මූලික ගිටාර් දැනුම 

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ela bro
    11.gif

    keep it up
    +
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    lead guitarist කෙනෙක් වෙන්න ආස අයට අභ්‍යාස


    දීල තියෙන අභ්‍යාස එකින් එක practice කරන්න.මුලින් අඩු වේගයකින් පටන් අරගෙන පස්සේ speed එක වැඩි කරන්න.දවසකට අවම වශයෙන් පැයක් දෙකක් වත් practice කරන්න වෙයි.එහෙම නැතුව නම් මේ කලාව ඉගෙන ගන්න අමාරුයි.ඒක නිසා මහන්සි වෙලා practice කරන්න.


    1)
    lead.jpg


    මේක තමයි අභ්‍යාසය.කට්ටිය කලබල වෙන්න එපා.‍අමාරුයි වගෙ පෙනුනට මේක සරලයි.කලින් අභ්‍යාසයේ වගේ 6වෙනි string එකෙන් පටන් ගන්න(1-->2-->3-->4).ඊට පස්සේ ඒ ඇගිලි හසුරවපු ආකාරයටම 5වෙනි string එකෙ දෙවෙනි fret එකේ ඉදලා පටන් ගන්න.ඊට පස්සේ 4වෙනි string එකෙ තුන්වෙනි fret එකෙන් පටන් ගන්න.මේ විදියට 1වෙනි string එකත් ඉවර කරන්න.ඊට පස්සෙ තමයි ටිකක්

    අමාරු.දැන් ආපස්සට යන්න ඕනෙ.හැබැයි ඇගිලි හසුරවන විදිය වෙනස්.ඒ කියන්නෙ 4-->3-->2-->1 ආකාරයට තමයි ආපස්සට යද්දි ඇගිලි හසුරවන්න ඕනෙ.මේ විදියට දිගටම කරන්න.

    මතක තියාගන්න.ආරම්භයේදි ඉතා සෙමින් පටන් ගන්න.පස්සේ speed එක වැඩි කරන්න.ටිකක් ඉවසීමෙන් කරන්න ඕනෙ වැඩක් කියල තේරෙනවා ඇතිනෙ.....:)))
    ආහ්....තව දෙයක්....පල්ලෙහා සදහන් කරන දේත් අමතන කරන්න එපා.ඒක ඔබට පහසුවක් වේවි...

    වම් අතේ ඇගිලි fret board එක මත හැසිරවීම පහසු කරගන්න නම් පහත අයුරින් guitar neck එක අල්ලන්න ඕනෙ.

    neck-right1.jpg


    මේ විදියට අල්ලන්න එපා.එතකොට ඇගිලි හසුරවන්න ටිකක් අමාරුයි

    neck-wrong1+copy.jpg


    2)මේ අභ්‍යාස‍යත් සරල එකක්.පලවෙනි පියවර තමයි මේ image එකෙන් පෙන්නන්නෙ..

    lead+1+copy.jpg


    මේකෙදි මුලින්ම 1වෙනි string එකෙන් පටන් ගන්න.මෙහිදී (දකුණත් වාදකයෙක්ට නම්) 4වෙනි ඇගිල්ල භාවිතා වෙන්නෙ නැහැ.ඇගිලි හසුරවන්න ඕනෙ 1-->2-->3-->3 යන ආකාරයට.එනම් 3වෙනි ඇගිල්ලෙන් string එක අල්ලලා දෙපාරක් play කරන්න ඕනෙ..

    දැන් පල්ලෙහා image එක බලන්න...

    lead+11.jpg


    lead+11.jpg



    මේ තියෙන්නෙ ඊළග පියවර.කට්ටියට තේරෙනව ඇතිනෙ වැඩේ වෙන්නෙ කොහොමද කියලා.ඔය විදියට 1වෙනි string එකෙ පල්ලෙහාට වෙනකන් play කරන්න.ඊට පස්සේ ඒ විදියටම 2වෙනි string එකත් play කරන්න.ඔය විදියට strings හයම play කරන්න.මේක හුරු වුනාම ගොඩක් දුරට අපිට fret board එක හුරුවෙනවා.මේකෙදිත් කියන්න ඕනෙ මුලින් හිමීට පටන් අරන් පස්සෙ speed එක වැඩි කරන්න.

    දැන් තේරෙනවා ඇති ඇගිලි හුරුකර ගැනීමේ අභ්‍යාස කොහොමද පුරුදු වෙන්නේ කියලා.මේ අභ්‍යාස ටික ප්‍රගුණ කරාම ඕගොල්ලන්ටත් පුලුවන් රටාවකට අනුව තමන්ටම කියලා අභ්‍යාස ටිකක් හදාගන්න.මතක තියාගන්න.රටාවක් තියෙන්න ඕනෙ.නිකං එහෙ මෙහෙ ඇගිලි හසුරවලා වැඩක් නැහැ.රටාවකට අනුව play කරන්න පුලුවන් අභ්‍යාස ටිකක් හදාගන්න.

