මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඩිසිෂන් මේකින් එකයි ලක් එකයි දෙකක් මචන්. ලක් එක කියන්නේ උඹේ කොන්ට්‍රෝල් එකෙන් පිට දෙයක්.

    හොඳම ඩිසිෂන් ගත්ත දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට කෙලවෙන්නයි, නරකම ඩිසිෂන් ගත්ත දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට හරියන්නයි තමයි ඉතින් ලක් එක බලපාන්නේ.

    උඹ දුප්පත් මුඩුක්කුවක ඉපදිලා අනික් එකෙක් සල්ලිකාර පවුලක ඉපදෙන එක උඹේ කොන්ට්‍රෝල් එකෙන් පිට.

    උඹ යන බස් එක උඩට ගහක් කඩාගෙන වැටෙන්නේ උඹේ නරක ලක් එකට.

    උඹ ට්‍රිප් එකක් යන්න මාස ගානක් කලින් හිතාගෙන ඉඳලා ඒ දවස්වල හරියටම ගංවතුරක් එන්නේ උඹේ නරක ලක් එකට.
    මෙතන කතා කරන්නෙ ලක් එකක් කියල දෙයක් තියෙනවද නැද්ද කියල නෙමේනෙ. ජීවිතය සාර්තක වෙන්න ලක් එක ඕනෙමද කියන දේ ගැනයි කතා කරන්නෙ. ඒ නිසා ගහක් කඩන් වැටිල මිනිහෙක් මැරෙන එකයි, ට්‍රිප් එකක් යද්දි ගන්වතුර දාන එකයි සාර්තකත්වයට සම්බන්ද දෙයක් නෙමේනෙ.

    ව්‍යාපරික විදියට බලනව නම් ගංවතුරත් එක්ක වියාපාරයක් කෙලවෙනවද කියන එකත් data science එක්ක බලන්න පුලුවන්.. අපි ඉඩමක් ගද්දිත් බලනවනෙ ගංවතුර තර්ජන තියෙනවද කියල. ඒ වගේ තමා. previous data analyze කරල බැලුව නම් decision ගද්දි ඒවත් අහුවෙනව. අනික ගංවතුර එක්ක අදායම් මාර්ගයක් කෙලවුනාට ඒක ඇත්තටම bad luck එකට වෙච්ච දෙයක් ම කියන්න බෑ. ඒක සමහරවිට වාසනාවට වෙච්ච දෙයක් වෙන්නත් පුලුවන්.

    මගේ තාත්තගෙ ව්‍යාපරය එක්තරා දිනයක කඩේට යද්දි කඩේ හොරු කඩල සියලුම දේ හොරු අරන් ගිහින් showcase ටික විතරයි ඉතුරු උනේ. දැන් මේක වාසනාවට වෙච්ච දෙයක් වගේ පේනවද? හැබැ‍යි තාත්ත අදටත් කියන දෙයක් තමයි එදා කඩේ හොරු කැඩුවෙ නැත්නම් මෙච්චර දියුණු වෙන්නෙ නෑ කියන එක. හොරු කඩපු නිසා තමයිලු හරිගියේ. දැන් මේක (අ)වාසනාවට වෙච්ච දෙයක් වගේ පේනවද?

    conclusion
    සාර්තක වෙන්න උත්සාහයයි, කැපවීමයි, නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගත්තාමයි හොදටම ඇති. වාසනාව අමතර දෙයක්. වාසනාව තිබුනොත් ලේසියි. වාසනාව නැහැයි කියල සාර්තක වෙන්න බැරි නෑ.

    වසානාව මොකද්ද කියන එක ඩිපෙන්ඩ්. අශ්වයා ලමයා හා යුද්ධය කතාව කියවන්න. විටක අවාසනාවගේන දේම තවත් විටක වාසනාවක් වෙන්න පුලුවන්
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    හිතපන් මනුස්සයෙක් ස්වීප් එකක් ගන්නවා, ඒක ගෙදර අරන් යන ටිකට සාක්කුවෙන් හැලෙනවා, ඒ හැලෙන ටිකට් වෙන මනුස්සයෙක් අහුලගන්නව අලුත් පෙනුමට තියෙන නිසා, බලද්දී අද අදින එකක්, ඒක අහුලපු එකා ගෙනියනවා, ගෙනිහිල්ලා ටීවී එකෙන් රිසල්ට් එක බලද්දී පොරට සේරම අංක තියෙනවා, කෝටි ගානක් ඇදෙනවා.

    දැන් කියපන්කො luck එක සහ bad luck එක කියන දේ තිබ්බේ නැද්ද කියල.

    අරූ ඇදෙන ස්වීප් එකක් අරගෙනත් ඒකෙ රිසල්ට් එක ගන්න ලක් එක නෑ, කවදාවත් ස්වීප් එකක් ගත්තේ නැති මනුස්සයෙක්ගේ වාසනාව නිසා වෙන මනුස්සයෙක්ගේ ස්වීප් එකක් හම්බෙලා ලොකුම ගාන හම්බෙනවා.
     
