මිනී මරුවාගේ පාපොච්චාරණය
මෙය Manjula Senaratne ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගත් බව කරුනවෙන් සලකන්න
මිනී මරුවාගේ පාපොච්චාරණය …....
මම මිනි මරුවෙක්මි. කිසි දිනක නීතියේ රැහැනට හසු නොවුණු , මගේ අපරාධය වෙනුවෙන් කිසිදු දඩුවමක් නොලද මිනිමරුවෙක්මි . මගේ මුහුණ දෙස ඔබ ඍජුව බලන්නේ නම් , මගේ දෙනෙතට ඔබ ගිලා බසින්නේ නම් මගේ සිත කියවන්නට ඔබට හැකියාව ලැබෙනු නියතය. එසේ වන්නේ නම් වසර පහළොවක් පුරා මගේ අපරාධය වෙනුවෙන් මා විඳි මානසික අසහනය ඔබ තේරුම් ගන්නා බව මම දනිමි.
අපරාධයක් කරන තැනැත්තා ඒ අපරාධය සිදු කළ ස්ථානයට යළි පැමිණෙන බව පොලිස් පොත් වල සදහන්ව තිබේ. අපරාධය පිටුපස යන රහස් පරීක්ෂකයෝ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිති. ඒ පැමිණීම අපාරාධය සිදුවුණු දිනයේම වන්නට පුළුවන. දින කීපයකට පසුව සිදු වන්නට පුළුවන. සතියකින් සිදුවන්නට පුළුවන. එහෙත් මාස ගණනකට පසු ඒ ස්ථානයට යළි පැමිණෙන අපරාධ කරුවෙක් නැත. එසේ පැමිණියද ඔහු ගැන විමසිලිමත් වන පොලිස් පරීක්ෂකයෝ සිටින්නට ඉඩක් නැත. මම දැන් මගේ අපරාධ බිමට පැමිණි සිටිමි. මා එසේ පැමිණියේ පහළොස් වසකට පසුවය.
කුලියාපිටිය - හෙට්ටිපොළ පාරේ ගමන් ගන්නා විට හමුවන විජය මාවතේ මම ඇවිද යමින් සිටිමි. වසර පහළොවකින් මව්බිමට පැමිණ නැති මගේ සිරුර දැඩි හිරු රශ්මියට ඔරොත්තු නොදෙයි. සවස දෙක පසුවී ඇති මේ මොහොතේ ඈත අහසේ කළු වලාකුළු එක් රැස් වෙමින්, වැස්සක් පොළොවට විසි කරන්නට සුදානම්ව සිටියද එයින් කිසිදු සිසිලක් පරිසරයට එක් වූ බවක් පෙනෙන්නට නොවේ. අද උදෑසන කටුනායක ගුවන් තොටුපලට ගොඩ බැස , ළගම හෝටලයක කාමරයක් වෙන් කරවා ගත් මම කුළියට ගත් නවීන පන්නයේ වාහනයකින් මෙහි පැමිණියෙමි. දින තුනකට පෙර මව්බිමට පැමිණීමේ කිසිදු උවමනාවක් මට නොවිණ . සත්‍ය වශයෙන්ම මෙය වනාහි කිසිදු අයුරකින් බලාපොරොත්තු නොවූ ගමනකි.
පහළොස් වසරකට පසුව මාවතේ විශාල වෙනස් වීම් දකින්නට තිබේ. එදා අපි ජිවත් වූ කුලී නිවෙස අද වෙනස් ආකාරයකින් ප්‍රති සංස්කරණය වී , නවීන ලෙස හද ගැන්වී ඇත . අපේ ඒ කුලී නිවස ඉදිරියෙන්ම වූයේ එදිරිවීර පවුලේ තෙමහල් නිවසයි. එදෙස බලන්නට නොහැකිව මම මොහොතක් ගත කළෙමි . ඒ නිවස දෙස නෙත් හෙළීම මගේ හදවත කඩා දමනා බව මම දැන් සිටිමෙමි. එහෙත් මා පැමිණි ගමනේ අරමුණ ඉටු කර ගත යුතු නිසාම දැඩි ධෛරියක් සිතේ උපදවාගෙන ඒ නිවස දෙස නෙත් හෙලුවෙමි.
