බුදු දහමෙ විස්තර කරන්නෙ නිවීමක් ගැන. ඒ නිවීම ගැන කතා කරන අය, උදේට ගොන් කතා කියලා, රෑට සීරියස් ටෝක් දෙනව නම් ඒ වගේ අය විහිළුවක් විතරයි. ඒ ජෝක් කාරයින්ගෙ ගොන් කතා මග හැරලා සීරියස් කතා විතරක් ගන්න බෑ මොකද අපි මේ කතා කරන්නෙ දේශපාළුවො ගැන නෙවේ. උදේටත් රෑටත් කාය වචී මනෝ සංවරයක් තියෙන ස්වාමීන්වහන්සේලා කවුද වැදි බන දෙසන නිගණ්ඨයෝ කවුද කියලා මුලින්ම වෙන් කරගන්න ඕනේ. අපි ඒකයි මෙතන කරන්නෙ.
ඉනෙන් පහළ නිරුවත් වෙලා, ඉනෙන් උඩ කොච්චර වහ ගත්තත් වැඩක් නෑනේ. ඉනෙන් උඩ දිහා බලලා අගයන්නෙත්, ඉනෙන් යට නිරුවත ගැන නොහිතන්නෙත් ඒ නිගණ්ඨයොන්ටම හරියන අයට විතරයි. තකට තක.
ඔතන තමයි ගොඩක් අයට වැරදුණු තැන. මම පෟද්ගලිකව ඔය ස්වාමීන් වහන්සේගෙ බණ අහන්නෙ නෑ. පොදුවෙ තමයි මේ දේ කියන්නෙ. තමන්ට මේ දුක නිවා ගන්න ඕන නම් සද්ධර්මය දේශනා කරන ඕනෑම කෙනෙක් ගෙන් සද්ධර්මය ලබා ගන්න ඕන. ඒ කෙනා යකෙක් උනත් අපට කමක් නෑ කියන්නෙ සද්ධර්මය නම්. එහෙම නැති උනොත් අපිට කවදාවත් සද්ධර්මයක් අහන්න බැරි වෙයි.
උදාහරණයක් විදිහට සද්ධර්මය දේශණා කරන ස්වාමීන් වහන්සේ නමක් රෑට වැලදුව නම් හපෝ අර හාමුදුරැවො රෑට කෑව. මට නම් එයාගෙ ධර්මයත් එපා කියල අතෑරල දැම්මොත් මොන තරම් මෝඩ කමක්ද කියල බුද්ධිය තියන අයට තේරෙයි. අනිත් අයට සොරි තමා..



