මිලියන ගණනකට කොවිඩ් 19
ඉන්දියාවේ මිලියන ගණනකට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝගය වැළඳීමේ අවධානමක් මතුව තිබෙනවා.
ලොව විශාලතම රාජ්‍ය වන එරට ජනගහණය බිලියන 1.3 කි.ඉන් මිලියන 400 කම ජනතාව වාසය කරනුයේ ජනාකීර්ණ ප්රදේශවලයි.
ඔවුන් බොහෝ දෙනෙකුට නිසි සෞඛ්‍ය පහසුකම් මෙන්ම පිරිසිදු ජලයද ලබා ගැනීමේ ගැටලු පවතින අතර එම නිසා වෛරසය ඉක්මනින්ම පැතිර යාමේ අවදානමක් ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
හදිසියේම දින 21 ක කාලයකට සමස්ත ඉන්දියාවටම බලපාන පරිදි ඇඳිරි නීතිය දැමූ අතර මේ නිසා එරට දෛනික වැටුප් ලැබෙන රැකියාවල නිරතව සිටි මිලියන ගණනාවක ජනතාව අසරණ වූවා.
ඇතැම් පිරිස් තවමත් නගරයේ සිට ගම් බිම් බලා යමින් සිටින බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.