    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    100% True
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    උඹ මාසෙ පඩිය අරං , ලොකු හිලක් තියෙන සාක්කුවකට දා ගන්නව
    ගෙදර එද්දි පඩි පැකට් එකම වැටිල නැති වෙලා.
    උඹ ගෑනිට කියනව "Sorry babe , it s just my bad luck " කියල.
    ඉතුරු ටික ගෑනි කියල දෙයි.

    කෙනෙක් ගේ නොසැලකිල්ල , මෝඩ තීරණ නිසා එන සමහර දේවල් , (ඊට සම්බන්ද නැති ) තව එකෙක් ගෙ ගුඩ් ලක් , බෑඩ් ලක් වගේ පේන්න පුලුවං

    එහෙම නං අද අපිට මේ රටේ මෙච්චර දුක් විදින්න වෙලා තියෙන්නෙත් අපේ බෑඩ් ලක් එක නිසා. මෙච්චර කල් රට පාලනය කරපු උං වැරදි මෝඩ මජර තීරන ගත්ත නිසා නෙමේ

    ඉස්පිරිතාලෙ අදාල බේත නැතුව ලෙඩෙක් මලත් කියයි බෑඩ් ලක් නිසා කියල

    සරලව කියන්න තියෙන්නෙ ඔය ගුඩ් ලක් බෑඩ් ලක් කියල ගොඩක් කියවන්නෙ තමුන් ගත්ත තීරන වල, තමුන් කරපු ක්‍රියාකාරකම් වල වගකීම ගන්න අකමැති උං
    අනිත් වචනේ කරුමේ :)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    බම්ප්. ලක් එක නම් දන්නෙ නෑ සමහර වෙලාවට හිතුවෙ වත් නැති දේවල් වෙලා තියෙනෙව. මම රස්සාවක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නකොට මගෙ අතැරල දාපු Fiverr එකේ ගිග් එකකට කවුද එක්කෙනෙක් මැසෙජ් එකක් දාල තිබුන වැඩක් කරගන්න.
    මම හිතුවෙ Scam කියල. මම reply කරල බැලුව මොකද කියල . Fiverr එකෙන් order කරන්නෙ නැතුව ඒකෙන් එලියෙ තමයි වැඩකරේ.

    පොඩි වැඩක් දෙන්නම් කිව්ව ඒක කරන්න පුළුවන් නම් දිගටම වැඩ දෙන්නම් කිව්ව.

    මම විශ්වාස කරේ නෑ පොරව හැබැයි පොර පොරගෙ රියල් නමින් කතා කරෙ.university එකක prof කෙනෙක්. edu email එකකින් Contact කරේ.

    කොහොමද මම වැඩේ කරල දුන්නා.සල්ලි දෙයි කියල විශ්වාසයක් තිබ්බෙ නෑ ඒත් පොර මට සල්ලි දුන්නා.
    අන්තිමේදි මට නත්තලට මොනවහරි ගන්න කියල 200$ දුන්නා නිකන්.

    මේ ඔක්කොම උනෙ මම නන්නත්තාර වෙලා උන්න වෙලාවක.හිටපු කෙල්ලත් දාල ගියා.රස්සාවත් නැති උනා. ෆුල් අනාත වෙලා හිටියෙ.
    මේ කොහෙන්වට්බ් එකපාරට පාත් උන මනුස්සයා නිසා තමයි මම අද කාල බීල ,HND එකටත් ගෙවාගෙන ඉන්නේ.

    සමහරවිට වාසනාව වෙන්න පුළුවන්. හැබැයි එදා එයා Msg කරපු Fiverr එකට අදටත් කිසිම Order එකක් නෑ. 🙂
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්‍රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.
    Its not luck. Its communication skill. උත්සහය, කැපවීම, ටැලන්ට් එක thibbata wedak ne, communication skills nettam.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,682
    113
    නිකන්ම ලක් එකට දෙයක් ලැබුනත් එකේ පැවැත්මක් නෑ.. උත්සහ කරලා කරලා අන්තිමට මොකක් හරි ලක් එකක් නිසා ලැබෙනවා නම් අන්න එතන පැවැත්මක් තියනවා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    හිතපන් මනුස්සයෙක් ස්වීප් එකක් ගන්නවා, ඒක ගෙදර අරන් යන ටිකට සාක්කුවෙන් හැලෙනවා, ඒ හැලෙන ටිකට් වෙන මනුස්සයෙක් අහුලගන්නව අලුත් පෙනුමට තියෙන නිසා, බලද්දී අද අදින එකක්, ඒක අහුලපු එකා ගෙනියනවා, ගෙනිහිල්ලා ටීවී එකෙන් රිසල්ට් එක බලද්දී පොරට සේරම අංක තියෙනවා, කෝටි ගානක් ඇදෙනවා.

    දැන් කියපන්කො luck එක සහ bad luck එක කියන දේ තිබ්බේ නැද්ද කියල.

