මුස්ලිම් පාසලකුත් හදලා දෙන්නම්..ගෝඨාව 25% ට උ&

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආයෙම කියන්නේ.....


    සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
    එක අවුල්ද?


    මද්‍රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
    ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......

    Madakalapuwath wishwa widyalayak pren.
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සීයට 25ක්වත් නොදී ප්‍රශ්න කියන් එන්න එපා ! - සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද මුස්ලිම් ඡන්දත් කඩයි :lol:

    ඊයේ (08) දිනයේ සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වූ, තමන් මහනුවර මුස්ලිම් නියෝජිතයින් අමතන රැස්වීමේදී තමන් ප්‍රකාශ කළේ මුස්ලිම් ජනතාව සියයට විසි පහක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ප්‍රකාශ නොකරන්නේ නම් ඔවුන්ගේ ඉල්ලීම් රැගෙන තමන් හමුවට නොපැමිණෙන ලෙස බව මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසයි.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

    "අද දිනයේ සමාජ මාධ්‍ය ජාලවල බ්‍රෝ කියන පිටුවක සහ තවත් පිටු කිහිපයක සඳහන් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාට මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද තියෙන්නෙ 10%යි ඒක 25% දක්වා වැඩිකරලා දෙන්න කියලා මුස්ලිම් ජනතාවට පාසලක් හදලා දෙනවා කියලා ප්‍රකාශයක්. මේක මේ බ්‍රෝ කියන පිටුව මඟින් තමයි කරන්නෙ පහුගිය කාලෙ පුරාම මේ මඩ ප්‍රචාරය අරගෙන ගියා.

    මම ඒකෙ පැහැදිලිව කියන්නෙ, පසුගිය පළාත් පාලන මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව අපට ඡන්දෙ දුන්නෙ 10%යි. නමුත් තමුන්නාන්සෙලා අපි ගාව වැඩ කරවාගන්න එනවා. ඒනිසා 25%ක්වත් අපට ඡන්දෙ දෙන්නෙ නැතුව මගෙ ළඟට එන්න එපා ! අපට ඔබේ ප්‍රශ්න කියන්න එපා ! කියන එක තමයි මම මුස්ලිම් ජනතාවට කිව්වෙ. ඒ සම්පූර්ණ කතාවෙදි මම එහෙම තමයි සඳහන් කරලා තියෙන්නෙ.

    image_737e99d222.jpg


    ඒ අවස්ථාවේදී එක මන්ත්‍රීවරයෙක් කිව්වා අපට ඉගන ගන්න මුස්ලිම් අයට පාසලක් නෑ කියලා. මං කිව්වා පාසලක් හදලා දෙන්නම්, තමුන්නාන්සෙලා ඉස්සෙල්ලා ඡන්දෙ දෙන්න. දිනන අපේක්ෂකයාට ඡන්දෙ දෙන්න කියලා කිව්වා. මේක කපලා වෙනස් කරලා විකෘති කරලා හදලා තියෙනවා. මම මීට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙනුයි ඒ මහතා එහිදී සඳහන් කරන්නේ.

    මෙයින් පැහැදිලිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුස්ලිම් ප්‍රජාව වෙත කරන්නේ විවෘත තර්ජනයකි. ගෝඨාට ඡන්දය නොදෙන්නේ නම් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ඔහුට කියන්නට නොඑන ලෙස මහින්දානන්ද මහතා සෘජුවම තර්ජනය කරයි. මෙවැනි තර්ජනයක් ඉදිරියේ නියාළු වෙමින් තවත් ගෝඨාටම ඡන්දය දෙන්නට ආත්ම ගෞරවයක් ඇති කිසිම මුස්ලිම් ජාතිකයකුට හැකියාවක් නැත.

    ඒ අනුව පළමු වටයේදී සිංහල ඡන්ද කැඩූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙවැනි වටයේදී ගෝඨාට තිබුණු 10%ක මුස්ලිම් ඡන්ද ප්‍රමාණයත් කඩා ඇති බව පෙනේ. මේ, එළුවාගේ ගෙලත් කපා මුට්ටියත් බිඳින මහදැනමුත්තාගේ ක්‍රමවේදයයි.

    මෙවැනි මිතුරන් සිටිනා විට ගෝඨාභය රාජපක්ෂ මහතාට පිටින් සතුරන් නම් අවශ්‍ය නැති බව ඉතාම පැහැදිලිව කිව හැකිය.



    https://www.lankanewsweb.net/sinhal...හල-ඡන්ද-කැඩූ-මහින්දානන්ද-මුස්ලිම්-ඡන්දත්-කඩයි
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙයින් පැහැදිලිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුස්ලිම් ප්‍රජාව වෙත කරන්නේ විවෘත තර්ජනයකි. ගෝඨාට ඡන්දය නොදෙන්නේ නම් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ඔහුට කියන්නට නොඑන ලෙස මහින්දානන්ද මහතා සෘජුවම තර්ජනය කරයි. මෙවැනි තර්ජනයක් ඉදිරියේ නියාළු වෙමින් තවත් ගෝඨාටම ඡන්දය දෙන්නට ආත්ම ගෞරවයක් ඇති කිසිම මුස්ලිම් ජාතිකයකුට හැකියාවක් නැත.//

