මීට කලිනුත් උනා නේද මේවගේ දෙයක්?😏😏

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    සියදිවි හානි කරගැනීමට තැත් කළ තරුණිය බේරාගැනීමට උත්සහ කළ එක්දරු පියා බොල්ගොඩ ගඟේ අතුරුදන්

    1597139063-accident_L.jpg

    බණ්ඩාරගම - පානදුර මාර්ගයේ, බොල්ගොඩ පාලම අසලින් ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ තරුණියක් බේරාගැනීමට උත්සහ කළ එක් දරු පියෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇත.

    පොලීසිය පැවසුවේ අද (11) උදෑසන 11ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.

    දියේ පැන්න තරුණිය, ගිලෙමින් සිටියදී ගම්වාසින් විසින් බේරාගෙන පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

    මෙලෙස අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 29ක් වු ගැමුණු මාවත, වැල්ලන්තුඩුව, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක් බව පොලීසිය සඳහන් කළේය.

    "අද දෙරණ" වාර්තාකරු පැවසුවේ මෙලෙස අතුරුදන් වී ඇත්තේ අදාළ තරුණියගේ ඥාති සොහොයුරෙක් බවය.

    සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ තරුණිය බොල්ගොඩ පාළම අසල ට පැමිණ තමා ගඟට පැන සියදිවි හානිකර ගන්නා බව පවසමින් සිය ඥාති සොහොයුරාට දුරකථන ඇමතුමක් ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

    එම අවස්ථාවේ දී ඔහු සිය ඥාති සොහොයුරිය බේරා ගැනීමට එම ස්ථානයට පැමිණ ඇත.

    ඒ වන විට ඇය ගඟට පැන සිටින බව දැක, ඇයව බේරා ගැනීමට එම තරුණයා ගඟට පැන තිබේ.

    අදාළ තරුණිය සමග මීට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වු තරුණයාගෙන් වෙන් වී ඇත.

    ඒ හේතුවෙන් එම තරුණයා එම තරුණියගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබේ.

    මේ හේතුවෙන් තරුණිය සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

    මේ වන විට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරින් අතුරුදහන් වු තරුණයා සේවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    අද දෙරණ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,724
    167,365
    113
    එකමත් එක රටක
    කැමැත්තෙන් ගගේ පැනල මැරෙන උන්ට වෙන්කරපු තැනක් තිබ්බනම් හරි. මැරෙන්න ඕන ඒකා එතනට ගිහන් පැනල මැරෙයි එකෙක්වත් බේරගන්න ඕන නෑ . නිදහසේ මැරෙන්නවත් දීපන් කැමති උන්ට.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    LOL.. සියදිවි නසා ගන්න හදන උන්ට විරුද්ධව මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕනි. එතකොට කවුරුත් බේරගන්න උත්සහ කරන්නේ නෑ. මොකද ඉතින් බේරගත්තට වැඩක් නෑනේ මරණ දඩුවම ලැබෙන නිසා කොහොමත් මැරෙනවනේ.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and gemba95

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    පිස්සු බං.තමන්ගෙ safety ඵක හිතන්න ඕන මුලින්.තනිකඩයෙක්නම් කමක් නෑ..දැන් ඉතිං අර අම්මයි දරුවයි කොහොමද ජීවත් වෙන්නෙ..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    පිස්සු බං.තමන්ගෙ safety ඵක හිතන්න ඕන මුලින්.තනිකඩයෙක්නම් කමක් නෑ..දැන් ඉතිං අර අම්මයි දරුවයි කොහොමද ජීවත් වෙන්නෙ..
    dan ithin ehe gedara inna siripala uge ganita arinawa. muuta wenne ewa bala bala diwyaloke idagena waha bonna..
     
    • Like
    Reactions: D_Mad

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගිලෙන උන් බේරගන්න පනින එක පලපුරුදු පුහුනු වුන මිනිස්සු කරන්න ඕන දෙයක්. ගොඩක්ම කෙලවෙන්නේ ගිලෙන එකා බේරගන්න පැනපු මිනිහා බදාගගෙන මාරාවේසෙන් හුස්ම ගන්න උඩයන්න ට්‍රයිකරනවා. ඔය දඟලන වෙලේ ලී කොට කෑල්ලක් දැම්මත් ගිලෙන එකා එල්ලෙනවා. ඒක ප්‍රායෝගිකයි තව ජීවිතයක් බිල්ලට දෙනවට වඩා
    අත්දැකීමෙන් කියන්නේ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    ගිලෙන උන් බේරගන්න පනින එක පලපුරුදු පුහුනු වුන මිනිස්සු කරන්න ඕන දෙයක්. ගොඩක්ම කෙලවෙන්නේ ගිලෙන එකා බේරගන්න පැනපු මිනිහා බදාගගෙන මාරාවේසෙන් හුස්ම ගන්න උඩයන්න ට්‍රයිකරනවා. ඔය දඟලන වෙලේ ලී කොට කෑල්ලක් දැම්මත් ගිලෙන එකා එල්ලෙනවා. ඒක ප්‍රායෝගිකයි තව ජීවිතයක් බිල්ලට දෙනවට වඩා
    අත්දැකීමෙන් කියන්නේ.
    :yes:
     
    • Like
    Reactions: D_Mad

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ගිලෙන උන් බේරගන්න පනින එක පලපුරුදු පුහුනු වුන මිනිස්සු කරන්න ඕන දෙයක්. ගොඩක්ම කෙලවෙන්නේ ගිලෙන එකා බේරගන්න පැනපු මිනිහා බදාගගෙන මාරාවේසෙන් හුස්ම ගන්න උඩයන්න ට්‍රයිකරනවා. ඔය දඟලන වෙලේ ලී කොට කෑල්ලක් දැම්මත් ගිලෙන එකා එල්ලෙනවා. ඒක ප්‍රායෝගිකයි තව ජීවිතයක් බිල්ලට දෙනවට වඩා
    අත්දැකීමෙන් කියන්නේ.

    Aniwa
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,517
    67,861
    113
    Okoma hari aye gedara yanne kohomada.hiyapanko uba gagata penala mattu wela aye gedara ekkan giyama nondiya
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    කැමැත්තෙන් ගගේ පැනල මැරෙන උන්ට වෙන්කරපු තැනක් තිබ්බනම් හරි. මැරෙන්න ඕන ඒකා එතනට ගිහන් පැනල මැරෙයි එකෙක්වත් බේරගන්න ඕන නෑ . නිදහසේ මැරෙන්නවත් දීපන් කැමති උන්ට.
    ජපානේ තියෙනවා කැලයක් නිදහසේ වැඩේ කරගන්න