මුතුමින... ජයලාල් රෝහන..මාර කතාව. කියවන්න අනි&

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මුතුමින... ජයලාල් රෝහන..මාර කතාව. කියවන්න අනි&

    හොද විචක්ශන භුද්ධියක් තියෙන මනුස්සයෙක් ගේ කතාවක්.... ටිකක් දිග උනාට හරවත් සහ රසවත් කතාවක්

    ජයලාල් රෝහණ ලංකාවේ ප්‍රකට රංගන ශිල්පියෙකි. ඔහු පුංචි තිරයේ සේම වේදිකා නාට්‍යවලදී ද කැපී පෙනෙන නළුවෙකි.
    'මුතුමිණ’ නම් වූ චරිතය තුළින් ඔහු රසිකයන් බොහෝ පිරිසකගේ හදවත් දිනා ගැනීමට සමත් වුවා. පසුගිය දිනක පුවත්පත් හමුවක් හා එක් වූ ජයලාල්ට මේ වෙද්දී තිබෙන “හොඳම ආතල් එක” ගැනත් තවත් රසවත් කතා බොහොමයක් ඔහු එහි දී පවසා සිටියා.
    මොහුගේ කතාවේ වැදගත්ම දේ වන්නේ රටේ නළු නිළියන් ආතල් ගන්න හැටිත්, ඔවුන්ගේ ආතල් ගැන ජයලාල් රසිකයන්ටත් පොඩි ආතල් එකක් දෙන අයුරින් පැවසීමයි.

    ඔහු කළ කතාව :-

    "එළැඹෙන ඡන්දේ තමයි ඉතින් ආතල්ම දේ. මම මේ බලන් ඉන්නේ මොනවා වෙයිද කියලා. ඇයි අනේ.... මේ පාරත් තව බූරුවෝ ඉන්නවද කියලා හරියටම ඔප්පු කරගන්න පුළුවන්නේ.
    මේ ඉන්න අයම පත් වුණොත් ඉතින් ඔප්පු වෙනවා ඉන්නේ බූරුවෝ නෙවෙයි පොල් බූරුවෝ කියලා. මේ කාලකණ්ණි විදියටයි අකැමැති. මුල ඉඳන්ම උඩු යටිකුරු වෙලානේ තියෙන්නේ. පිස්සු තමයි වැඩිපුර කෙළින්නේ.

    මට දැනෙන විදියට පරම්පරා ගැටුමක් ලෝකයේ නැහැ......ලොවේ කොයි රටකට ගියත් එහෙම එකක් නැහැ. පරණ දේවල් නැති වෙලා, අලුත් දේවල් සිද්ධවෙන එකයි වෙන්නේ. ලංකාවේ ඉතින් ඕකට පාවිච්චි කරන්නේ ඔය වචනේනේ. මේක මේ රටේ අධ්‍යාපනයේ වරද. අලුතින් හිතන්න උගන්වන subject එකක් මේ අධ්‍යාපන ක්‍රමයේ නැහැනේ.

    තරුණ පරම්පරාව නිතරම වැඩිහිටියන්ට චෝදනා කරන්නේ; 'අපේ ආතල් කඩන්නෙපා’ කියලා.
    බාල අපස්මාරය හැදිලා තියෙන්නේ කියලා පිළිගන්න ඕනෑ එයාලා. මේක මේ “Half Boil Culture” එකක් තියෙන රටක්නේ. මේක දූපතක්නේග වෙන රටවල් එක්ක සබඳතා අඩුයි. මේ රටින් පිට ගිහින් බලලා එන්න ඕනා. අපි එහෙම ඕනතරම් යන නිසා අපි නම් දකිනවා වෙන රටවල මෙහෙම වෙන්නෑ කියලා.

    මෙගා නාට්‍ය නිසා මෝඩයන්ට ආතල් වැඩියි. බුද්ධිමත්තු ඉතින් බලන්නේ නෑනේ. ජොලියට පුන්නක්කු කන උන් ඒව බලලා හරි ආතල් කියනවා.

    මට ආතල් වේදිකාව. මුළු ජීවිතයක් පෝෂණය කරන්න තරම් දේවල් එහි තියෙනවා. වේදිකාව නිසා තව තවත් හොඳට ඉගෙන ගන්න ඕනෑ කියලා තේරුණා. මනුස්සකම ඉගෙන ගත්තා.
    කුඩුකාරයෝ කුඩු කන්ටේනර් පිටින් ගේන්න ආසයි වගේ තමයි මට වේදිකාව නිසා ඉගෙන ගන්න ආසාව වැඩි වුණා.
    ඒත් අපේ රටේ ගොඩක් උන්ට නම් ඉතින් විභාග අසමත් වුණත් කමක් නෑ. තාත්තා කුඩුකාරයෙක්, හොරෙක් නම් වෙන රටකට හරි යවලා උගන්නලා කොහොම හරි උපාධියක් අරන් දෙනවානේ.