    "මගේ ඡන්ද වැඩවලට ආවේ නැති අය පෝලිමේ ඉන්න එපා. කරුණාරත්න මේ ඔක්කොම පෝලිම් බූත්වල හිටිය අය නේද?" එතකොට තොපි සිංහලු රෙදි ගලවලාද සජිත්ට කඩේ යන්නේ රස්සා හිගා කන්න. ඕ ලෙවල් ෆේල් ගෝතයෙක්ගේ පෝස්ටර් අලවලා, හුරේදාලා උගේ ඉස්සරහා පෝලිම් ගැහිලා ඉන්නවා රස්සා ගන්න. කැ* ආත්ම ගෞරවේ.:rofl::rofl::rofl::rofl::rofl:
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මෙයින් පැහැදිලිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුස්ලිම් ප්‍රජාව වෙත කරන්නේ විවෘත තර්ජනයකි. ගෝඨාට ඡන්දය නොදෙන්නේ නම් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ඔහුට කියන්නට නොඑන ලෙස මහින්දානන්ද මහතා සෘජුවම තර්ජනය කරයි. මෙවැනි තර්ජනයක් ඉදිරියේ නියාළු වෙමින් තවත් ගෝඨාටම ඡන්දය දෙන්නට ආත්ම ගෞරවයක් ඇති කිසිම මුස්ලිම් ජාතිකයකුට හැකියාවක් නැත.//

    "මගේ ඡන්ද වැඩවලට ආවේ නැති අය පෝලිමේ ඉන්න එපා. කරුණාරත්න මේ ඔක්කොම පෝලිම් බූත්වල හිටිය අය නේද?" එතකොට තොපි සිංහලු රෙදි ගලවලාද සජිත්ට කඩේ යන්නේ රස්සා හිගා කන්න. ඕ ලෙවල් ෆේල් ගෝතයෙක්ගේ පෝස්ටර් අලවලා, හුරේදාලා උගේ ඉස්සරහා පෝලිම් ගැහිලා ඉන්නවා රස්සා ගන්න. කැ* ආත්ම ගෞරවේ.:rofl::rofl::rofl::rofl::rofl:

    :oo:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ආයෙම කියන්නේ.....


    සහිරා එක මුස්ලිම් ඉස්කෝලයක්........
    එක අවුල්ද?


    මද්‍රසා එකක් නෙවෙයි නේ දෙනවා කියන්නේ.....
    ඇයි මේ ලෝන්තයෝ සෙට් එකක් සරම් කරේ තියාගෙන.......

    Marai bung ubala dan ara shariya uni alan ubala marenna haduwa..ube mae tharke api ae shariya uni implement karana da?
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    what the hell did i just watch ? these politicians are using religion for their benefit. schools should be national schools. no school should be based on religion.
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ගෝඨා කෝපයෙන්. මහින්දානන්ද බයෙන් සහ ශෝකයෙන් ....

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මහනුවර නගරය තුළ අලුතින් මුස්ලිම් පාසලක් ඉදිකරදෙන බවට පොරොන්දුවක් ලබාදීමත් එය සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වීමත් සමඟ 25%ක් හෝ ඡන්දය ලබානොදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයකින් කිසිවක් ඉල්ලීමට නොඑන ලෙස මුස්ලිම් ප්‍රජාවට තර්ජනය කිරීමත් පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි කෝපයට පත්ව සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි.

    අවසන් දින කිහිපය තුළ තමන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට හානිදායක ප්‍රකාශ කිහිපයක්ම පොහොට්ටුවේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයින් වෙතින් නිකුත් වීම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා කණස්සලෙන් පසුවී ඇති අතර ඊයේ (09) දිනය වනවිට ඒ සියල්ල මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ කරපිටින් ගොස් තිබේ.



    මාස දෙකකටත් පෙර සිටම ඉතාම ක්‍රමානුකූලව සහ විශේෂඥ උපදෙස් මත තමන් ප්‍රචාරණ ක්‍රියාවලින් සැලසුම් කර තිබියදී ඒ සියල්ල පසෙකලා සමාජ අවධානය වෙනතක යොමු කරමින් ආන්දෝලනයන් ඇති කරන පොහොට්ටු ක්‍රියාකාරිකයින්ට සහ විශේෂයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අභ්‍යන්තර කවයේ සාමාජිකයින් සමඟ දැඩි කෝපයෙන් යුතුව බැනවැදී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් අනතුරුව පිහිටුවට නව රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට නොලැබෙනු ඇති බවට පක්ෂය තුළම ආරංචියක් පැතිර ගොස් ඇති නිසා මහින්දානන්ද මහතා ද බියෙන් සහ ශෝකයෙන් පසුවන බවත් ඒ මහතාට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.


    https://www.lankanewsweb.net/sinhal...ඨා-කෝපයෙන්--මහින්දානන්ද-බයෙන්-සහ-ශෝකයෙන්-----