අපේ ඉතිහාහසේ බොරු කතා ගොඩක් තියෙනවා කියලා මටත් හිතිලා තියෙන්වා..විදේශ අක්‍රමණ වැඩි නිසා වෙන්නත් ඇති එහෙම වෙලා තියෙන්නේ..
මන් මේ ගැන ඉදිරියට කියන්නම්....
අපේ ඉතිහාහසේ බොරු කතා ගොඩක් තියෙනවා කියලා මටත් හිතිලා තියෙන්වා..විදේශ අක්‍රමණ වැඩි නිසා වෙන්නත් ඇති එහෙම වෙලා තියෙන්නේ..
THERE IS SOME THING TO THINK![]()
thanks macho
+REP


මුගලන් ඉතිහාසය වෙනස් කළා නම් ඊටත් වඩා බලවත් පාලකයන්ට මොනවා කරන්න බැරිද?
තම පියා මැරූ අජාසත්ත පසුව අධික ශ්‍රද්ධා ඇත්තවුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත්තා.
බෞද්ධයන්ට මේකෙ විසංවාදයක් පේන්නේ නැහැ.
කවුරුවත් කියන්නේ නැහැ පියා මරපු කෙනෙක් මේ වගේ තනතුරක් ලබා ගන්න විදිහක් නැහැ කියල..
ඒ වගේම කිසි කෙනෙක් කියන්නේ නැහැ මේ වගේ තනතුරක් ලබපු කෙනෙක් නම් පියා මැරුවා වෙන්න බැහැ කියල.
අනන්ත සංසාරයේ ඕනෑම කෙනෙක් අතින් වැරදි සිදු වෙනව. අජාසත්ත කියන්නේ එම ආත්මයේ සෝවාන් ඵලය ලබා ගන්න තිබ්බ කෙනෙක් (ඒ කියන්නේ ත්‍රිහේතුක උපතක් ලබපු කෙනෙක්). එවැනි කෙනෙක් අතින් වුවත් මෙවැනි වරදක් වෙන්න පුළුවන්.
කාශ්‍යප පියා මරල පසුව ඒ ගැන පසුතැවී ඉතා හොඳ පාලකයෙක් බවට පත්වූ කෙනෙක් කියලා මතයක් තියනව.
ඔහු කිසි කරදරයක් නැතිව රට කාලයක් පාලනය කිරීමත්, මුගලන්ට විදේශ හමුදා අවශ්‍ය වීමත්, පසුව මුගලන් කාශ්‍යප පාක්ෂිකයන් මර්දනයට දැඩි පියවර ගැනීමත් මෙමඟින් පැහැදිළි කළ හැකියි.
පියා මැරූ කෙනෙක් අනිවාර්යයෙන් අපාගත වීම නිසා ඔහු පැතූ සැනසුම බුදු දහමින් නොලැබෙන්නට ඇති.
මේ නිසා ඔහු වෙනත් මතවාද පසුපස ගිය බවටත් මහා විහාරය ඔහු සමඟ විරසක වූ බවත් පැවසෙනවා.
කොහොම උනත් මිනිස් චරිත සංකීර්ණයි. පියා මැරූ කාශ්‍යපත් ඉතා හොඳ පාලකයෙක් වූ කාශ්‍යපත් කලා රසිකයෙක් වූ කාශ්‍යපත් එකම පුද්ගලයා බව වටහා ගැනීම වැදගත්.
කළු හා සුදු වශයෙන් සියලු චරිත දෙකොටසකට පමණක් බෙදීම බොලඳ ආදර නවකතා, මෙගා නාට්‍ය ආදියට පමණක් සීමා කරමු.