    ඒ වගේම තමයි,, ආධුනිකයෙක්ට මුලින්ම මේ අභ්‍යාස කරද්දි නිතරම fret board එක දිහා බලාගෙන ඉන්න වෙනවා.ඒක මුලදි අවුලක් නැහැ.නමුත් ඔබ පරිනත වෙද්දි හැකි තරම් fret board එක දිහා නොබලා play කරන්න උත්සහ කරන්න.එවිට ඔබට ආත්ම විශ්වාසයෙන් ගිටාරය play කරන්න හැකියාව ලැබේවි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගිටාර් එකක් තිබ්බට අල්ලන්නවත් දන්නේ නැහැ බන්.
    මේක මට වටිනවා. තැන්ක්ස් මචන්.
    You must spread some Reputation around before giving it to damii87 again
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    Rhythm guitarist

    Rhythm play කරන අය නම් දන්නවා ඇති,,,,Rhythm වාදනය කිරීම ඇත්තටම පසුබිම් වාදනයකට සමාන කරන්න පුලුවන්.ඒකෙදි සිද්ධ වෙන්නේ ගායනයට සහ ගීතයට අදාල chords ගිටාරය මගින් වාදනය කිරීමයි. Keyboard(organ) player කෙනෙක්ට වුනත් මේ chords play කරන්න පුලුවන්.නමුත් ගිටාරයකින් play කරද්දි ඒක ගීතයට අමුතු ගතියක් එක්කරනවා. ඇත්තටම box ගිටාර් එකකින් rhythm play කිරීම වඩාත් උචිත වෙන්නෙ acoustic play කරද්දි.ඒ කිව්වේ electronic instruments නැතුව play කරන අවස්ථා වලදි.නමුත් එහෙම සීමා කිරීමක් නම් නැහැ


    rhythm+guitar1.jpg


    basic guitar chords

    වෙනස් ගිටාර් chords ඉතා විශාල ප්‍රමාණයක් ලෝකයේ භාවිතා වෙනවා. Major chords, minor chords, seventh(7th) chords, sustained chords .... ඒ අතරින් ප්‍රසිද්ධ වර්ග කිහිපයක්. මේ හැම එකක්ම වෙන වෙනම ප්‍රගුණ කරන එක තමයි වඩා උචිත. ඒක නිසා අපි ආරම්භයක් විදියට major chords
    ගැන පොඩ්ඩක් හදාරමු.පොඩ්ඩක් කිව්වට සම්පූර්ණයෙන්ම හදාරන්න වෙනවා. Major chords නැතුව මොන rhythm ද...

    c+major.jpg


    මේ විදියට guitar chord එකක් නිරූපණය කරනව නම්,,ඒක major chord එකක් විදියට අපි play කරන්න ඕනෙ.උදාහරණයක් විදිහට පල්ලෙහා image එක බලන්න.

    notation.jpg


    'Em', 'Bm' කියල සදහන් වෙන්නෙ minor chord එකක් play කරන්න ඕනෙ කියලයි. ඒ ‍වගේම තමයි 'G7' කියන්නෙ7th chord එකක් play කරන්න ඕනෙ කියලයි.අනෙක් හැම වෙලාවෙම play කරන්නෙ major chords.හරි මම ඒ පැහැදිලි කරල දුන්නෙ major chord එකක් අදුරගන්න ආකාරය.
    ඊලගට තියෙන්නෙ, major chords ‍කීයද?,, ඒ මොනවද? කියල හදාරන එකයි. rhythm play කරද්දි major chords හතක් පාවිච්චි කරනවා. ඒ තමයි ප්‍රධාන ස්වර හත. C, D, E, F, G, A, B. Keyboard එකක් play කරල තියෙන අය දන්නවා ඇති වෙනස් chords play කරන කොට ඇගිලි හසුරවන ආකාරයත්,,තබන ස්ථානයත් chord එකෙන් chord එකට මාරු වෙනවා. ඉතින් ගිටාරයෙත් ඒ වගේම තමා.ප්‍රශ්ණෙකට තියෙන්නෙ keyboard එකක chords අල්ලන එක ලේසි,,guitar එකක chords අල්ලන එක ටිකක් අමාරුයි. හැබැයි පුරුදු වුනාම නම් කෝකත් එකයි

