මීට පසු සොයලුම ආගමික උත්සව
ආගමික සංහිඳියාව ඇති කිරීම අරමුණු කර ගනිමින් සෑම ප්රධාන ආගමික උත්සවයක් සඳහාම රාජ්ය උත්සවයක් පැවැත්වීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබේ. ඒ අනුව බෞද්ධ, හින්දු, ක්රිස්තියානි සහ ඉස්ලාම් ආගම්වල ප්රධාන උත්සවයන් රාජ්ය අනුග්රහය ඇතිව පැවැත්වීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අග්රාමාත්ය වික්රමසිංහ මහතා අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දී තිබේ. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ආගමික හයෝගිතාවය ඇති කිරීමේ වැදගත්කම සළකා මෙම තීරණයට එළැඹ තිබේ. මේ අනුව වෙසක්, පොසොන් උත්සව මෙන්ම ලබන මස පැවැත්වෙන දීපවාලි ,දෙසැම්බර් මස පැවැත්වෙන නත්තල් , ජනවාරි මසට යෙදෙන තෛපොන්ගල් වැනි සියලුම ආගමික උත්සව සඳහා රාජ්ය උත්සව පැවැත්වෙනු ඇත.