සියදිවි හානි කරගැනීමට තැත් කළ තරුණිය බේරාගැනීමට උත්සහ කළ එක්දරු පියා බොල්ගොඩ ගඟේ අතුරුදන්
බණ්ඩාරගම - පානදුර මාර්ගයේ, බොල්ගොඩ පාලම අසලින් ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ තරුණියක් බේරාගැනීමට උත්සහ කළ එක් දරු පියෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇත.
පොලීසිය පැවසුවේ අද (11) උදෑසන 11ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.
දියේ පැන්න තරුණිය, ගිලෙමින් සිටියදී ගම්වාසින් විසින් බේරාගෙන පානදුර රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 29ක් වු ගැමුණු මාවත, වැල්ලන්තුඩුව, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක් බව පොලීසිය සඳහන් කළේය.
"අද දෙරණ" වාර්තාකරු පැවසුවේ මෙලෙස අතුරුදන් වී ඇත්තේ අදාළ තරුණියගේ ඥාති සොහොයුරෙක් බවය.
සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ තරුණිය බොල්ගොඩ පාළම අසල ට පැමිණ තමා ගඟට පැන සියදිවි හානිකර ගන්නා බව පවසමින් සිය ඥාති සොහොයුරාට දුරකථන ඇමතුමක් ඇති බව අප වාර්තාකරු පැවසුවේය.
එම අවස්ථාවේ දී ඔහු සිය ඥාති සොහොයුරිය බේරා ගැනීමට එම ස්ථානයට පැමිණ ඇත.
ඒ වන විට ඇය ගඟට පැන සිටින බව දැක, ඇයව බේරා ගැනීමට එම තරුණයා ගඟට පැන තිබේ.
අදාළ තරුණිය සමග මීට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වු තරුණයාගෙන් වෙන් වී ඇත.
ඒ හේතුවෙන් එම තරුණයා එම තරුණියගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබේ.
මේ හේතුවෙන් තරුණිය සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.
මේ වන විට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරින් අතුරුදහන් වු තරුණයා සේවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අද දෙරණ