මුලු සබරගමුවෙම මැණික් එකපාර ගරන්න
මුලු සබරගමුවෙම මැණික් එකපාර ගරන්න, මොසැම්බික් රාජ්‍ය ලෙයින් තෙත්කල “ජෙම් ෆීල්ඩ්” සමාගම සූදානම්! – මහ විනාශයක් අතලඟ! රටේ මැණික් රැකගන්න අනිවාර්‍යෙන් කියවන්න
අද ඔබට මේ කියන්නට යන්නේ මැණික් ගලක තිබෙන මිලකළ නොහැකි වටිනාකම හෝ එය අතිශෝක්තියකින් වර්ණනා කිරීමට නොවේ..ලෝකයේ කොතැනක වුවද , පතල් කම්කරුවා විඳින අනෙක විද දුක් ගැහැට අපටද එකසේ සමපාත වන නිසා එවන් අඳුරු පරිච්චේධයක් පිළිබඳව අනුවේදනීය කතාවකි මේ…
මොසැම්බික් යනු අප්‍රිකානු කලාපයේ පිහිටි දරිද්‍රතාවයෙන් පෙලෙන දුගී රටකි. මීට හත් වසරකට පෙර, එනම් 2009 වසරේදී මොසැම්බික් ජනරජයේ උතුරු දිග කබෝ ඩෙල්ගාඩෝ (Cabo Delgado) පළාතේ අන්ත දුගී ගම්වැසියකුගේ පොළොවටම ගෙවී ගිය පාදයක ඇඟිලි තුඩු මත රතු කැටයක් රැඳුනි. ඒ මොහොත ලෝකයේ සුවිසල්ම පොකුරු මිණි නිධිය සොයාගැනීමේ පෙරනිත්ත බව මෙම දිළිඳු ගැමියා නොසිතන්නට ඇත. දිනෙන් දින ගෙවී ගිය පසු මෙහි සැඟවී ඇති මැනිය නොහැකි මුල්‍ය සම්පත පිළිබඳව මොසැම්බික් රජයට දැනගන්නට ලැබුණි. දිනකට ඩොලර් එකකට වඩා අඩු ආදායම් ලබන සාතිශය බහුතරය ජීවත්වන මොසැම්බික් හි , සෞභාග්‍යමත් කාලයක් උදාවන පෙරනිමිති රටවැසියන් පොදුවේ දකින්නට ඇත. එහෙත් සිදුවුයේ රටවැසියා දුටු සුන්දර සිහිනයට හාත්පසින්ම වෙනස් තත්වයකි.
මෙම මැණික් නිධිය අත්පත් කරගැනීමට ලොව පුරා විවිධ සමාගම් මොසැම්බික් රජය සමග විවිධ උප්පරවැට්ටි යෙදීය. අවසානයේදී බ්‍රිතාන්‍ය ‘ජෙම්ෆීල්ඩ්ස්‘ (Gemfields) සමාගම සමත් විය. ලෝකයේ සෑම දුබල රාජ්‍යකට ඇතුළු වී සම්පත් සුරාකෑමේ මානුෂිය මුහුණුවර මෙහිදීද එලෙසම සිදු විය. අක්කර 340 ක එනම් මුළු නිධියෙන් 75% ක් බ්‍රිතාන්‍ය සමාගමට අයත් වූ අතර ඉතිරි 25 මොසැම්බික් ම්ව්රීතී (Mwriti) සමාගමට අයත් විය. මෙම මැණික් නිධියේ කැනීම් සිදුකිරීමට අවශ්‍ය නීත්‍යානුකූලභාවය රැක ගැනීමට පමණක් එම සමාගමට 25 % ක් ලබා දී තිබුණි. අක්කර 340 ක භුමිය දිනෙන් දින මොසැම්බික් රට ඇතුලට ගමන් කරන්නට වුයේ ගෙරි හන්කඩක් එලා ගන්නට පරන්ගියාට ලබා දුන් ඉඩ සේය. ඉන් පසුව එරට උදාවන්නේ මැණික් යුද්ධයකි.