තුන් මහළ එසේමය. කිසිදු වෙනසක් නැත. එහෙත් එදා තිබූ භාම්භිර බව , සිරියාව , නිවස වටා විහිදුණු මනස්කාන්ත සිරියාව නොවේ. සියලු කවුළු වසා තිබුණු නිසා මූසල කමකි එහි වූයේ . බොහෝ විට කිසිවෙකු එහි පදිංචිව නැතිවා විය යුතුය. නිවස වටා ඉදිවුණු තාප්පය වල් පැලෑටි වලින් අඩක් ආවරණව තිබේ. ගේට්ටුව විවර වුණු බවක් පෙනෙන්ට නැත. මේ නිවස අදුරු කාලකන්ණි ස්වරුපයක් ගෙන තිබෙන්නේ මා නිසා යැයි ඒ මොහොතේ මට සිතුණි .
සියල්ල සිදුවූයේ ආදර හසුනක් නිසා නොවේද...? මගේ පුංචි මොලය යන්තම් හරි බුද්ධිමත්ව මෙහෙයවා ඒ ලියුම නොලියා සිටියා නම් මේ විපත් කිසිවක් සිදු නොවන්නට තිබුණි. අදින් වසර පහළොවකට පෙර මා දොළොස් වැනි වියේ පසු වෙද්දී , විජය මාවතේ අපේ නිවස ඉදිරිපිට හිස් ඉඩම විකිණී , සතියක් යන්නටත් කළින් ඉදිකිරීම් සඳහා උවමනා දේ දිගු ලොරි පෙරහරකින් පැමිණෙන අයුරු අපි පුදුමයෙන් බලා සිටියෙමු. මම පවුලේ එකම පිරිමි දරුවාය. මා දන්නා දවසේ පටන් දුම්කොළ සංස්ථාවේ සේවය කළ තාත්තා ගේ එකම අභිප්‍රාය වූයේ අම්මාත් මමත් රැගෙන කැනඩාවේ පදිංචිව සිටි ලොකු නැන්දා වෙත යාමයි. මේ ගමන බොහෝ කාලයක පටන් සැලසුම් කල එකක් බව මම දැන සිටියෙමි. මුදල් ඇතුළුව උවමනා සියල්ල සුදානම්ව විසා මුද්‍රාව ගමන් බලපතේ පතිත වන තෙක් මගේ දෙමාපියෝ ඇගිලි ගනිමින් සිටියහ.
අපේ කාමර දෙකේ නිවස ඉදිරිපිට තෙමහල් නිවසක් ඉදිවනු දැකීම අපි කිසිවෙකුගේ විශේෂ සැළකිල්ලට ලක් වූයේ නැත. එය ඒ කාලයේ ප්‍රදේශයේ ඉදිවුණු විශාලතම නිවස යැයි කිවොත් වැරදි නොවේ. කොයි මොහොතක හෝ රටින් පිටවීමේ දරුණු මානසිකත්වයෙන් සිටි නිසාදෝ තාත්තාත් අම්මාත් තමන් වටා ලෝකයේ සිදුවන දේ ගැන උනන්දුවක් නොදැක්වූහ . එහෙත් මාස හයක පමණ කාලයක් ගිය තැන , නිවෙසේ වැඩ කටයුතු බොහෝ නිමි අධියරේ දී වයස අවුරුදු තිහක් පමණ වූ හැඩ වැඩ කාන්තාවක් අපේ දොර ඉදිරියේ පෙනී සිටියාය. මිසිස් එදිරිවීර යනුවෙන් තමාව හදුන්වා දුන් ඇය බොහෝ කරුණාබර අයුරින් කියා සිටියේ ඉදිරියේ ඉදිවන නිවසේ ගෙවදීමේ උත්සවයට අපට ආරාධනා කරනා බවයි. එය වනාහි ප්‍රතික්ෂේප කල නොහැකි ආරාධනාවකි. අපේ අම්මා කිසිදු පැකිලිමකින් තොරව කැමැත්ත පළ කළාය .
