නිස්සරණ ආරන්‍ය කියන්නෙ සතිපට්ඨාන භාවනාව නිවැරදිව පුහුණු කරවන ආරණ්‍යක්. එහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ හැටියට ඉන්න ධම්මජීව ස්වාමීන් වහන්සේ කියන්නෙ කටුකුරුන්දේ ඥාණනන්ද ස්වාමීන්වහන්සේගේත්, මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්වහන්සේගේත් ගෝලයෙක්. දැනුම අතින් බොහොම ඉදිරියෙන්. භාවනාව කියාදීම අතිනුත් ඒ වගේමයි.
ඒ වගෙම බුදුරදුන්ගේ ගාම්භීර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා සමාජයෙන් පමනක් නෙමෙයි භික්ෂුන් අතරිනුත් කොංවෙන කාලෙක එම දේශනා නැවතත් බෞද්ධ සමාජයේ කතාබහට ලක්වෙන තැනට ගෙන ඒමට ඉමහත් සේවයක් කරපු ස්ථානයක් තමා එතැන්.
මානසික දියුණුවක්, සමාධියක් හෝ එවැනි දෙයක් අපේක්ෂාවෙන් භාවනා කලාට කම්නැහ නමුත් භාවනාවට වාඩිවෙන විට එවැනි අපේක්ෂාවලින් ඔලුව පුරවාගෙන භාවනා කරන එක බෞද්ධ ක්‍රමය නෙමෙයි. හොඳම දේ "මා හට වහවහා නිර්වානය අවබෝධවේවා" වගේ අපේක්ෂාවක් සමග වාඩිවීම වටිනවා. එතකොට සමාධිය නැද්ද, මදිද අඩුද, දැං දෙයියො පේයිද, එලි පෙනෙයිද උඩපාවෙයිද වගේ ලාමක අදහස් එනව අඩුයි.
"මම දැං මෙතන" කියල දැනගෙන හෙමීට මූල කර්මස්ථානයට ඇවිත් වඩ වඩාත් සතියෙන් ඉන්න උත්සාහ කරන එකයි වටින්නෙ. එක පැයකදි හරියට භාවනා කෙරුන නම් ඊලඟ පැයෙත් ඒක අපේක්ෂා කරන්න එපා. නොපසුබස්නා විරියත් නිවැරදි සිහියත් සහ පහසු-නිවැරදි ඉරියව්වත් හදාගන්න උත්සහ කරන්න.

man sa giyama moko wenne