මෙතන ප්‍රධානම දේ රට ගොඩ ගන්න දැක්මක් තියෙන්න ඕනි අඩුම තරමෙ ණය ටික ගෙවලා මිනිස්සුන්ගෙ අත්‍යාවශ්‍ය දේවල් සපුරන්න. මේ ආණ්ඩුව ඒ දේ බෑ කියලා ඔප්පු වුනානෙ. මිනිස්සු පාරට බැහැලා රාජ්‍ය දේපල ගිනිතියන්න ඕනි නෑ වැඩ වර්ජන සාමකාමී විරෝධතා හොදටම ඇති මොකද දැන් රට තියෙන්නේ නරාවලක. Imf එක සල්ලි දෙන්නෙ අපි දෙන ප්‍රොපෝසල් එක බලලා. ඒක හරි විදියට දැනුමක් තියෙන කට්ටියක් කරොත් ඔය කියන විදියට ලොකුවට විකුණන්න ඕනි වෙන්නෙ නෑ. උදාහරණයකට ටෙලිකොම් එක ජපානෙ දොකොමො එකට බාගයක් ශෙයාස් විකුණලා තිබුනා මැනේජ්මන්ට් එක ලංකාවේ රජයෙ තියාගෙන. ඒ වගේ ආර්ථික කරුණු ගැන හරියට දන්න අය imf ගියානම් ඔය ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න පුලුවන්. මේ රජයට ඕනි කොහෙන් හරි සල්ලි හොයන් කොමිස් ගහලා එදාවේල රන් කරන්න. අපිට imf යන්නත් වුනේ කලින් ගත්ත ණය හරි විදියට ආයෝජනය නොකර කොමිස් ගහලා ෆේල් ප්‍රොජෙක්ට් වලට දාපු නිසා.සහනාධාර කපන්න කියන්නේ IMF තමයි. ඔයා කියලා තියෙන ඔක්කොම ගොඩ දාන්න බැහැ මට තේරෙන විදිහට. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
රාජ්‍ය දේපල ටික ගිනි තියනවා. ඊට පස්සේ වෘත්තීය සමිති පාරට බහිනවා. දුප්පත් අය පාරට බහිනවා. මේවට හොද ප්‍රචාරයක් දෙනවා.
1. ඔයා හිතනවද IMF එයි කියලා?
2. මුන්ටික ගෙදර ගිහිල්ලා, AKD ආවා කියලා නිකමට හිතමුකෝ. දැන් IMF කොන්දේසි ඉටු කරන්න ඕනේ නැද්ද?
එතන මුලින් හිටපු නැති කට්ටියක් පස්සෙ ආවා කුණුහරුපෙන් බැනගෙන එපා කියද්දි ගල් ගහපු. ඒ කට්ටිය කාගෙ හරි බලල් අතක් වෙන්න පුලුවන්.
------ Post added on Apr 1, 2022 at 9:36 AM