සත්‍ය වශයෙන්ම එය සාම්ප්‍රදායික ගෙවදීමේ උත්සවයක් නොවේ. එදා ආරාධිතයන් වශයෙන් සිටියේ අපිත් තවත් පවුල් දෙකක් පමණි. එදිරිවීර පවුලේ පිරිමි දරුවා නලින් , මට වඩා අවුරුදු දෙකකින් වැඩිමහලු , එහෙත් මට වඩා සිරුරින් කුඩා , පියාගේ ලොකු කම් ගැන කතා කරන්නෙකි. අලුත් නිවසේ තමාට ලැබුණු කාමරයට මා රැගෙන ගිය මේ කොලුවා පියාගේ මුදල් බලෙන් තමාට ලැබුණු "ගැජට් " මට පෙන්වන්නට පටන් ගත්තේය.
"ඔයාලගේ තාත්තා ගේ ජොබ් එක මොකක්ද...?" මම ඇසුවෙමි .
"අපේ තාත්තා චිත්‍රපට නිෂ්පාදනය කරනවා..." ඔහු කිවේය. අපි දෙන්නා කතා කරමින් සිටි මොහොතේ කාමරයේ දොර යන්තම් විවර වනු මම දුටිමි. එයින් යන්තම් හිස දැම්මේ කැරළි ගැසුණු කෙස් වැටියකින් යුතු මගේ වයසේම දැරිවියකි . කුමක්දෝ හේතුවක් නිසා, ඇතැම් විටක කාමරයේ ඒ මොහොතේ පැවති ආලෝකය නිසා, ඇගේ දෙනෙත් වල නිල් පැහැති කාන්තියක් මම දුටිමි. එහෙත් සියල්ල වෙනස් වූයේ අනතුරුවයි. ඇය මා සමග සිනහ පෑවාය. අනතුරුව පිටව ගියාය. එය වනාහි මා දුටු සුන්දරතම සිනහවයි.
නලින් මගේ මිතුරකු බවට පත් විය. මම ඔහුව ගමේ අනෙක් යහළුවන්ට හදුන්වා දුනිමි. ඉඩ ලැබුණු හැම විටම විජය මාවතේ කෙළවර වෙල් යාය තරණය කළ අපි දෙන්නා "නාටු කැලේ " නමින් හැදින්වූ කුඩා වන ලැහැබක සරි සැරුවෙමු. ඔහුට අයිති සෙල්ලම් පිස්තෝල වලින් විනෝද වුනෙමු. මා මෙන් නොව කොළඹ කැපී පෙනෙන පාසල් වල ඉගෙනුම ලැබූ අයියා නගෝ , එකිනෙකා නොරුස්සන්නෝ වූහ . නැගණිය එනම් ප්‍රියන්වදා කිසි දිනක අපි දෙන්නාගේ සමාගමයට ආවේ නැත. ඇය කළේ දුරින් සිට මට සිනහපෑම පමණි. මගේ කුඩා ජීවිතය , සරළ දින චරියාව සසල කිරීමට ඇගේ සිනහව සමත් විය. මනා ලෙස හැඩ ගැන්වී තිබුණු මගේ පාසල් ගමන ට හිරිහැර කරන්නට ඇගේ සිනහවට හැකියාව තිබුණි . ඇය මට කැමැත්තක් දක්වන්නේ ය යන අනුවන හැගීමක් සිතේ ඇතිවීමේ ප්‍රථිපලය වූයේ ජිවිතයේ දහතුන් වසර පසු කරමින් මම ඇයට පෙම් හසුනක් ලිවීමයි . නලින්ලාගේ නිවසේ ගත කල සවස් යාමයක කාටවත් නොපෙනෙන්නට ප්‍රියන්වදා ගැවසෙන මුළුතැන්ගේ පැත්තට ගිය මට එය ඇගේ අතේ තබන්නට හැකි විය. ලියුම අතට ගන්නා ඇය කළේ යළිත් වරක් ඒ සොඳුරු සිනහව මවා ගෙන එය කළිසම් සාක්කුවේ සඟවා ගැනීමයි.