    ලංකාවේ කලා ශිල්පියෝ අඩුයි.ඉන්නේ නළුවෝ සහ නිළියෝ.
    එයාලා මාර තොගයක් ඉන්නවා. නමුත් ශිල්පියෝ ඉන්නේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.
    දැන් ශිල්පියෝ නෑ. ඉන්නේ පෙනී සිටින අයනේ.
    ගීත ගයන අය නෑ...... ඉන්නේ සින්දු කියන අය.
    චිත්‍ර ශිල්පියෝ නෑ.... ඉන්නේ චිත්‍ර අඳින අය.

    ඒවා ගැන හිතද් දී හරි දුකයි අපිට. ඒවා හිතෙනකොට නැතිවෙන්නේ මගේ ආතල් තමයි ඉතින්.

    මං ඉන්නේ හරි ආතල් එකේ. ගොඩක් අය තනියෙන් බීලා ආතල් ගන්නවා. මම එහෙම බොන්නෙ නෑ. මට එහෙම ආතල් එකක් නැහැ. ගොඩක් වෙලාවට මට මගේ මිත්‍රයෝ පෞද්ගලිකව කතා කරනවා එහෙම ආතල් ගන්න. නමුත් මම යන්නේ නැහැ.
    මම කරන්නේ මගේ ගෙදර පුස්තකාලේ වටා පොත්පත් එක්ක සවාරි යන එක. ඒක තමා මගේ ලොකුම ආතල් එක.

    සමහර දේවල් ගැන හිතද්දී පිස්සුත් හැදෙනවා. මම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරයෙක්. මම නුගේගොඩ, ගම්පහ පන්ති කරනවා. දැන් අවුරුදු 30ක් විතර වෙනවා. එහෙම මම උගන්වපු මගේ ගෝලයොත් දැන් නාට්‍ය හා රංග කලාව උගන්වනවා.

    සමහරු උසස් පෙළ සමත් අය, අසමත් අයත් උගන්වනවා. මේ අය නිකන් ජනප්‍රිය මෝස්තරයේ ප්‍රචාරයක් දුන්නම ළමයි පෝලිමට පන්ති යනවා.ඉතින් ඒ තරම් ආතල් එකක් මට තවත් නැහැ නේද?

    නළු නිළියෝ දේශපාලනයට ආපුවම ආතල් වැඩිවෙනවා. පිස්සෝ බල්ටි ගහන එක වැඩිවෙනවා.
    මහ මිනිස්සුන්ට තමයි දැන් පිස්සු හැදීගෙන එන්නේ. වෙනස් නොවුණොත් මුළු රටේම පිස්සෝ වැඩිවෙන එක තමයි වෙන්නේ.

    ලංකාවේ මාධ්‍යවලින් මිනිස්සුන්ට දෙන ආතල් ගැන සතුටු නෑ.....
    මුලින්ම මේ මීඩියාවල ඉන්න උන්ව පාසල් යවලා උසස් පෙළ කරවන්න ඕනෑ....
    ලංකාවේ තියෙන්නේ මීඩියා නෙවෙයි මාෆියානේ.
    පත්තරවල නම් ඒක ගොඩක් අඩුයි. ඉතින් ඒකත් මාර ආතල්.

    අධ්‍යක්ෂවරයාගෙන් ටෙලි නාට්‍ය නිළියත් සමඟ සල්ලි ඉල්ලලා ආතල් ගන්න අපේ රටේ සමහර ඇමැතිලා ගැන ජයලාල්ට හිතෙන්නේ මෙවැන්නකි.

    ~~ ““ඕක ඉතින් මේ රටේ ප්‍රසිද්ධ රහසක්නේ. ඉස්සර නම් 50,000යි ඉල්ලුවේ. දැන් ඊටත් වැඩිය ඉල්ලනවා.
    ඒ මදිවට නිළියටත් බුදියන්න වෙනවා.මෙහෙම වෙද්දි හිතෙනවා මේ ටික කරව ගන්නද ඡන්දේ දුන්නේ කියලා.
    ජාතික මට්ටමේ තියෙන නාළිකාවල පවා පෙන්වන්නේ සත පහකට වැඩක් නැති නාට්‍ය.

