පුලුවන්.
මගේ තාත්තගෙ ව්‍යාපරය එක්තරා දිනයක කඩේට යද්දි කඩේ හොරු කඩල සියලුම දේ හොරු අරන් ගිහින් showcase ටික විතරයි ඉතුරු උනේ. දැන් මේක වාසනාවට වෙච්ච දෙයක් වගේ පේනවද? හැබැයි තාත්ත අදටත් කියන දෙයක් තමයි එදා කඩේ හොරු කැඩුවෙ නැත්නම් මෙච්චර දියුණු වෙන්නෙ නෑ කියන එක. හොරු කඩපු නිසා තමයිලු හරිගියේ. දැන් මේක (අ)වාසනාවට වෙච්ච දෙයක් වගේ පේනවද?
conclusion
සාර්තක වෙන්න උත්සාහයයි, කැපවීමයි, නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගත්තාමයි හොදටම ඇති. වාසනාව අමතර දෙයක්. වාසනාව තිබුනොත් ලේසියි. වාසනාව නැහැයි කියල සාර්තක වෙන්න බැරි නෑ.
වසානාව මොකද්ද කියන එක ඩිපෙන්ඩ්. අශ්වයා ලමයා හා යුද්ධය කතාව කියවන්න. විටක අවාසනාවගේන දේම තවත් විටක වාසනාවක් වෙන්න පුලුවන්