    major chords හත

    C major

    C+major.jpg


    D major

    D+major.jpg


    E major

    E.jpg


    F major

    F+major.jpg


    G major

    G+major.jpg


    A major

    A+major.jpg


    B major

    B+major.jpg


    දැන් කරන්න තියෙන්නෙ මේ chords ටික practice කරන එකයි.සමහර chords play කරද්දි අපි ගිටාර් එකේ කම්බි හයම වාදනය කරන්නේ නැහැ. සමහර කම්බි අපි play කරන්නෙ නැහැ.උදාහරණයක් විදියට D major chord එක play කරන කොට අපි පාවිච්චි කරන්නේ 1,2,3 සහ 4 කම්බි විතරයි. ඒ වෙලාවට අනෙක් කම්බි දෙක (5 සහ 6) play කරන්නෙ නැහැ. නමුත් ඔබ ආධුනිකයෙක් නම් මුලින්ම කරන්න ඕනෙ අදාල ගිටාර් chord එක practice කරන එකයි. ඔයගොල්ලන් කරන්න ඕනේ මේ chords වලට හුරු වෙන එක.ඒක නිසා කැමති නම් ගිටාර් chord එක අල්ලන ගමන් කම්බි හයම වුනත් play කරන්න.Chord එකට හුරුවුනාට පස්සෙ ඒ වැරදි හදාගන්න පුලුවන්.පල්ලෙහා image එකත් වැදගත් වෙයි මම හිතන්නෙ වම් අතින් chords අල්ලන අයට...

    hand+notation.jpg


    මේක කියන තරම් නම් ලේසි නැති වෙන්න පුලුවන්. නමුත් පුහුණු වීම තමයි අවශ්‍ය. අවශ්‍ය නම් You tube එකේ තියෙන video tutorials වුනත් උපකාරී කර ගන්න.
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    Major guitar scales

    මෙක guitarist කෙනෙක්ට වැදගත් වෙන එකක්. මොකද guitar scales කියන්නේ fret board එකට හුරුවෙන්න තියෙන පහසුම ක්‍රමයක්. ඒක නිසා rhythm guitarist කෙනෙක් වේවා,,lead guitarist කෙනෙක් වේවා,, කවුරු වුනත් guitar scales ගැන දැනගන්න එක ගොඩක් වැදගත්.

    guitar-scales-c-major.jpg



    ඇත්තටම scales play කරන එක එක්තරා ආකාරයකට අභ්‍යාසයක් විදියටත් නම් කරන්න පුලුවන්. හේතුව තමයි scales ප්‍රගුණ කිරීමෙන් අපිට වම් අතේ ඇගිලි( දකුණත් වාදකයන්ට) හුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. වි‍ශේෂයෙන්ම අපේ සුළැගිල්ල හුරු කර ගන්න සමහර scales ගොඩක් උපකාරි වෙනවා.සුළැගිල්ල හුරු නැති වීම ගොඩක් අයට ප්‍රශ්ණයක්නෙ.උදාහරණයක් විදියට G major scale එක නම් කරන්න පුලුවන්.

    එහෙනම් කිව්වා වගේම C major scale එකෙන්ම වැඩේ පටන් ගමු. මොකද C major scale එක ගොඩක් අයට අහල පුරුදු එකක්. Guitar එකෙන් play කරද්දි තම තමන්ට හදුනගන්න පුලුවන්. සරලව කියනවනම් අපේ කනට පුරුදු "ස,රි,ග,ම,ප,ධ,නි,ස" C major scale එකේ play කරන එක තමයි මේකේදි වෙන්නෙ. දැන් බලනව ඇති මොකක්ද මේ C major scale එකේ play කරනවා කියන්නේ කියලා. ඒකේ අදහස තමයි අපිට වෙන scale එකක වුනත් "ස,රි,ග,ම,ප,ධ,නි,ස" play කරන්න පුලුවන්. හැබැයි sound එක වෙනස්. Music කරල තියෙන අය නම් දන්නවත් ඇති. Music කලේ නැති වුනාට අවුලක් නැහැ. Guitar එකෙන් වෙන වෙනස් scales play කරද්දි ඉබේටම වෙනස තේරෙනවා.

    Scales play කරන්න කලින් දැනගන්න සහ කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා.මුලින්ම basics ටිකක් දැනගන්න. මුලිකම දේ තමයි ගිටාර් එක tune වෙලා තියෙන්න ඕනෙ. නැත්තම් scale එකට අදාල sound එක එන එකක් නැහැ.

    අපි පළවෙනි scale එක play කරමු. ඒ කියන්නේ C major scale එක. C major scale එකේ සරලම ආකාරය තමයි අපි මුලින්ම ඉගෙන ගන්න ය‍න්නේ. මේකේදි notes 8ක් play වෙනවා. ඒ කිව්වේ මම කලින් කිව්ව වගේ "ස,රි,ග,ම,ප,ධ,නි,ස" කියන notes අට. පල්ලෙහා images බලන්න..

