මුලු පව්ලම වස බිලා..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    මුලු පව්ලම වස බිලා..

    ණය බර දරන්න බැරිව අයිස්ක්රීම්වලට වස දමා තිදරුවන්ට කවා මවත් කා මැරෙයි..


    යාපනය අරියාලෙයි මාම්බලන් මන්සන්ධිය ප්රදේශයේ නිවසක් තුල මව සමග පුතුන් දෙදෙනා සහ දියණිය නිදි පැදුරේම මිය ගොස් සිටියදී මළ සිරුරු අද (27) දහවල් සොයාගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.

    අරියාලෙයි මාම්බලන් මන්සන්ධියේ ඒ.වී මාර්ගයේ පදිංචි මෙම පවුලේ පියා මීට මසකට පමණ පෙර නය ආරවුලක් මත වස පානය කොට මිය ගොස් ඇති අතර ජීවත්ව ඇත්තේ මවත් පුතුන් දෙදෙනාත් හා දියණියත් පමණි.

    අද (27) උදෑසන 11 ට පමණ අයිස්ක්රීම් මිලට ගෙන මව විසින් එයට වස මිශ්ර කිරීමෙන් පසුව පුතුන් දෙදෙනාට හා දියණියටත් ලබාදී මවද අයික්රීම් කා නිවසේ පැදුරේ නිදාගෙන ඇති බවට දැනට ලැබී ඇති තොරතුරු වලින් අනාවරණය වන බවට යාපනය පොලීසිය කියා සිටියේය.

    වෙනදා නිවසේ ඇසෙන ශබ්දය නොමැති වීමෙන් අසල් වැසියෙකු විසින් එම නිවස පරික්ෂා කිරීමේදී මවගේ හා පුතුන් දෙදෙනාගේත් දියණියගේත් නාසයෙන් හා මුඛයෙන් ලේ දමා තිබූ අයුරු දැක එම අවස්ථාවේදීම අසල් වාසීන් විසින් යාපනය පොලීසියට දැනුම් දී ඇත.

    අනතුරුව එම අවස්ථාවේදීම යාපනය පොලීසය අදාල නිවසට පැමිණෙන විටත් මවත් සමග පුතුන් දෙදෙනා හා දියණිය මියගොස් සිටි බවට යාපනය පොලීසිය කියා සිටියේය.

    මීට පෙර පියා මිය ගොස් ඇත්තේද පියා සේවය කරන ලද රත්තරන් වෙළඳ සැලක රත්තරන් වලට යොදාගන්නා පොටෑසියම් නැමති දුව්යක් පානය කිරීමෙන් වන අතර ඒ අයුරින් පියාගේ නය ඉල්ලා මවට වරින් වර කරදර කිරීම නිසා මව විසින් අදාල පොටෑසියම් වර්ගයම අයිස්ක්රීම් වලට කලවම් කොට දරුවන්ට කන්නට දී මවද අයිස්ක්රීම් කා නිදාගෙන ඇති බවට මිය ගිය මවගේ සහොදරයෙකු විසින් යාපනය පොලීසියට අද දහවල් පැමිණිල්ලක් මගින් දන්වා ඇත.

    මෙසේ මිය ගොස් ඇත්තේ ඉහත ලිපිනයේ පදිංචි මව වූ 28 හැවිරිදි කේ.සුනේත්රා පුතුන් දෙදෙනා වන අවුරුදු 01ක් වයසැති කේ.සර්වනන් හා අවුරුදු 02 ක් වයසැති කේ. සජිත් හා අවුරුදු 04 ක් වයසැති නරීසා නැමති දියණියයි.
    -lanksCnews-
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    සියදිවි නසා ගත්තා කියලා ණයෙන් බේරෙනවානම් බොරු. මහ උන්ගේ පව් වලට පොඩි උන්ට කරගහන්න වෙච්චි එක තමා දුක.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෝඩ සීන් එකක් කෝටි 1.7ද කොහෙද නයට දීල ගත්ත එවුන් ආය දීල නැති නිසා මිනිහ කලින් මැරිල දැන් ගෑණිත් දරුවොත් එක්ක යෝගට් වලට වස දාල කවල මැරිල..:dull:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ණය අරන් දීපු නෑති එවුන්ට නම් හෙන ගහනවා බන්. අන්තිම අසරණ වෙලා