"විල්සන් අයියා කියන විදිහට අපිට ලබන සදුදට විසා හම්බ වෙනවා. එහෙම සතියකින් අපිට යන්න පුළුවන් . මම හෙටම ටිකට් ගන්නවා....." තාත්තාගේ මේ වදන් කීපය මගේ සිතේ කිසිදු සතුටක් ඇති කළේ නැත. ප්‍රියන්වදා මගේ ලියුම කලිසම් සාක්කුවේ සගවා ගත්තාය. දැන් පැය කීපයක් ගතවී ඇති නිසා නියත වශයෙන්ම ඇය එය කියවන්නට ඇත. ඇය මට කැමති වේද...? කැමති උනත් කළ හැක්කේ කුමක්ද..? ඇයත් සමග පෙම් සවාරි යන්නට නොහැකිය. දුර සිටිමින් ඇය දෙස බලා සිටිනවා හැරෙන්නට , දුටු විගස සිනහ වෙනවා හැරෙන්නට වෙන කළ හැක්කේ කුමක්ද...? එහෙත් සතියකින් කැනඩාවට යන්නේ නම් මේ සියල්ල විනාශ වී යයි .
"අපිට තව මාස දෙක තුනක් ඉඳලා යන්න බැරිද..?" එදා රාත්‍රියේ මම අම්මා ගෙන් ඇසුවෙමි. ඇය කිසිවක් නොකියා මුහුණට ලං කර ගත හැකි උපරිම කෝපය මවා ගෙන මදෙස බලා සිටියාය.
එදින රාත්‍රියේ මට නින්දක් නොවිණ . පාසල් ගිය මුත් සිත ප්‍රියන්වදා ගේ සිනහවේ ගිලී තිබුණි. සවස් යාමයේ පුරුදු පරිදි මම එදිරිවීර නිවසේ ගේට්ටුව විවර කර ගෙවත්තට ඇතුළු වූ විට නිතර නවතා ඇති සුඛෝපභෝගී වාහනය පෙනෙන්නට නොතිබුණු අතර නිවසේ ද කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත.
"ඒයි අමිලයා ...." ඉහළ මාලයේ සිට නලින් කෑගැසුවේය. "කාවද හොයන්නේ.? මාවද වෙන කාවහරිද..?" වටහා ගත නොහැකි යම්කිසි වරදක් සිදුවී ඇති බව තේරුම් ගන්නට මට අපහසු නොවිණ . ඔහු කිසිදිනක අමිලයා කියා මා අමතා නැත. මාවද වෙන කාව හරිද...? ඒ කතාවේ තේරුම කුමක්ද...? හැකි ඉක්මනින් පිටවී යන්නට සිතුනත් ඉඩක් නොලැබුණේ අදහා ගත නොහැකි වේගයකින් නලින් උඩු මහළේ සිට මා අසළට පැමිණි හෙයිනි.
"යමු නාටු කැලේට .."ඔහු යෝජනා කළේය.
"මොකටද..?"
"පොඩි වැඩකට...." මගේ සිත ගැහෙන්නට විය. නියත වශයෙන්ම මගේ පෙම් හසුන නලින් දකින්නට ඇත. තමන්ගේ නැගණියට "ලව් ලෙටර්" දීම සම්බන්ධයෙන් කෝප ගෙන ඇති ඔහු නාටු කැලය දෙසට මාත් සමග පිය නගන්නේ දබරයකට බව පැහැදිළිය . මම රණ්ඩුවට කැමැත්තෙක් නොවීමි. දන්නා හැමෝම සමග සමගියෙන් සිටිනා මට කිසිවෙක් "පාට්" දමා නැත. අනෙක් අතට නලින් වයසින් වැඩි වුනත් සිරුරින් මට වඩා කුඩා අයෙකි. යම් හෙයකින් ඔහු මට පහර දුන්නොතින් එයට ප්‍රති ප්‍රහාර දෙන්නට මම ඉටා ගතිමි.
එය බදාදා දවසක් බව මට මතකය. නාටු කැලයේ , කිසිවෙකුටත් නොපෙනෙන ගල් වල අසළ අපේ සුපුරුදු සෙල්ලම් අඩවියට පැමිණි පසුව නලින් එක් වරම මගේ මුහුණ ඉදිරියේ සිට ගත්තේය. "තමුසේ කවුරු කියලද හිතා ඉන්නේ..?" ඔහු අසයි. "තමුසේ මොකටද ඕයි නංගිට ලව් ලෙටර් දුන්නේ...?"
