මුන් දෙන්නගෙන් කවුද බොරු කියන්නේ ?

Boniya

Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    මගුල . .
    මේ නියෝජ්‍ය ඇමතියා ඒ කාලේ කිව්ව කතාව අහපන් . . මූම කියනව කලින් ආණ්ඩුව වී කිලෝ එකක මිල 120යි කයිල දුන්න කියලා . :lol:



    120 දීල තියෙනව සම්බ වලට දැන් නාඩු වලට 120 තියෙනව ගිය කන්න වල නාඩු 105යි.
    මේ මිළ නෙමෙයිනෙ ප්‍රශ්නෙ ඇත්ත කතාව ජෙප්පො බලය ගන්න බොරු කිව්ව දැන් ඒ කීව බොරු විපක්ෂෙන් උස්සන් යනව. ලංකාවෙ දේශපාලනේ බොරු නොකියා බලයට ආපු කවුරුත් ඉන්නවද? ඉතිහාසෙ දුන්න ඡන්ද පොරොන්දුවල හැටියට ලංකාව දැන් සුරපුරයක් වෙලාද?
    ජෙප්පොත් කරන්නෙ රනිල්ගෙ imf වැඩසටහනම තමයි වියදම් අඩු කරනව වගේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනව ඒව ලොකු දේවල් නෙමේ දෙගොල්ලගෙම ආර්ථික වැඩසටහන එකයි.
    වෙනස තියෙන්නෙ බලය ප්‍රැක්ටිස් කරන පංතිය වෙනස් වෙලා ඒක ඉහළ පංතියකින් පහළ පංතියකට මාරු වෙලා.
    ජෙප්පොන්ගෙත් අඩුපාඩු තියෙනවා මීට වඩා සංවිධිත වැඩ පිළිවෙලක් එක්ක බලය ගන්න තිබුන හැබැයි මෑත ඉතිහාසෙ එහෙම වැඩපිළිවෙලක් තිබ්බෙ රනිල්ට විතරයි. සජිත්, නාමල්, දිලිත්, චම්පික මුනුත් අනුර කුමාරගෙ බෝට්ටුවෙම තමයි.
    මේ බල මාරුවත් එක්ක ජෙප්පොන්ගෙ සීමා වලින් එහාට යන දේශපාලනයක් මිසක් නැවතත් පරණ තක්කඩි විපක්ෂෙ බලයට ගෙනල්ල වැඩක් නෑ. රනිල්ටත් වයසත් එක්ක ආයෙ දේශපාලනයට එන්න විදියක් නෑ. අලුත් විපක්ෂයක් හැදෙනකම් අපේ පංතියෙ තඹුත්තේගම අනුර කුමාර වෙනුවෙන් අපි පෙනී ඉන්නව
     
    • Love
    Reactions: sherek