Eranga Wijewickrama හොඳ නෙෆ්‍රොලොජිස්ට් කෙනෙක් බව අහල තියෙනව මගෙ සමීප කෙනෙක් එයාව කන්සල්ට් කලා කාලයක්.
මේකට ඇවිත් ලෙඩේ මොකක්ද කියල අහන එක නොකළ යුතු දෙයක්. මේකෙ ඉන්න උන්ට ඕව කතාකරන්න ප්‍රැක්ටිස් එකක් නැති නිසා වගකීම් විරහිත විදිහට ලියන්නෙ. අහවල් අවයවේ නරක් වෙලා...පිළිකාවක් වෙන්න ඇති...උඹ ඉවරයි...etc. මහ ලොකු වීරකමක්ද ඔහොම කියන එක.
සාමාන්‍ය දැනීමෙන් හෝ රෝගලක්ෂණ ටික ගූගල් කරල ඕනම කෙනෙක්ට රෝග මූලයන් කීපයක් කියන්න පුලුවන්...ඕක අන්තර්ජාලය තියෙන ලෝකෙක කරන්න පුලුවන් සූපින්ම වැඩක් නමුත් අත්දැකීම් තියෙන මෙඩිකල් ප්‍රොෆෙෂනල්ස් ල ඊට වඩා වෙනස්. ඒ නිසා කන්සල්ට් කරන්න හොඳ ඩොක්ටර් කෙනෙක් ගැන අහන එක තමා වඩා හොඳ.