"කොහොමද දන්නේ...?"
"දන්නේ..? මට ඒක අහුඋනා ..කොහෙවත් යන තමුසෙට පුලුවන්ද අපේ නංගිට ලව් ලෙටර් දෙන්න...." ඔහු මුල් වරට මගේ කම්මුල හරහා පහරක් එල්ල කළේය. ඒ සමගම සිතා ගත නොහැකි ලෙස ඔහුගේ වම් අත මගේ මුහුණ මැදට පතිත වූ අතර , පිටුපසට විසිවී ගිය මම කුරුඳු ගස් අතරේ ඇද වැටුනෙමි.
"තමුසෙලා තාත්තට පැජරෝ එකක්වත් නැහැ. තමුසේ ගැරඩියෙක් වගේ කෙට්ටුයි...." දැන් ඔහු මගේ සිරුර මත ය. එල්ල කරනා පහරවල් වලක්වන්නට උත්සාහ කරනා අතරේදීම වම් පයින් ඔහුට පහරක් එල්ල කර , ග්රහණයෙන් ගැලවී නැගිට ගතිමි. එහෙත් නලින් සිතුවාට වඩා ශක්තිවන්තයෙකි. ඔහු වේගයෙන් මවෙත එයි. පහර වැරදුණු විට හැකි වෙර දමා ඔහුව තල්ලු කරන්නට මට හැකි විය. සිරුරේ සමබරතාවය රැක ගන්නට අසමත් වුණු ඔහු ගල් වල දෙසට තල්ලු වී යනු මම දුටිමි. ඒ මොහොතේ සුපිරි බලයක් ලැබී ඔහුව අල්ලා ගන්නට මට හැකි වූවා නම්.......
මගේ මිතුරා ගල් වලට අද වැටුණු පසු කිසිවක් කර කියා ගත නොහැකිව මොහොතක් ගත කළෙමි . මගේ මුල්ම අවධානය යොමු වූයේ කිසිවෙක් අප දෙස බලා සිටියාද යන්න දැන ගැනීමයි. එසේ නොවුණු කළ කොඳුරන්නාක් මෙන් "නලින් නලින්...." කියා කතා කළ මට වරෙක ගල් වලට බසින්නට සිත් විය. එහෙත් එහි ගැඹුර නොදනිමි. දෙනෙත් වලට කඳුළු ගලා එන බව තේරුම් ගත් මගේ තීරණය වූයේ හැකි ඉක්මනින් නිවසට දිව යාමයි . වෙන කළ හැකි දෙයක් ගැන හිතා ගන්නට නොහැකිව මනස සම්පුර්ණයෙන්ම අවුල් ජාලයක පැටලී තිබුණු ඒ මොහොතේ මම කළේ නිවසට පැමිණි මම මඩ තැවරී තිබුණු බැනියම ගලවා , පොල් ලෙලි මඩුවේ සඟවා කාමරයට වැදුනෙමි .
"ළමයෝ කන්න එන්න..." අම්මා කියනු ඇසුණි .."බඩගිනි නැහැ... " මම කිමි.
"අසනීපයක්ද...." තාත්තා ඇසුවේය. "නැහැ...." මම පිළිතුරු දුනිමි. මම නලින්ව මරා දැමුවාද..? එසේ නොමැති වී නම් ඔහු ගල් වලෙන් ගොඩට විත් සිදුවුණු දේ ගැන කියා සිටියිද..? ඔහු මිය ගොස් ඇත්නම් මා හිරේ යයිද...මා එල්ලුම් ගහට නියම වේද...?
එය නින්ද බලාපොරොත්තු වුණු රාත්‍රියක් නොවේ. එහෙත් තාත්තා පැමිණ මා අවදි කරද්දී තිගැස්සී අවදි වුණු මා සන්සුන් කර ගන්නට ඔහුට මොහොතක් ගත විණ .
