මිසිසිපි - The Mississippi

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හරි ඔන්න මම අදත් අලුත්ම විස්තර ටිකක් හොයාගෙන අවා බෙදා හදාගන්න. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුවේ.

    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.

    නිසොල්මන් ආක්‍රමණිකයා (Silent Invaders)
    ජේම්ස් ජෝසප් බ්‍රවුන් - (Mr. Dynamite)
    ලෝකයා - MS The World
    හනි බැජර් (Honey badger)
    ආචාර්ය පොන්නම්පෙරුම
    අජන්තා ගුහාව (Ajanta Caves)
    Bacteria Work as Hard Drives
    හාජි ලේන් (Haji Lane)
    ජපනගේ එකේ දිග....
    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]




    හරි නම දැක්ක ගමන් ගොඩක් කට්ටිය දන්නවා ඇති මොකක් ගැනද මම අද කියන්න යන්නේ කියලා, අද මම කතාකරන්න හිතුවේ මිසිසිපි ගග ගැන. මිසිසිපි ගග තමයි උතුරු ඇමරිකාවේ තිබෙන ලොකුම ගග, ඒ වගේම මේක මුළු ඇමරිකාවම ආවරණය වන විදියට ගලාබසිනවා. මේ මහා යෝදයගේ මෝය කට පිහිටලා තියෙන්නේ මෙක්සිකෝවේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ යෝදයගේ තරම. මෙයාගේ දිග ඇවිල්ල ආසන්න වශයෙන් කිලෝමීටර් 3800 විතර වෙනවා, ඒ වගේම මේ ගගේ පළලම ස්ථානයේ පළල කිලෝමීටර් 17 විතර වෙනවා. මෙයා දවසකට වතුර ගැලුම් මිලියන ගණනක් පහලට රැගෙන යනවා ඒ කියන්නේ ආසන්න වසයෙන් මෙයා තත්පරයට ඝන අඩි 125,000 ක අනුපාතයකින් ගලා බසිනවා.

    හරි දැන් මෙයාගේ ගැන සාමන්‍ය විස්තර ටිකක් දන්නවනේ නමුත් මම දැන් කියන්න යන දේවල්නම් ගොඩක් කට්ටිය දන්නේ නැතිව ඇති. කාට හරි හිතන්න පුලුවන්ද මේ මහා යොදයෙක් වගේ ගග එක පාරටම පිටුපසට(උඩුගම් බලා) ගලාබසින්න පටන් ගනීවි කියලා? බැහැ නේද? ඔව් ඇත්තටම ඒක විස්වාස කරන්න අපහසුයි නමුත් මෙයා එක පාරක් නෙවෙයි කීප සැරයක්ම පසුපසට ගලා ගොස් තිබෙනවා. ඇත්තටම එහෙම වෙන්න හේතුව ඇවිල ස්වාබාවික වෙනස් වීම්.

    පලුමු වරට පසුපසට ගලන ලද්දේ 1812 හේතුව ඉතා විශාල බුමිකම්පාවක් නිසා ඇතිවූ සුනාමි තත්වයක්.

    දෙවන වරට පසුපසට ගලන ලද්දේ 2005 වසරේ ඇතිවූ කත්‍රිනා චණ්ඩමාරුතය නිසා, මෙහෙදී සිදුවූ විසේස දෙයක්නම් ගගේ සාමන්‍ය ජල මට්ටමට වඩා මීටර් 4 ජල මට්ටම ඉහල නැගීමයි.

    තුන්වන වරට පසුපසට ගලන ලද්දේ 2012 වසරේ ඇතිවූ අයිසැක් චණ්ඩමාරුතය නිසා. මෙහෙදී සිදුවූ විසේස දෙයක්නම් තත්පරයට ඝන අඩි 182,000 ක අනුපාතයකින් පිටුපසට ගලා බසින්නට පටන් ගැනීමයි ඇත්තටම එය ගංගාවේ සාමන්‍ය ගැලීමේ වේගයට වඩා වැඩි වේගයක්.

    ඇත්තටම මෙහෙම පිටිපසට ගැලීම ඉතා දීර්ග කාලයක් නොපවතින අතර ඉතා සීමිත කාල සීමාවකට එය බලපවත්වයි.


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    හරි අපි දැන් මෙයාගේ පින්තුර ටිකක් බලමු.

    map_us_miss.jpg


    maps.jpg


    river-big.jpg


    Mississippi-River-facts-Widest-point.jpg


    zmissi.jpg


    1271641953_1280x1024_mouth-of-the-mississippi-river.jpg


    bellevue_scenic_umesc5.jpg


    oil-spill-closes-mississippi.si.jpg


    mississippi-river.jpg



    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    “නෙත් Fm දන්න දෙයින් මිලියනයක් දිනමු“ එකට අද උදේ පාන්දරම කිව්වෙ මේක.
    ජය!!!