මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..!
ත්‍රීවීල්වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..! මිල රුපියල් ලක්ෂ 03යි
ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
ඔහු මෙය රෝද හතරේ වාහනයක් බව පැවසුවද එය කාරයක් බව පැවසුවේ ද නැත.
මේවනවිට ලොව මිලෙන් අඩුම කාරය ලෙස සැලකෙන ටාටා නැනෝ රථයද මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ. ඒ අනුව අපට මේ ලැබෙන රෝද හතරේ වාහනය ලෝකයේ මිල අඩුම කාරයද නොවේ.
මෙම වාහනය හඳුන්වනු ලබන්නේ Quadricycle (කොඩ්රිසයිකල්) යනුවෙනි. කොඩ්රිසයිකලයේ ඉතිහාසය 1896තෙක් දිවෙන්නකි. ලෝ ප්‍රකට ෆෝර්ඩ් සමාගම ලොව පළමු කොඩ්රිසයිකලය නිපදවන්නේ 1896 ජුනි 04දාය.
මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී ඇත. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ.
මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත.
පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. රියැදුරුද සමග ගමන්කළ මැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇත.
ඉස්සුවෙ නෙත්.fm එකෙන්