මෝදි ගේන්න යන නීති
ඉන්දියාවේ 78 වෙනි නිදහස් දින සැමරුම අද (15) එරට නවදිල්ලි අගනුවරදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි.
විවිධ අංගවලින් හැඩවූ නිදහස් දින සැමරුමට 6, 000ක පමණ පිරිසක් ආරාධනා ලබා සිටි අතර ඒ අතරට පැරිස් ඔලිම්පික් උළෙලට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් සිසුන් මෙන්ම දේශසීමා මාර්ග ව්‍යාපෘතියක කම්කරුවන් පිරිසක් ද අයත් ය.
එහිදී දැඩි ලෙස අදහස් පළ කළ අගමැති මෝදි අවධාරණය කර සිටියේ කාන්තාවන්ට එරෙහි අපරාධ සිදුකරන්නන්ට ප්‍රසිද්ධ දඬුවම් ලබාදිය හැකි නීති සකස් කරන බවටය.
මේ අතර ඉන්දියාවේ 78 වන නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකාව ද සුබ පැතුම් එක් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එලෙස සුබ පැතුම් එක්කර තිබූ බවය.