මිල්ලන්ගොඩ රාජා සමුගනී

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මිල්ලන්ගොඩ රාජා සමුගනී

මිල්ලන්ගොඩ රාජා සමුගනී

millangoda.jpg

වේලාව රාත්‍රී අට පසුවී තිබෙන්නට ඇත. දඹානේ සිට ආපසු එමින් සිටි ගමනේදී අපි නුවර වැව ඉස්මත්තේ සිට දළදා මැදුර අබියසින් ඇසෙන හේවිසි, හොරණෑ, බෙර හඬට කන් දුන්නෙමු. ඒ මහනුවර දළදා මාලිගයේ ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර වීදි සරණ දිනයයි. නුවර වීදි පුරා ඇත්තේ අමුතු සිරියාවකි. උස් ගස් හි රැඳි විදුලි ආලෝකයෙන් ඔපවත් වූ නුවර වැවේ ජල රේඛා නටන්නේ අමුතු තාලයකටය.

විදුලි එළිය පරයා නැගෙන කොප්පරා එළිය ඒ රාත්‍රියට අමුතු සොඳුරු බවක් එක් කළ ද සියලු පෙරහර අංගයන්ගෙන් සමන්විත කුඹල් පෙරහරේ තිබුණේ පාළු බවකි. හදවත සසල කරවන ඒ පාළු බව පෙරහර පුරා පැතිර තිබුණේ මහා දැවැන්තයකුගේ සමුගැනීමක් නිසා නොවේ ද?

මහනුවර ඇසළ පෙරහර වර්ණවත් කළ මිල්ලන්ගොඩ හස්ති රාජයාගේ අවසන් හුස්ම පොද වාතලයට එක්වීමේ කනගාටුදායක සිද්ධිය ඒ පාළු බවට හේතුව යැයි මට සිතුණි.

millangoda1.jpg

ආඩම්බර ගමනින් පෙරහරේ ධාතු කරඬුව වඩම්මාගෙන සන්සුන්ව යන මිල්ලන්ගොඩ රාජා මගේ මතකය අලුත් කළේය. සද්දන්ත හස්ති රාජයකු වූ ‘මිල්ලන්ගොඩ රාජා’ වසර තිස් පහකට ආසන්න කාලයක් වරින්වර නුවර පෙරහරේ කරඬුව වැඩම්ම වූයේය. රාජා කුඩා කල සිටම වැඩුණේ කෑගල්ල මොළගොඩ එස්. ආර්. ඒ. මිල්ලන්ගොඩ මහතා හා ඒ මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ආදරය, සෙනෙහස, කරුණාව මධ්‍යයේය.

කිසි දිනෙක ඇත්ගොව්වකුට හිරිහැරයක් නොකළ රාජා වසරකට අධික කාලයක් රෝගාතුරව සිටිය ද ආසියාවේ දිගම දළ යුගලට හිමිකම් පෑ රාජාගේ තේජාන්විත බව නම් බිදකුදු අඩු නොවී තිබිණි.

ඇත්ගොව්වා දෙන ටොෆියක්, හකුරු කෑල්ලක් රසකර කමින් විචිත්‍ර වර්ණයෙන් කළ ඇඳුමින් සැරසි ධාතු කරඬුව පිට මත තබාගෙන ඉමහත් ගෞරවයෙන් මඟ දෙපස බලමින් අභිමානවත් සාඩම්බර ගමනින් වීදි ඔස්සේ ගමන් ගන්නා මිල්ලන්ගොඩ හස්ති රාජයා යළිත් අපට දකින්නට නොලැබෙන්නේ ය.

රාජා හස්තියා රාජ්‍ය නායකයන්ගේ පමණක් නොව දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත් සතන් පැහැර ගත් සද්දන්තයෙකි.

රාජාගේ සමු ගැන්ම අපේ හද සසල කරවන්නකි. එනමුදු මිල්ලන්ගොඩ රාජා අනාගතයට පෙන්වීමට සම හා ශරීර කොටස් උපයෝගී කොට මේ සද්දන්තයා ප්‍රතිනිර්මාණය කරවීමට මිල්ලන්ගොඩ මහතා ගෙන ඇති තීරණය බොහෝ වටින්නේය. තේජාන්විත ගමනින් නුවර හා සෙසු පෙරහර ඔපවත් කළ ,

මහා ඇත් රජුනි ,
නුඹට නිවන් සුව.


ඉසවි - සිළුමිණ​
 

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තු පෙරහරේ ගෙනියන එකට මම නම් කැමති නැහැ..ඌ මොන තරම් දුකක් විදිනවද පෙරහැර ඉවරවෙනකන්..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය සිද්දිය වුනේ මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා...ඔය අවුරුද්දේ ලන්කාවෙ හිටපු දිගම දල ඇති ඇතුන් අතරින් පලවෙනි දෙවෙනි සහ තුන් වෙනි යන ඇතුන් තුන් දෙනාම මිය යනවා. දිගම දල හිමි මිල්ලන්ගොඩ ඇතාත් දෙවෙනියට ගන්ගාරාමේ ඉන්දුරාජාත් තුන් වෙනුව වන ගත හස්තියන් අතර දිගම දල හිමිව තිබූ සියඹලන්ගමුවෙ ඇතා අනතුරක් නිසාත් මිය යනවා..
    ඉන්දු රාජා ඉන්දියාවෙන් කුඩා කල ගෙන්වන ලද ඇතෙක්..නමුත් මිල්ලන්ගොඩ ඇතා කල්මුනේ ප්‍රදේශයේදි වනයෙන් කුඩා කල අල්ලාගන්නා ලද ඇතෙක්..සිරි ලක බැබලවූ එම ඇතුන් තිදෙනාටම නිවන් සුව