මිල්කෝ නිෂ්පාදන මිල වැඩි කරයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    මිල්කෝ නිෂ්පාදන මිල වැඩි කරයි

    මිල්කෝ නිෂ්පාදන මිල වැඩි කරයි

    highland.jpg


    රජයට අයත් මිල්කෝ සමාගම නිෂ්පාදනය කරන හයිලන්ඩ් කිරිපිටි, බටර් හා යෝගට්‌ මිල ගණන් වැඩිකර තිබේ.

    ඒ අනුව මෙතෙක්‌ රුපියල් 290 ක්‌ වූ හයිලන්ඩ් බටර් ග්‍රෑම් 200 පැකට්‌ටුව රුපියල් 340 දක්‌වා රුපියල් පනහකින් මිල ඉහළ නංවා තිබේ.

    මෙතෙක්‌ රුපියල් 30 ක්‌ වූ හයිලන්ඩ් යෝගට්‌ එකක මිල රුපියල් 35 දක්‌වා වැඩිකර තිබේ.

    එසේම රුපියල් 310 ක්‌වූ හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්‌ටුවක්‌ රුපියල් 320 දක්‌වා වැඩිකර තිබේ.

    විදේශ රටවලින් ගෙන්වන බටර් සඳහා රජය කිලෝවකට රුපියල් 880 ක බද්දක්‌ අයකරන අතර හයිලන්ඩ් බටර් අඩුමිල හේතුවෙන් ජනතාව අතර ජනප්‍රියව තිබිණි. එහෙත් දැනට මාස දෙකක පමණ සිට රට පුරා හයිලන්ඩ් බටර් හිඟයක්‌ පැවතිණි.



    දිවයින
     
    • Like
    Reactions: Hapuwa and raman2

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයට පින් සිද්ද වෙන්නේ සද්ද නැතිවම බදු වල මිල වැඩි වෙනවා
    නොදකින් පොන්න ආණ්ඩුව
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යහපාලනයට පින් සිද්ද වෙන්නේ සද්ද නැතිවම බදු වල මිල වැඩි වෙනවා
    නොදකින් පොන්න ආණ්ඩුව

    බදු වල මිල වැඩි වෙනව...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පොඩි එකෙක්ට යෝගට් එකක් අරන් දෙන එකටත් කෙලවෙලා...

    හැම බඩුවකම මිල වැඩි වෙලා තියෙන්නේ.. හාල්මැස්සෝ, සැමන්, පරිප්පු හැමදේකම..
    හාල්මැස්සෝ කිලෝ එකක් රු 440

    බඩ කට පිරෙන්න දෙනවා වගේ දැන්... :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    හර්ෂ ද සිල්වා ට සැහෙන කැක්කුමක් තියෙනවා කිව්වා නේද පොඩි එවුන්ට මොනවද කරන්න ? දැන් කැක්කුම සනීප නිසා වෙන්නැති පේන්නවත් නැත්තේ .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යෝගට් සහ පිටි මිල වැඩි කරලා දැන් මාස ගානක් බං..... බටර් නොකන නිසා දන්නේ නෑ ගණන්..... :no:

    ඔක්කොම එකයි..... මාද්‍ය සංදර්ශන වලට බොරුවට අඩු කරනවා..... ආයේ සද්ද නැතුව වැඩි කරනවා..... :angry:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පාරිභෝගික අධිකාරියට නොදන්වා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ඊයේ (18දා) අත්‍යවශ්‍ය භාණ්ඩ 06 ක උපරිම සිල්ලර මිල සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර දැමීමට මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

    රට තුළ නීතියක් ලෙස ක්‍රියාත්මක වීමට නම් එය පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් විය යුතු වුවත්, ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය සභාපතිවරයා දැනුවත් කිරීමකින් තොරව නිකුත් කර තිබූ අතර, මේ නිසා පාරිභෝගික අධිකාරියේ සභාපති ආචාර්ය ආර්.කේ.එම්. රත්නායක මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවද වාර්තා විය.



    :lol::lol: සංදර්ශන