    අරූ ඇදෙන ස්වීප් එකක් අරගෙනත් ඒකෙ රිසල්ට් එක ගන්න ලක් එක නෑ, කවදාවත් ස්වීප් එකක් ගත්තේ නැති මනුස්සයෙක්ගේ වාසනාව නිසා වෙන මනුස්සයෙක්ගේ ස්වීප් එකක් හම්බෙලා ලොකුම ගාන හම්බෙනවා.
    දැන් එතකොට මේ ටිකට් එකක් ඇදෙන ලක් එකද?

    • Wow
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    කාළයක් තිබ්බා කෑළි ලයින් වෙනවා සට පට ගාලා. හම්මෝ .... අපි ඉතින් සීලවන්තයින් නිසා උන්ට හොඳක් වුණා.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    කාළයක් තිබ්බා කෑළි ලයින් වෙනවා සට පට ගාලා. හම්මෝ .... අපි ඉතින් සීලවන්තයින් නිසා උන්ට හොඳක් වුණා.
    Ei den nadda
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාළයක් තිබ්බා කෑළි ලයින් වෙනවා සට පට ගාලා. හම්මෝ .... අපි ඉතින් සීලවන්තයින් නිසා උන්ට හොඳක් වුණා.
    ඇයි නැග්ගෙ නැද්ද ඒකාලෙ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බම්ප්. ලක් එක නම් දන්නෙ නෑ සමහර වෙලාවට හිතුවෙ වත් නැති දේවල් වෙලා තියෙනෙව. මම රස්සාවක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නකොට මගෙ අතැරල දාපු Fiverr එකේ ගිග් එකකට කවුද එක්කෙනෙක් මැසෙජ් එකක් දාල තිබුන වැඩක් කරගන්න.
    මම හිතුවෙ Scam කියල. මම reply කරල බැලුව මොකද කියල . Fiverr එකෙන් order කරන්නෙ නැතුව ඒකෙන් එලියෙ තමයි වැඩකරේ.

    පොඩි වැඩක් දෙන්නම් කිව්ව ඒක කරන්න පුළුවන් නම් දිගටම වැඩ දෙන්නම් කිව්ව.

    මම විශ්වාස කරේ නෑ පොරව හැබැයි පොර පොරගෙ රියල් නමින් කතා කරෙ.university එකක prof කෙනෙක්. edu email එකකින් Contact කරේ.

    කොහොමද මම වැඩේ කරල දුන්නා.සල්ලි දෙයි කියල විශ්වාසයක් තිබ්බෙ නෑ ඒත් පොර මට සල්ලි දුන්නා.
    අන්තිමේදි මට නත්තලට මොනවහරි ගන්න කියල 200$ දුන්නා නිකන්.

    මේ ඔක්කොම උනෙ මම නන්නත්තාර වෙලා උන්න වෙලාවක.හිටපු කෙල්ලත් දාල ගියා.රස්සාවත් නැති උනා. ෆුල් අනාත වෙලා හිටියෙ.
    මේ කොහෙන්වට්බ් එකපාරට පාත් උන මනුස්සයා නිසා තමයි මම අද කාල බීල ,HND එකටත් ගෙවාගෙන ඉන්නේ.

    සමහරවිට වාසනාව වෙන්න පුළුවන්. හැබැයි එදා එයා Msg කරපු Fiverr එකට අදටත් කිසිම Order එකක් නෑ. 🙂
    ඒ මනුස්සය වත් ආයේ උබ ට වැඩක් දුන්නේ නැද්ද?
    කාළයක් තිබ්බා කෑළි ලයින් වෙනවා සට පට ගාලා. හම්මෝ .... අපි ඉතින් සීලවන්තයින් නිසා උන්ට හොඳක් වුණා.
    ඉතින් එතනින් හොඳ කෑල්ලක් select කර ගත්තේ නැද්ද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    Maybe so, maybe not. You’ll see.

    A farmer and his son had a beloved horse who helped the family earn a living. One day, the horse ran away and their neighbours exclaimed, “Your horse ran away, what terrible luck!” The farmer replied, “Maybe so, maybe not.”
    A few days later, the horse returned home, leading a few wild horses back to the farm as well. The neighbours shouted out, “Your horse has returned, and brought several horses home with him. What great luck!” The farmer replied, “Maybe so, maybe not.”
    Later that week, the farmer’s son was trying to break one of the horses and she threw him to the ground, breaking his leg. The neighbours cried, “Your son broke his leg, what terrible luck!” The farmer replied, “Maybe so, maybe not.”
    A few weeks later, soldiers from the national army marched through town, recruiting all boys for the army. They did not take the farmer’s son, because he had a broken leg. The neighbours shouted, “Your boy is spared, what tremendous luck!” To which the farmer replied, “Maybe so, maybe not. We’ll see.”
    It is really impossible to tell whether anything that happens is good or bad.

    You never know what the consequences of misfortune or good fortune will be, as only time will tell the whole story.

    Things may look great at the start, but over time it may not become what you had imagined it to be. Similarly, you feel bad about something but some day it could be one of the best things that happened to you.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අනිවා ලක් එක තියෙන්නම ඕනෙ.මගේ නම් ඒක 10%-20% අතර රේන්ජ් එකේ තියෙන්නේ😋.