මඩකලපුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්..
January 13, 2022 at 4:40 pm | lanka C news
මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පුර්ණ දේශිය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ. දේශිය හා විදේශිය සංචාරකයන්ට සේවා සැපයිම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ සදහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් හමුදාව අතර ත්‍රෛපාර්ශවික ගිවිසුමකට එළඹීමට ද අපේක්ෂා කෙරේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ගිවිසුම සැකසීම මේ දිනවල සිදු කරනු ලබයි. සිවිල් හා හමුදා මෙහෙයුම් අතර පැහැදිලි වෙන්විමක් ඇති කිරිමට මෙමගින් අපේක්ෂිතයි. ගුවන් ධාවන පථයේ උතුරු ප්‍ර දේශය ආශ්‍රිතව ගුවන්ගමන් පාලන කුළුණු, ගිනි හා මුදවා ගැනීමේ පහසුකම් ඉදි කිරිමට ද අපේක්ෂිතයි.