අමතකවීම......
දුමින්ද සිල්වාට භාරත ලක්ෂ්මන් අමතකයි....
අනුර කුමාරට කුමාර ගුණරත්නම් අමතකයි......
රවී කරුණානායකට අර්ජුන් මහේන්ද්‍රන් අමතකයි......
මේ හැමෝටම ජනතාව අමතකයි.....
ජනතාවට ත් මේ දේවල් ටික දවසකින් අමතකයි......
පාලකයින්ට ජනතාවට වෙච්ච පොරොන්දු අමතකයි.....
විපක්ෂයට තමන් එදා කරපු දේ අමතකයි......
"යහපාලනය" ගේන්න ආව අයට "යහපාලනය" කියන්නේ මොකද්ද කියල අමතකයි.....
"ලිච්ඡවි" ක්‍රමය ගැන උදාන වාක්‍යය කියපු අයට "ලිච්ඡවි" ක්‍රමයට වැඩේ කරන්න අමතකයි.....
ජනතා පොරොන්දු බලාපොරොත්තු මොනව වුණත්
බලය ලැබුණහම............
ජේ.ආර් චන්ද්‍රිකාට සැළකුවා
චන්ද්‍රිකා රනිල්ට සැළකුවා
රනිල් මහින්දට සළකනවා
අනාගතේ දවසක මහින්ද වෙනුවට ඝෝඨා/ නාමල්/ නිමල්/ බැසිල් ආවත්
රනිල්ට සළකනවා......
මේ යන විදියට මහින්දගේ කාළයේ වැරදි වලට/ දූෂණ වලට වත්, වත්මන් රජයේ වැරදි වලට/ දූෂණ වලට වත් එරෙහිව කිසිදු තීන්දුවක් මේ ක්‍රමවේදය තුළින් එන්නේ නෑ.... වැරදි කරුවන්ට දඬුවම් ලැබෙන්නේ නෑ.....
"යහපාලනය" වෙනුවෙන් හඬ නගපු සිවිල් සංවිධාන යළි එකමුතුව, මේ රජයෙන් තමන්ට ලැබුණු වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේෙප කරලා ප්‍රබල හඬක් නඟන්න පටන් නොගත්තොත් 2015 ජනවාරි 08 පෙරළිය අවසන් වෙන්නේ "නටපු නැටුමකුත් - බෙරේ පළුවකුත්" නැතිව.......
ඉහත පෙන්වපු සමීකරණයට අනුව මේ මොහොතේ ඔළුගෙඩි මාරුවකින් බලපෙරළියක් කළත් විශේෂ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ....
කළ යුත්තේ පාලකයින්ගේ අමතක වීම ගැන සිවිල් සමාජය ප්‍රමුඛ මධ්‍යම පන්තිය විසින් දිඟින් දිගටම ප්‍රශ්ණ කිරීම මඟින් බොරු නින්දේ සිටින්නන් ඇහැරවන්නට කටයුතු කිරීමයි.......
එසේම තවමත් තමන් බලයට ගෙනාව සිවිල් සමාජය ගැන ගරුත්වයක් ලබාදෙන රජයට සිවිල් සමාජ සංවිධාන විසින්ම බල කර අනාගතයේ රටේ දේශපාලකයින්ගේ හැසිරීම් නියාමනයට අවශ්‍ය නීති සම්පාදනයයි....
ඒ නිසා මේ හඬ නඟන්නට කාළයයි.....