පුතේ...පොලිසියෙන් ඇවිත්...ඔහු කිවේය. සියල්ල විනාශ වී ඇතැයි මට සිතුණි . දණහිස් පණ නැතිව වැටෙන්නට ගිය මා වත්තන් කර ගැනීමට තාත්තාට සිදුවිය. "පුතේ නලින් ගෙදර ඇවිත් නැහැ..පොලිසියෙන් ඇවිත් ඉන්නවා ඔයාගෙන් ප්‍රශ්න අහන්න...." හිස ඔසවා බැලුවා පමණි. පොලිස් නිලධාරින් දෙදෙනෙක් සහ නලින් ගේ පියා දොරකඩ අසළ සිට ගෙන සිටිනු මම දුටුමි. මගේ මුහුණේ භීතිය දකින පළමු නිලධාරියා යහනේ වාඩි ගෙන සිටින මා වෙත ලං විය. ඔහු කතා කළේ බොහෝ කරුණාවෙනි . අද දවස ඇතුළත කොයි මොහොතක හෝ මිතුරාව දුටුවේදැයි ඔහු ඇසුවේ බොහෝ සන්සුන්වයි. නැහැ... මම කිමි. "ඔයාලා දෙන්නා හැමදාම හවස සෙල්ලම් කරන්න යනවා නේද...?" නලින්ගේ පියා ඇසුවේය.
"ඔව්..අද මම නලින්ලගේ ගෙදර ගේට්ටුව ඇරන් ගිහින් කතා කළාම කිසිම කෙනෙක් හිටියේ නැහැ....."
"ඒ කියන්නේ මේ ළමයා අද දවසේ නලින්ව දැක්කේම නැහැ..."
"නැහැ..." මගේ පිළිතුරින් සෑහීමකට පත් වූවාක් මෙන් ඔවුහු කාමරයෙන් පිට වී ගියහ. ඉන් පසුව ගෙවී ගිය දින දෙකක කාලය තුළ සිදුවූයේ කුමක්දැයි යන්න ගැන කිසිදු වැටහීමක් මට තිබුණේ නැත.
දින දෙකක් පුරාම මම උණ විකාරයෙන් දෙඩවූ බවත් , කිසිදු අහරක් නොමැතිව යහනට වී සිටි බවත් අම්මා මගේ හිස අත ගාමින් කීවාය. ඇගේ උණුසුමින් සිත පහන්ව ගිය මොහොතේ මගේ අතින් සිදුවුණු අපරාධය මෙනෙහි කර ගන්නට මට හැකි විය.
"අම්මේ ...නලින් ආවද...? "
"නැහැ පුතේ..කිසිම ආරංචියක් නැහැ...මුළු ගමම පීරලා හෙව්වා . හැම තැනම. ගමේම මිනිස්සු පොලිසියත් එක්ක එකතුවෙලා හෙව්වා..."
"නලින්ගේ අම්මා ...?"
"එයා ඉන්නවා අඩ අඩ ...තාත්තා ඊයේ හවස එහේ ගියා...නලින් ගේ නංගි නම් පෙන්න නැහැ....." නලින්ගේ අතුරුදහන් වීම (මරණය ) සම්බන්ධයෙන් පොලිසිය මගෙන් වැඩිදුර නො විමසුවේ ඇයිදැයි මම නොදනිමි. මා සමග දිගින් දිගටම කතාවේ යෙදී සිටියා නම් සිදු වූ දේ මගේ මුවින්ම අසා දැන ගැනීමට හැකියාව තිබුණා නොවේද....? ඔවුන් එසේ නොකළේ ඇයි ...?
"දැන් පුතාට හොදයිනේ....අපි සෙනසුරාදා උදේ යන්න යි ඉන්නේ පුතේ..තාත්තා ටිකට් ඔක්කොම අරන් තියෙන්නේ...." අම්මා කීවාය. ඒ මොහොතේ මම සතුටු උනෙමි. මව්බිමෙන් පිටවී ගිය විට තව දුරටත් මා වරදකරුවෙකු , මිනීමරුවෙකු වීමට ඇති හැකියාව අඩුවී යයි. ලංකාවේ පොලිස් කාරයෝ මා සොයා කැනඩාවට එන්නේ නැත. එහෙත් එදා රාත්‍රියේ තාත්තා ගෙදර ආවේ තවත් අරුම ආරංචියක් රැගෙනයි.
