
මුදල් පොලියට දීලා සල්ලි හොයන විදි ගැන තියෙන ත්‍රේඩ්ස් කීපයක්ම තිබුනත් ඒ ත්‍රේඩ් වල සදහන් නොවන ක්‍රමයක් ගැනයි කියන්න හදන්නේ. .
පොලී ප්‍රතිශත වැඩිවන තරමට අවදානමත් වැඩිවන බව ඔබ දන්නවා ඇතිනේ. . බැංකුවක වාර්ශික පොලිය 12% ගන්න ෆික්ස් ඩිපෝසිට් කරාම ඒකේ අවදානමක් ඇත්තෙම නැති තරන් නමුත් පොලිය අඩුයි. .
මන් කියන්න හදන්නේ අවදානම අඩුවෙන්ම අරන් වාර්ශික පොලිය 36% ඒ කිව්වේ මාසික පොලිය 3% ගන්න විදියක් ගැන. .
ඔබ වයාපාරිකයෙක් නම් ඔබ දන්නවා ඇති චෙක්පත් මගින් මුදල් ලබාගැනිමකදි ලබාදිය යුතු මාසික පොලිය 3%, 4%, 5% අගයන්වල ඇති බව. .
ඒ කියන්නේ ඔබට ලක්ශයක චෙක්පතක් ලබාදීලා 3% ගෙවලා 97000ක් ලබාගන්න පුලුවන් කියන එක. . ඔබ ලබාගත් 97000ට මසකින් පොලිය සමග ලක්ශයක් ගෙවිය යුතුයි. .
එය සිදුවන්නේ මුදල ලබාගන්නා දින සිට මසක් ඉදිරියට චෙක් පතක් ලබාදීමෙන්. .
හරි දැන් වැඩේට බහිමු. . දැන් අපි කරන්න හදන්නේ 3% පොලියක් ලබාගෙන මුදල් ලබාදී චෙක්පත් ලබාගැනීමක්. .
මේ සදහා ඔබට යම් මුදලක් තිබිය යුතුයි. . ඔබගේ හැකියාව සහ මුදල් මත මාසිකව ලක්ශයේ සිට ලක්ශ 100කට වැඩි ගනුදෙනු වලට උනත් යන්න පුලුවන්. . ලක්ශයක් දුන්නොත් ආදායම 3000යි, ලක්ශ 100ක් දුන්නොත් ආදායම ලක්ශ 3යි. .
මේ වැඩේට මුලින්ම වයාපාර රාශියක් එකට තියෙන තැන් හදුනාගන්න ඕනා. .
දැන් මොරටුව කිව්වොත් ප්‍රසිද්දව තියෙන්නේ ලී බඩුනේ. . මොරටු ගම් 18ක් තිබ්බට (දැන් විසිගානක් තියෙනවා) ලී බඩු ශොප්ස් තියෙන ප්‍රදාන පාරවල් 2යි තියෙන්නේ. . ඒ දෙකේ ශොප්ස් 200කට වඩා තියෙනවා. .
ඔයවගේ ඔබ ඉන්න ගම හෝ නගරයේ තියෙන වයාපාර මොනවද කියලා මුලින්ම හොයලා බලන්න ඕනා. . ඉටපස්සේ ඒ වයාපාරවල මාසික ගනුදෙනු කොපමන වෙනවද කියලා හොයලා බලන්න ඕනා, වයාපාරය සතු ප්‍රාග් දනය කොපමනද වයාපාරයට සම්බන්දව සිටින පුද්ගලයන් ගැන ඔවුන් සතු වත්කම් ගැන බලන්න ඕනා. .
ඔච්චර දෙවල් බලන්න වැඩි හොදට හොදේ. .
අන්න ඒ වගේ උබලගේ ගම/නගරයට ආසන්නම වයාපාර ජාල ගැන හොයලා බලපන්. .
හරි දැන් වයාපාරිකයන් කීප දෙනෙක් ගැන විස්තර හොයාගෙන ඉටපස්සේ බලන්න ඕනා එයාලා චෙක්පත් මගින් මාසික කොපමන ගනුදෙනු කරනවද කියලා. . ඒ සදහා ලබාදෙන පොලියත් % වශයෙන් දැනගන්න ඕනා. . දැන් 4%ට ගන්න්න කෙනෙක්ට 3% දෙන්නම් කිව්වොත් ඌ පැනලා ගන්නේ. . බිස්නස් එක අල්ලගන්න ඔහොම දීලා පස්සේ හිමීට වැඩිකරගන්න පුලුවන්. .
