මීයොන්ට විරුද්දව යුධ ප්‍රකාශ කරමු

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මීයොන්ට විරුද්දව යුධ ප්‍රකාශ කරමු

    මීයොන්ට විරුද්දව යුධ ප්‍රකාශ කරමු


    උඹලට ගෙදර මීයෝ ප්‍රශ්නයක් එහෙම තියෙනවනම් ඒකට විසඳුමකුත් එක්ක පොඩි බිස්නස් අයිඩියා එකකුත් දෙන්න මේ යන්නේ :)

    අපේ ගෙදර මීයෝ කරදරේ ලොකුවටම තිබුන. හැමදාම රෑ 12ට විතර කුස්සියට ගියොත් එහෙම මීයෝ පස්දෙනෙක් විතර එහෙන මෙහෙන් පැනල දුවන. කුස්සිය හැමතැනම මී බෙටි :baffled: හැමදාම උදේට ඔක්කොම අස් කරලා හෝදන්න ඕනේ ඉතිං.

    ගොඩක් දේවල් කරා එකක්වත් හරි ගියේ නෑ. උන් එන තැනක් හොයාගන්නත් බෑ. පූසෙක් ඇති කරන්නත් බෑ අපේ බල්ලා පූසොන්ට ගොඩක් ආදරෙයි :dull: එක පූසෙක් දැක්කොත් ඌට මදි. ඒක හින්ද පූසෙක් දැක්කොත් ඌව දෙකට කඩල දෙන්නෙක් ළඟ තියාගන්නවා :baffled:

    අන්තිමට මේ ඊයේ පෙරේදා අප්පච්චි මෙන්න මේ භාණ්ඩේ ගෙනල්ල තිබුන.

    2015-New-Hot-Selling-Plug-White-Pest-Repeller-Electronic-Ultrasonic-Mouse-Rat-Mosquito-Insect-Rodent-Control.jpg

    දැකපු ගමන් මම හිතුවේ අපරාදේ රැවටිලා අරන් ඇවිත් කියල. ඒත් කෝකටත් කුස්සියේ මේක දාල බැලුව.

    එදා ඉඳන් මීයෝ එකෙක්වත් නෑ කියාන්කෝ :shocked:

    මේකේ තියෙන්නේ මදුරුවෝ, කැරපොත්තෝ අනන් මනං ඔක්කොටම හරි යනවා කියල. ස්විච් එකක් තියෙනවා. මදුරුවෝ, කැරපොත්තෝ වගේ උන්ට එකක්, මීයෝන්ට අනිත් එක. මම try කරේ මීයෝන්ට විතරයි. ඒක නම් ලෙසටම වැඩ ආයේ :cool::cool:

    මේක පොලොව මට්ටමේ ඉඳල ටිකක් උඩින් plug කරන තරමට හොඳයි. අනික මේක ගැහුවට පස්සේ ඒ ලඟම තියෙන බඩු මුට්ටු ටිකක් ඈත් කරන්න. (Rice cookers, වළන් පිඟන් වගේ පොඩි ඒවත්. නැත්නම් ශබ්ධ තරංග ඒවගෙන් උරාගන්නවා. ගොඩක් ඈත් කරන්න ඕනේ නෑ. අඩි 5ක විතර වටේටම බඩු පුළුවන් තරම් අයින් කරන්න.

    මේවා Ultra Sonic තරංග හින්ද මිනිස්සුන්ට, ගෙදර බල්ලොන්ට පූසොන්ට එහෙම අවුලකුත් නෑ.

    හොඳම දේ තමයි මේවගෙන් මීයෝ මැරෙන්නේ නෑ. උඹලත් කැමතිනම් අරං බලපන්



    බිස්නස් අයිඩියා එක​

    අප්පච්චි මේක ගෙනල්ල තිබුනේ 800ක් දීල. මට නිකමට හිතුන aliexpress එකේ මේක ඇති කියල. බලනකොට තියෙනවා. $2.45යි :lol: රුපියල් 350ක් විතර. මෙන්න ලින්ක් එක
    http://www.aliexpress.com/item/Elec...-1&btsid=fa033489-beed-4ecc-a7b8-8d0597b37c9f

    ගෙනල්ල රුපියල් 600කට විතර කඩවලට දැම්මොත් උන්ට 700කට විතර විකුනන්න කියල, උඹට එකකින් 250ක් තියාගන්න පුළුවන්. බඩු වැඩ හින්ද හොඳට විකිනෙයි.

    මාසෙකට 200ක් විතර විකුණගන්න පුලුවන්නම් 50,000ක් profit :)


    වගකියනු නොලැබේ : මේ ඔක්කොම දැම්මේ මගේ අත්දැකීම් අනුව. මට වැඩ කරා කියල හැමෝටම හරි යයිද කියල මට වගකීමක් දෙන්න බෑ. ඒක හින්ද බිස්නස් එකක් එහෙම කරන්න හිතනවානම් කෝකටත් එකක් ගෙන්නලා test කරලා බලපන්. නැත්නම් 100ක් විතර ගෙනල්ල වැඩ කරේ නැත්නම් එක එක *කේ ගහගන්න තමයි වෙන්නේ :lol:

    තව දෙයක්. මම මේක ටෙස්ට් කරේ මීයෝන්ට විතරයි. ඒක නිසා කවුරුහරි මේක ගෙන්නුවොත් මදුරුවොන්ට එහෙම test කරලා thread එකක් දාපං. මදුරුවොන්ටත් වැඩ කරනවානම් මේක සුපිරි භාණ්ඩයක්. මොකද ඔය එළිමහනේ තියෙන අනිත් ක්‍රම එකක්වත් වැඩ කරන්නේ නැති තැන් වලට (පොඩි හට්ස් වගේ හදපු රෙස්ටුරන්ට් වලට, BBQ එකක් දාන වෙලාවට එහෙම) මේක පාවිච්චි කරන්න පුළුවන් :cool:

    එහෙනම් bump එකක් එහෙම දාගෙනම යමු :)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    rep 8+

    meeyo ubalata penna enne nathuwa athi

    ubala nida gaththama rata awith athal gannawa athi

    unta oka nikan musical show ekak wage athi
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ගෙදර මදුරුවො නැත්ද බන්... මදුරුවන්ට ටෙස්ට් එකක් දාල කියපන්කො
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    බම්ප්.....
    පියාණන්වහන්සේ ඕක ගත්ත තැනත් දාපං මස්සිනේ.....
    ow ban gatha thena kiyapan.
    online genna gannakota, miyo petawu gahala thiyevi.
    gaththa thena ahala meke dapank.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බම්ප්.....
    පියාණන්වහන්සේ ඕක ගත්ත තැනත් දාපං මස්සිනේ.....

    kohenda ban aran tienne

    අප්පච්චි මේක අරන් තියෙන්නේ අප්පච්චිගේ office එකේ යාලුවෙක්ගෙ පුතෙක්ගෙන්. පොර නුවර කඩවල් වලට මේක දානවලු (ඒක හින්ද නුවර උන් උගේ බිස්නස් එකට කෙලවන්න එපා ඕන් ඈ :lol:)

    ඒත් උඹල මේක ලංකාවෙන් ගන්න එපා. 800ක් දීල මෙහෙන් ගන්නේ මොකටද 350ට aliexpress එකෙන් ගෙන්නන්න පුළුවන් තියෙද්දී. Ebay එකෙත් ඇති සමහර විට :)


    rep 8+

    meeyo ubalata penna enne nathuwa athi

    ubala nida gaththama rata awith athal gannawa athi

    unta oka nikan musical show ekak wage athi

    නෑ මචං මම කොහොමත් පාන්දර 4 විතර වෙනකන් ඇහැරගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට කුස්සියට යනවා වතුර බොන්න, මොනවහරි කන්න එහෙම. ඉස්සර යනකොට බඩු මුට්ටු පෙරලගෙන දුවනවා උන්. දැන් නම් එකෙක්වත් නෑ :)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකෙ රැහැයියෙක් කෑගහනව වගේ කරච්චලයක් එනව නේද බන්? ටික දවසකින් මිනිස්සුන්ටත් ගෙදර එපා වෙයි.

    මෙන්න මේව තමයි ෂුවර් බඩු!
    stock-photo-dirty-rat-captured-on-convenient-and-effective-disposable-non-toxic-glue-trap-board-with-bait-342368636.jpg


    imageGen.ashx

     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මාත් ඔය වගේ එකක් ට්‍රයි කරා මදුරුවොන්ට. මන් ඊබේ ගෙනාවේ.. ටික කාලයක්
    වැඩ කරා. පස්සේ මදුරුවෝ පුරුදු වුනා කියපන්කො ඕකට. අනිත් එවුන්ට ට්‍රයි
    කරේ නැහැ.. වෙන බ්‍රෑන්ඩ් එකක් හැබැයි.. switch මොකුත් නැහැ.. just plug and
    play
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ane ganna thenak kiyapan. ape gedara parana washing machine ekedala thibbath meeya avilla haal kala gihin me lagadi. epa wela inne.

    උඩ reply එකේ දාල තියෙනවා මචන් මම. හරියටම කඩයක් කියන්න නම් දන්නේ නෑ :)

    ඕකෙ රැහැයියෙක් කෑගහනව වගේ කරච්චලයක් එනව නේද බන්? ටික දවසකින් මිනිස්සුන්ටත් ගෙදර එපා වෙයි.

    මෙන්න මේව තමයි ෂුවර් බඩු!


    මේකේ කිසිම සද්දයක් නම් එන්නේ නෑ :no: සමහරවිට උඹට Ultra Sonic ඇහෙනවද දන්නේ නෑ :D;) ගහල තියෙන්නේ above 35kHz කියල :)

    වස දාපුවම උන් මැරෙනවානේ බන්. මොනවා උනත් දුකයි ඉතිං. මේකෙන් මැරෙන්නේ නෑ. උන්ට කන්කරච්චලේ හින්ද එන්නේ නෑ :D සමහරවිට high frequesncy එකකින් අජිත් මුතුකුමාරනගේ සින්දුවක්ද දන්නේ නෑ play වෙන්නේ :lol::lol:


    මාත් ඔය වගේ එකක් ට්‍රයි කරා මදුරුවොන්ට. මන් ඊබේ ගෙනාවේ.. ටික කාලයක්
    වැඩ කරා. පස්සේ මදුරුවෝ පුරුදු වුනා කියපන්කො ඕකට. අනිත් එවුන්ට ට්‍රයි
    කරේ නැහැ.. වෙන බ්‍රෑන්ඩ් එකක් හැබැයි.. switch මොකුත් නැහැ.. just plug and
    play

    ඒක නම් දන්නේ නෑ :confused: දැන් සති 3, 4ක් විතර පාවිච්චි කරා දැනට නම් අවුලක් නැත :)