"නලින් ළමයා අතුරුදහන් වෙලා නැහැලු..කව්ද එයාව කිඩ්නැප් කරළා ..එදිරිවීර ගෙදර වැඩකාර කොලුවා මට කිව්වේ...මිලියන ගානක් ඉල්ලලා ලු..."
"කව්ද අනේ ඒ වැඩේ කරන්නේ..."
"කව්ද දන්නේ.. පොලිසියට කිව්වොත් හෙම ළමයා මරනවා කියලා තර්ජනය කරළා ...එදිරිවීර ලා සල්ලි කාරයෝ...ඕක දීලා බේර ගනියි...." මෙසේ සිදුවන්නේ සිදුවිය හැකි දෙයක්දැයි මම මගෙන්ම විමසා ගතිමි. නලින් ගල් වලට වැටීම මගේ උණ විකාරයේම එක කොටසක්ද...? නැත. මම ප්‍රියන්වදා ට ආදර හසුනක් දීම සිහිනයක් නොවේ. එතැන් පටන් සිදුවුණු සියලු දේ නපුරු සිහිනයක රූපාවලියක් නොවේ. එසේ නම් මේ පැහැර ගැනීමක් යැයි කියා කප්පමක් ඉල්ලන්නේ කෙසේද...? කව්ද...? ගල්වලේ වැටී සිටි නලින්ගේ සිරුර සොයා ගත් අයෙක් මෙසේ එදිරිවීර පවුල මුලා කොට මුදල් කොල්ල කා ගන්නට උත්සාහ කරන්නේද...? ඇතැම් විටක නලින් මිය ගොස් නැතිවාද...? මේ සිදුවන්නේ සත්‍ය වශයෙන්ම කුමක්ද...?
තවත් දින දෙකකට පසු සිකුරාදා රාත්‍රියේ එදිරිවීර නිවස දෙසින් මහා කෑගැසිල්ලක් අපට ඇසුණි . හෙට අළුයම කාලයේ පිටව යන්නට ඇති නිසා ගමන් මලු සුදානම් කරමින් සිටි මගේ දෙමාපියෝ සියල්ල මොහොතකට නවතා දමා එහි දිව ගියහ. මම ඒ නිවස දෙස බලා සිටියෙමි. පොලිස් වාහන දෙකක් දැන් නිවස ඉදිරිපිට නවතා තිබේ. නියත වශයෙන්ම ඔවුහු නලින් ගේ සිරුර සොයා ගන්නට ඇත. දැන් සියල්ල හමාරය. ඔහුගේ සිරුර පුරා තිබිය හැකි මගේ ඇගිලි සළකුණු හඳුනා ගැනීමෙන් පසුව ඔවුහු මා අත් අඩංගුවට ගන්නට එනු නියතය. එහෙත් අපි මේ රටේ සිටින්නේ තව පැය කීපයකි. හෙට දහවල් කාලය වන විට මගේ වලිගයවත් පොලිසියට අල්ලා ගන්නට නොහැකි වනු බව පැහැදිළිය .
තාත්තාව එදිරිවීර නිවසේ නවතා තබා යළි පැමිණි අම්මා ගෙන් සිදුව ඇත්තේ කුමක්දැයි මම ඇසුවෙමි. "කප්පම් ඉල්ලපු මිනිහට මිලියන හතක් දීලා...ඒත් නලින් ඉන්නවා කියපු තැන කිසිම කෙනෙක් ඉදලා නැහැ.. දැන් ළමයත් නැහැ. සල්ලිත් නැහැ. .."
පසුදා අලුයම් කාලයේ කුලියට ගත් වෑන් රියක නැගී ගුවන් තොටුපළ බලා අපි පිටත් වෙද්දී එදිරවීර නිවසේ කිසිදු පහනක් දැල්වී තිබුණේ නැත.මට ප්‍රියංවදා සිහියට නැගුණි. මගේ දෙනෙතින් කදුළු කඩා වැටෙනු දුටු අම්මා ගම දාලා යන්න දුක දැයි ඇසුවාය.
තවත් පැය කීපයකට පසු ගුවන් යානයේ අසුන් ගෙන සිටිනා විට මම තාත්තා ගෙන් මෙසේ ඇසුවෙමි. "අපේ ගෙදර කව්ද දැන් පදිංචි වෙන්නේ....?"