දැන් එක වයාපාරිකයෙක් ලක්ශ 50ක ගනුදෙනු කරනවනම් ඌට අපි ලක්ශ 50ක්ම දෙන්න යන්නේ නෑ හොදද. . මුලින් ලක්ශ 5ක විතර චෙක් මාරු කරලා දිලා ඌ ගනුදෙනු කරන විදිය බලලා තමයි ටික ටික වැඩි කරන්නේ. . අතේ ලක්ශ 50ක් තියෙනවනම් ඔයවගේ වයාපාරිකයෝ 10කට දෙන එක අපිට ලාබයි අවදානම අඩුයි. .
චෙක්පත් ගැන කියද්දි සම්පත්, එච්.එන්.බී වගේ පුද්ගලික බැන්කු වල චෙක්පත් ලබාගද්දි ඒ චෙක්පත රිටන් වෙන්න තියෙන අවස්තාව ගොඩක් අඩුයි. . මොකද සාමන්යෙන් ඒ බැන්කුවල චෙක්පත් 3ක් රිටර්න් වුනොත් එකවුන්ට් එක වහනවා. .
මහජන බැංකුව වගේ රජයේ බැංකු වලනම් චෙක්පත් රිටර්න් වුනා කියලා එකවුන්ට් එක වහන්නේ නෑ. . රිටර්න් වෙන චෙක් පතකට 1500-3000 අතර මුදලක් කපාගෙන එකවුන්ට් එක දිගටම තියනවා. .
ඔය ටී.වී එකේ ඇඩ්ස් යන්නේ සම්පත් චෙක් නම් කෑශ් වලට වඩා ශුවර් කියලා ඔය හින්දා තමා. .
අපි ලබාගන්නා චෙක් සමහර අවස්තා වලදි තව මාසෙකට නවත්තන අවස්තාත් තියෙනවා. . ඒ කියන්නේ 21/10/2017 දිනට තියෙන චෙක්පත 21/11/2017 දිනට බැන්ක් එකට දාන්න කියලා කියනවා. . එතකොට අයවිය යුතු පොලිය අරගෙන ඒ කියන දිනයට චෙක්පත එකවුන්ට් එකට දැම්මම හරි. .
චෙක් පතක දිනයේ සිට මාස 3කට වඩා දින පහුවෙනකන් චෙක්පතක් නවතා තියාගන්න එපා. . එසේ කරන්න අවශ්යනම් පරන චෙල්පත ලබාදී අලුත් චෙක් පතක් ලබාගන්න. .
මට මතක විදියට චෙක්පතක වලංගු කාලය චෙක්පතේ දින සිට මාස 6යි. . ඔය මාස 6 ඇතුලතදී අනිවරයෙන්ම චෙක්පත බැංකුවට දාන්න ඕනා. . එකවුන්ට් එකේ මුදල් නැති වුනත් රිටර්න් සීල් එක ගහගන්න ඕනා. . නැත්තන් චෙක්පත වලංගු නෑ. . ඔහොම නොකරොත් පිනට දුන්නා කියලා හිතාගන්න වෙනවා. .
අවසාන වශයෙන් කියන්නේ පුලුවන් තරන් තමන්ට ලගම වයාපාර තෝරගන්න. . අවදානම වැඩිනම් 10% පොලියක් දුන්නත් ඔවුන්ගේ චෙක් ගන්න එපා. . වයාපාර තෝරගද්දිත් එකලග එකලග පේලි වශයෙන් තියෙන වයාපාර තෝරගන්න මොකද ඒ ඒ වයාපාර අතර තරගය නිසා චෙක් රිටර්න් කර නොන්ඩි වීමට ඔවුන් කැමති වෙන්නේ නෑ. . ලබාදෙන මුදලට සරිලන බාන්ඩ ඔවුන්ලග තියෙනවද බලන්න මොකද හදිසියකදි උස්සන් එන්න හරි පුලුවන්නේ. .
ජය වේවා!
..........................................................................
මන් මුලින්ම කිව්වේ බැන්ක් කලොත් අවුරුද්දට 12% ගත්තැකි කිසිම අවදානමක් නැතුව කියලා. .