පැතිරුණු දැවැන්ත ආවාටයක් නිර්මාණය කරමින් ජේම් ෆීල්ඩ් සමාගම තම කටයුතු ඉදිරියට ගෙන ගියේ ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් වියදම් කිරීමට පොරොන්දු වූ ආදායමෙන් 1% ක මුදලද ගෙවීම මග හරිමිනි. එහෙත් ඒ සමාගම ආරම්භක පියවරේදී ඩොලර් මිලියන 122 ක දැවැන්ත ආදායමක් ලබාගෙන තිබුණි. තමන්ගේ පාරම්පරික භූමි පලා මතුවන පොකුරු මැණික් තමන්ගේ ජීවන සමෘධිය වෙනුවෙන් කිසිවක් සිදුනොකරන බව දැනුණු ජනයා මහත් චිත්ත පීඩාවට පත්ව උන්හ. නමුත් නීතිය, බලය ආදී සියල්ලම හරහට හිටගෙන හිටියේ පොළොවේ සෑබෑ හිමිකරුවන් වන මෙම ගම්වාසී මිනිස්සුන්ට එරෙහිව ය. රතු කැට සොයා පතල් කැණීමට අවසර තිබුණේ අප්‍රිකාවෙන් සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි බ්‍රිතාන්‍යටය. එය කිසිසේත්ම අනුමත නොකළ ග්‍රාමීය තරුණයින් තමන්ගේ උරුමය සොයා රහසි ගතව එම ප්‍රදේශයේ දී කැනීම් කටයුතු සිදු කරන ලදී. එහෙත් සිදු වුයේ රජයද , එම රටේ පොලිසියද විදෙස් සමාගමේ විධායකයින්ගේ අනසකට යටත්ව එම තරුණයින්ට වෙඩි තැබීමට මොසැම්බික් ජාතිකයින්ම යෙදවීමටය. පළමු දින කිහිපය තුල මොසැම්බික් තරුණ පතල් කම්කරුවන් 19 දෙනෙකු මිය ගියේය. එහෙත් වාර්තා නොවූ මරණ බෙහෙවින් වැඩි බව අල්ජසීරා වැනි මාධ්‍ය ලොවට සැලකර සිටියේය. වෙඩි තැබීම් වලින් සදාකාලික ආබාදිතයින්වු පිරිසට අවම වශයෙන් බෙහෙත් පෙත්තක් ගැනීමට හෝ සොච්චමක් දීමට මෙම සමාගම ඉදිරිපත් නොවීය. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය වුයේ කෙසේ හෝ හැකි ඉක්මනින් එම ප්‍රදේශයේ ඇති සියළු මැණික් සම්පත ගරා ගොඩට ගැනීම පමණි. මෙම පොළොවේ මැණික් පතල් කැණීම නීති විරෝධී වුවද , වෙඩි තැබීමට සියලු දෙනාගේම අත් එකවර එසවුනි. දිනෙන් දින වෙඩි තැබීම් වාර්තා වුනාද , ඒවා මාධ්‍යයට යා නොදී රැකගැනීමටද මොසැම්බික් ආණ්ඩුවද , ජේම් ෆීල්ඩ් සමාගමද බලවත් උත්සාහයක නිරත විය. එහෙත් එරට අභීත මාධ්‍ය වේදියෙකු වන එස්ටාසියෝ වැලෝයි විසින් සිදුවන අසාධාරණය ලොවට හඬගා කිවේය.
මොසැම්බික් දේශය මහා ආවාටයක් කරමින් , තරුණ ජීවිත සියගනනක් බිලිගෙන අනතුරුව ඔවුන් හැරුනේ ශ්‍රී ලංකාව දෙසටය. ‘‘කැණීම් සහ මැණික් පිළිබඳ ජෙම්ෆීල්ඩ්ස් අත්දැකීම විසින් ප්‍රදේශයේ ජනතාවට මෙන්ම කලාපීය ආර්ථිකයටත් සැලකිය යුතු ප්‍රතිලාභ අත් කරදුන් සැම්බියා සහ මොසැම්බික් සාර්ථකත්වය පතුරුවා ලීම ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයේ අපේක්ෂාවයි‘‘ මෙම සමාගම මේ රටට පැමිණීමත් සමගම වත්මන් රජයේ බලධාරීන් ඒ සම්බන්දව නිකුත් කල එක් අදහසක් පමණකි ඒ. මුදල් සෙවීමට ඕනෑම නිර්ලජ්ජිත වැඩක් කරන සමාගම් නිරන්තරයෙන්ම සොයනුයේ ඔවුන්ගේ අදහස් වලට සමාන පාලනයක් ඇති රටක්ය.
ශ්‍රී ලංකාවේ රත්පුර ප්‍රදේශයේ මැණික් ආකර කැණීම සඳහා නුදුරේදී ඒමට නියමිතව සිටින්නේ මොසැම්බික් ජනරජය තුළ මිනීමරු කොල්ලකාරී සාර්ථකත්වයක් අත්පත් කරගත් ජෙම්ෆීල්ඩ්ස් සමාගමයි.
ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ගේ පළමු කාර්යය සුපුරුදු පරිදිම 2014 දී පිහිටුවන ලද බවට වාර්තාවන ‘‘ඊස්ට් වෙස්ට් ජෙම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම‘‘ හා එක්වී ඒ වසරේම හවුල් ව්‍යාපාරයක් පිහිටුවාගැනීමයි. ‘ජෙම්ෆීල්ඩ්ස් සමාගම ම පවසන පරිදි‘ ලංකාවේ පතල් කැනීම් බලපත්‍ර දහසයක 75% ක අයිතිය සතුවිය යුතුය. ඔවුන්ගේ හවුල් ව්‍යාපාරය දිවයිනේ මැණික් කර්මාන්තය සඳහා ‘රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් පුද්ගලික සමාගම‘ නම් සමාගම පිහිටුවාගෙන තිබේ. මෙම ‘රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් පුද්ගලික සමාගම‘ට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය මේ වන විටත් ලැබී ඇත. රත්නපුර ලංකා ජෙම්ස්ටෝන්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ලියාපදිංචිය පස්වැනි මහල, බටහිර අටල්ල, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, කොළඹ ලෙස සඳහන්ව තිබේ. ඉන් අදහස් වන්නේ මේ රටේ පාලනය විසින් එයට අවශ්‍ය නෛතික බලය මේ වන විටත් ලබා දී ඇති බවය.
මොසැම්බික් ජන රජයේ පමණක් නොව මියැන්මාරයේ ද සිදු වූයේ මේ හා සමාන අභාවාචක අත්දැකීම්ය. අප රටේ මැණික් සම්පත යනු අපට උරුම දෙයකි. එයින් වාර්ෂිකව රුපියල් මිලියන 500 කට අධික දැවැන්ත ආර්ථික ශක්තියක් මෙරටට ලබා දේ. ඒ වටා ගොනු වී ඇති රක්ෂා පදනම් කරගනිමින් පවුල් දහස් ගණනක් තම ජීවිකාව රැකගනී. එබැවින් අප රට තුල බහුජාතික සමාගම විසින් කොල්ලකෑමට සැරසෙන අපේ මැණික් සම්පත කෙසේ හෝ රැකගත යුතුය
– නිරෝෂා අබේරත්න
(මෙම ලිපිය හැකිතාක් share කරන්න )