"වෙන කවුරු හරි කුළියට එයි පුතේ..." පොල් මඩුවේ තැනක නාටු කැලයේ දී මඩ තැවරුණු බැනියම සගවා තැබුවෙමි . අලුතින් කුලියට එන උන් බැනියම සොයා ගන්නට ඉඩ තිබෙනවා නොවේද...?
කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ Mount Sinai රෝහලේ පුහුණු වන වෛද්‍යවරයෙකුගේ පත්වීම ලැබුණු දා පටන් රෝහල සහ රෝගීන් මගේ ලෝකය බවට පත් විය. ඒ වන විටත් කුලියට ගෙන තිබුණු කුඩා තට්ටු නිවාසය පවා අමතක කර, මුල් මාස තුනේදී රෝහල් විවේකාගාරයේ මම රැය ගත කළෙමි . තනිවම ජිවත් වීම අපහසු දෙයකි. පස් වසරකට පෙර අම්මා පිළිකාවකින් මිය ගිය දා පටන් මේ තනිකමය මගේ තනියට සිටියේ. අම්මා ගේ අහිමිවීම දරා ගන්නට නොහැකි වුණු විට තාත්තා නොරුස්සන පුද්ගලයෙකු බවට පත් විය. කැනඩාවට පැමිණි දා සිට ජිවත් වුණු වැන්කුවර් නගරයේ නිවස අතහැර දැමූ මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ටොරෙන්ටෝ වෙත පැමිණියෙමි. මගේ එකම උවමනාව වූයේ තාත්තා ගේ සමාගමයෙන් ඈත්ව සිටීමයි. එහෙත් තාත්තා සතියකට වරක් මට අමතන්නට අමතක කළේ නැත. මාසයකට වරක් මගේ උගෙනුම් සහ එදිනෙදා වියදම් වෙනුවෙන් සැළකිය යුතු මුදලක් මගේ බැංකු ගිණුමටද එක කරන්නට ද අමතක කළේ නැත. ඔහු නරක පියෙක් නොවේ. අපි අතර ඇතිවුණු දුරස්ථ භාවයට පදනම දැමුවේ හුදෙක්ම අම්මා ගේ මරණයයි.
මම ඔවුන් ගැන සෙවීමි. අතට හසුවුණු සෑම ක්‍රමයක්ම උපයෝගී කර ගනිමින් එදිරවීර පවුලේ තොරතුරක් ගැන සොයා බැලීමි. නැත. මගේ පාසල් මිතුරන්ගේ හෝ ගමේ අසල්වැසියන්ගේ දුරකතන අංකයන් සොයා ගන්නට නොහැකිය. සොයා ගත්තද ඇමතීමට තරම් ධෛරියක් මට නොවූයේ අද එදිරිවීර පවුල මුහුණ දී ඇති අභාග්‍යයක් වේ නම් එහි වගකිව යුත්තා මා වූ හෙයිනි. මා නලින් ව එතරම් වේගයෙන් තල්ලු කළේ ඇයි....? ඔහුගේ මුල් පහර ලැබුණු විට මා පැන නොදිව්වේ ඇයි ...? අතීතය යළි පිළිසකර ගත නොහැකි බව සැබෑය . එහෙත් සිතින් පළවා හරින්නට , මකා දමන්නට නොහැකි දේ බොහෝ ඇති විට දවස පැය විසි හතරකට වඩා දිගු වෙයි. ඒ දවසින් හැර අඩකටත් වඩා ඇය , එනම් මගේ ප්‍රථම ප්‍රේමය , ප්‍රියන්වදා අත් පත් කර ගෙන සිටියාය. මම ඇයව ද සෙව්වෙමි. සමාජ ජාලා පීරමින් සෙව්වෙමි. සියක් ආකාරයකට Google හි ඇගේ නම ට සම්බන්ධ විය හැකි කරුණු ලියමින් සෙව්වෙමි. ප්‍රියන්වදා එදිරිවීර නමින් විසි හත් දෙනෙකු මුහුණු පොතේ දැක ගන්නට හැකි විය. එහෙත් මගේ ප්‍රියන්වදා සිටියේ නැත.