මිල්කෝ නිෂ්පාදන මිල වැඩි කරයි
රජයට අයත් මිල්කෝ සමාගම නිෂ්පාදනය කරන හයිලන්ඩ් කිරිපිටි, බටර් හා යෝගට් මිල ගණන් වැඩිකර තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 290 ක් වූ හයිලන්ඩ් බටර් ග්රෑම් 200 පැකට්ටුව රුපියල් 340 දක්වා රුපියල් පනහකින් මිල ඉහළ නංවා තිබේ.
මෙතෙක් රුපියල් 30 ක් වූ හයිලන්ඩ් යෝගට් එකක මිල රුපියල් 35 දක්වා වැඩිකර තිබේ.
එසේම රුපියල් 310 ක්වූ හයිලන්ඩ් කිරිපිටි ග්රෑම් 400 පැකට්ටුවක් රුපියල් 320 දක්වා වැඩිකර තිබේ.
විදේශ රටවලින් ගෙන්වන බටර් සඳහා රජය කිලෝවකට රුපියල් 880 ක බද්දක් අයකරන අතර හයිලන්ඩ් බටර් අඩුමිල හේතුවෙන් ජනතාව අතර ජනප්රියව තිබිණි. එහෙත් දැනට මාස දෙකක පමණ සිට රට පුරා හයිලන්ඩ් බටර් හිඟයක් පැවතිණි.
දිවයින