    C Major Scale

    1st note :- ඇගිලි වලට අදාල අංක මතන ඇතිනේ. 1st note එකේදී වෙදැගිල්‍ලෙන්( ring finger)න තමයි note එක අල්ලන්න ඕනෙ.

    C-1.jpg


    2nd note :-

    C-2.jpg


    2 වෙනි note එකේදී අපි fret board එක මත ඇගිලි තියන්නේ නැහැ. මේකෙදි වෙන්නේ ගිටාර් එකේ 4වෙනි string එක open play කරන එක.ඒක නිසා තමයි උඩ image එකේ 4 වෙනි string එකට උඩින් "O" අකුර(open) තියෙන්නේ.මම හිතන්නේ ඒක හැමෝටම තේරෙනවා ඇති.

    3rd note :-

    C-3.jpg


    4th note :-

    C-4.jpg


    5th note :-

    C-5.jpg


    6th note :-

    C-6.jpg


    7th note :-

    C-7.jpg


    8th note :-

    C-8.jpg


    මේ ටික තමයි C major scale එකට අදාල notes ටික.මේ රටාව repeat කරන්න. එතකොට මේ scale එකේදී ඇගිලි 3ක් පාවිච්චි වෙනවා.ඒ කියන්නේ 1,2,3 කියන ඇගිලි. මේකෙදි සුළැගිල්ල පාවිච්චි වෙන්නේ නැහැනෙ. ඒකට G major scale එක පුරුදු වුනාම හරි. මුලින්ම C major scale එක practice කරන්න. මතක තියාගන්න images වල තියෙන අංක වලට අදාල ඇගිලි විතරක් පාවිච්චි කරන්න. නැත්තම් මේකෙ ඇගිලි හුරු කර ගැනීමේ අභ්‍යාසයෙන් වැඩක් නැති වෙනවා.

    මේක practice කරන්නෙ මෙහෙමයි. Notes 8 නැවත නැවත play කරන්න ඕනෙ.මුලින්ම fret board එක මත ඇගිලි තියන රටාව පුරුදු වෙන්න. ඔබ ආධුනිකයෙක් නම් ඒ ක්‍රමය ඔබට පහසු වේවි. ඊට පස්සේ note එක play කරන්න. දෙකම එක් පාර කරන එක මුලදි අමාරු වේවි.මතක තියාගන්න මුලින් හිමින් play කරල රටාව පුරුදු වෙන්න.පස්සේ speed එක වැඩි කරන්න." No pain, No gain" කියල කතාවක් තියෙනවා නෙ. මේක එක දවසෙන් කරන්න බැරි වෙන්න පුලුවන්. ඒක නිසා ටික දවසක් යනකල් practice කරන්න වේවි. එක දවසකට අවම වශයෙන් පැය භාගයක්වත් play කලොත් නම් හොදයි
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    G major scale

    සුළැගිල්ල හුරු නැති අයට මෙය ගොඩක් වැදගත් වේවි. හේතුව තමයි G major scale එකේදි එක note එකක සුළැගිල්ල පාවිච්චි වෙන නිසා.


    G major scale එකට අදාල notes ටික බලල ඉමු.කලින් කිව්ව වගේම G major scale
    එකෙත් play වෙන්නේ "ස,රි,ග,ම,ප,ධ,නි,ස" කියන notes අටම තමයි. හැබැයි වෙනම pitch එකක තමයි play වෙන්නෙ. එහෙනම් පල්ලෙහා images බලන්න.

    1st note :-

    G-1.jpg


    2nd note :-

    G-2.jpg


    3rd note :-

    G-3.jpg


    4th note :-

    G-4.jpg


    5th note :-

    G-5.jpg


    6th note :-

    G-6.jpg


    7th note :-

    G-7.jpg


    8th note :-

    G-8.jpg


    ඔය ටික තමයි G major scale එකට අදාල notes ටික. මේකත් කලින් කියපු C major scale එකට වගේ practice කරන්න. ඒ වගේම තමයි සුළැගිල්ල හුරු නැති අයට මේක හොද exercise එකක්.මොකද මේකෙදි 7 වෙනි note එකේදි සුළැගිල්ල පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම තමයි මේ scale එකේදි අපේ දබර ඇගිල්ල පාවිච්චි වෙන්නෙ නැහැ. ඒක නිසා රූප සටහනට අදාල විදියට පමණක් ඇගිලි භාවිතා කරොත් මේ exercise එකෙන් බලාපො‍රොත්තු වෙන ප්‍රතිඵල ලැබෙන්නේ.

    Scales දෙකම පුරුදු වුනාම තමන්ටම තේරෙයි scales කොච්චර වැදගත් ද කියලා. මේ scales දෙක වුනත් හොදටම ඇති තමන්ගේ හුරු නැති ඇගිලි හුරු කර ගන්න. ඒක නිසා නොකඩවා practice කරනව නම් වඩාත් හොදයි.