    අර දෙක දීලා ඕන ජරාවක් දාගන්න පුළුවන්නේ.මං කලිනුත් කිව්වේ රංගන ශිල්පිනියෝ නැහැනේ. ඉන්නේ පෙනී සිටින නිළියොනේ.
    එයාලා ඉතින් අර කියන ඇමැතිගේ සගයා එක්ක බුදියලා ටෙලි නාට්‍ය දාගන්නවා.අපේ පොල් බූරුවොත් ඉතින් සාලේ මැද්දට වෙලා ඉඳගෙන හරි කියලා බලනවා.

    1945දී බර්ටෝල් බ්‍රොෂ්ට් හරි ලස්සන කතාවක් කිව්වා. අපේ රටට අවශ්‍ය දේශපාලකයෝ නෙවෙයිග මොළේ ඇති මිනිස්සු කියලා.ඒ ටික තෝරගන්න එක තමයි ආතල්ම වැඩේ.

    මේ තියෙන ඕඩර් එක වෙනස් වෙන්න නම් මං කියන්නේ හොඳ විශාල භූ පැල්මක් ඇති වෙන්න ඕනෑ. ඒක ඇතිවෙන්න ඕනෑ පාර්ලිමේන්තුව මැද්දෙන්. අපේ මැති ඇමැතිවරු සභා ගර්භයේ ඉද්දි තමයි මේ භූ පැල්මෙන් පාර්ලිමේන්තුව දෙකඩ වෙන්න ඕනෑ... ඊට පස්සේ පාර්ලිමේන්තුව ගිලෙනවා. පස්සේ ආයෙත් පොළවෙන් වැහෙනවා. ඒක මගේ හීනයක්. මුළු රටේම අයගේ හීනෙත් ඕකම තමයි. එයාලා කියන්නේ නැහැ. නමුත් මං කියනවා.ඒක වෙයි කියලා හිතනකොටත් මට මාර ආතල් අනේ.
    හයිවේ වැඩි වෙලා වැඩි වෙලා ශ්‍රී ලංකාව ඉඳිආප්පයක් වගේ වෙයි. මිනිස්සුන්ට කරන්නම දෙයක් නැති වෙයි. එහෙට මෙහෙට යන්නයි එන්නයි විතරක් තියෙයි. සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන්ද ඔය හදපු හයිවේවල උදේ හවා වැඩට එන්න.මාසේ පඩියක් මදි ඒකට ගෙවන්න.ඒ මිනිස්සුම ඉතින් හයිවේ මාර ශෝක් කියනවා. ඕවත් විශ්වාස කරන පොල් බූරුවෝ ඉන්නවානේ නේද?””


    අනිත් උන්ටත් කියවන්න බම්ප් එකක් දාලා යමල්ලා..
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    උඹලට ඉතින් මේවගේ මිනිස්සු කලාකරුවෝ නෙමෙයි . උඹලට කලාකරුවෝ විදියට පෙන්නේ අර ජැකා වගේ වල් බල්ලොනේ . අනේ තොපේ මොලේ ?
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    සිරාම කතාව………ape minissunta redi yarayak pennanna vitharai oni.unma kapagena,mahagena,lassananata full sute ekaka mahagannawa :D
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    qtw.gif
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    හයිවේ වැඩි වෙලා වැඩි වෙලා ශ්‍රී ලංකාව ඉඳිආප්පයක් වගේ වෙයි. මිනිස්සුන්ට කරන්නම දෙයක් නැති වෙයි. එහෙට මෙහෙට යන්නයි එන්නයි විතරක් තියෙයි. සාමාන්‍ය මිනිහෙක්ට පුළුවන්ද ඔය හදපු හයිවේවල උදේ හවා වැඩට එන්න.මාසේ පඩියක් මදි ඒකට ගෙවන්න.ඒ මිනිස්සුම ඉතින් හයිවේ මාර ශෝක් කියනවා. ඕවත් විශ්වාස කරන පොල් බූරුවෝ ඉන්නවානේ නේද?””

    patta!
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(
    පිස්සු හැදෙනවා ,,,
    මෙච්චර සරල සිංහලෙන් කියලාත්
    තේරෙන්නේ නැති පොන්නොයෝ නේ බන් මේ රටේ ඉන්නේ ...
    ඒ නිසා ඒ ගැන කතාකරලා පලක් නැහැ ...