මේකෙදි 36% ගන්නවනේ මේකේ අවදානමක් තියෙනවා. .
මම දන්න අයනම් කිසිම කෙනෙක් මේ වෙනකන් චෙක් මාරුකරලා වැටිලා නෑ. .
චෙක් රිටර්න් වුනොත් සල්ලි ගන්න බෑ කියලා බයනම් අදුනන විශ්වාසවන්තම අයගේ විතරක් චෙක් මාරුකරාම ඉවරයි. .
මේක කරන නොකරන එක ඔබගේ වැඩක්. . අනිත් දේ මාසෙකට ලක්ශ 50ක චෙක් මාරු කරන කෙනාටත් ලක්ශ 5කට අඩුවෙන් තමයි අපි මාරු කරලා දෙන්න ඕනේ. .
ඌ අවුල් වගේනම් ඌව හලලා දානවා. .
දැන් මොරටුවෙනම් ඔහොම චෙක් මාරුකරන තැන් කීපයක්ම තියෙනවා. . උනුත් ලොකු බිස්නස් කරන එවුන්. . උන්ගේ ගෙවල් වල පොඩි කාමරයක් වගේ හදලා කැමරා ගහලා තමයි වැඩේ කරන්නේ. . ගෑනු අය තමයි ඕක ගොඩක්ම කරන්නේ මොකද පිරිමි ටික ශොප් වලට යනවා. .
සමහර චෙක්මාරු කරන අය ඉන්නවා ඒගොල්ලො බිස්නස් කරන තැන් වලට ගිහිල්ලම චෙක් මාරුකරලා දෙනවා. .
අනිත්දේ චෙක් එකක් රිටර්න් වුනා කියලා බයවෙන්න දෙයක් නෑ ඒකේ සල්ලි ගත්තැකි. .
එහෙම සල්ලි දෙන්න ඕනේ නැත්තන් හැම එකාම ලක්ශ 50ක විතර චෙක් මාරු කරලා පොල්ල තියලා ආතල් එකේ ඉදිනේ. . දැන් සිල්ලර බඩු/තොග බඩු වල එවුනුත් ගනුදෙනු කරන්නේ චෙක් වලින්නේ. .
චෙක් රිටර්න් කලොත් අපරාද නඩු ගනයට වැටෙන යෝජනාවක් අයවැයෙන් කලා ඒක ක්‍රියාත්මකද කියලා දන්නේ නෑ හොයලා බලන්න. .
මොරටුමුල්ලේ ගැනුකෙනෙක් ඉන්නවා දවසකට ලක්ශ 20ක චෙක් මාරුකරන. . දවසේ ආදායම 60000ක්. . මාසෙකට කෝටි 5ක චෙක් මාරු කරනවා කියන්නේ සෙල්ලමක්ද? මාසික ආදායම ලක්ශ 15ක්. . මන් පොඩිකාලේ ඉදන්මයි ඒ ගෑනු කෙනා ඕක කරන්නේ. .
ඒගොල්ලෝ තමයි මුලින් ලොකුවට චෙක් මාරුකරන්න පටන් ගත්තේ. . පස්සේ තව අය ෆීල්ඩ් එකට ආවා. .
අවදානම අඩුම දේ ඇපයක්,බාන්ඩයක් හෝ රත්තරන් වගේ දෙයක් ලග තියාගෙන සල්ලි දෙන එක. . එහෙම තියෙන අය බැන්කුවට ඒවා තියලා 1.5% පොලියට නය ගන්නවනේ. . ඒ ලගින්ම යන අවදානම අඩුමදේ චෙක් එකක් අරන් 3% දෙන එක. . ඉටපස්සේ තියෙන්නේ කිසිම ඇපයක් නැතුව 10% දෙන එක තමා. .
අවසාන වශයෙන් කියන්නේ තමන්ට කරන්න බැරිනම් කරන්න එපා. . අවදානමක් නැතුව 12% ද? අවදානමක් ඇතුව 36% ද කියලා තමන්ම තීරනය කරන්න. . මේ වැඩේට බයනම් කොහෙත්ම කරන්න එපා. . ගොඩක් අය නොදන්න ප්‍රකෝටිපතියන් කරන බිස්නස් එකක් පෙන්නලා දෙන්නයි මට ඕන වුනේ. . වැඩක් ගන්න පුලුවන් අය වැඩක් ගන්න. .